අන්තර්-පළාත් තරගාවලියේ දී මහනුවරට ජයග්‍රහණ දෙකක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර්-පළාත් ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර කණ්ඩායම ජයග්‍රහණ දෙකක් අත්කරගැනීමට සමත් විය. මහනුවර කණ්ඩායම ප්‍රථම තරගයේ දී තියුණු ගැටුමකින් පසුව ගාල්ල පරාජය කළ අතර, දෙවැනි තරගයේ දී ලකුණු 19කින් දඹුල්ල පරාජයට පත්කළේය.
මහනුවර කණ්ඩායමේ ළහිරු මධුශංඛ හා ළහිරු ගමගේ මේ තරග දෙකේ දී ම තුන් ඉරියව්වේ ම දස්කම් පෙන්වීය. මහනුවර නායක, චාමර කපුගෙදර, ගාල්ල සමග ලකුණු 44ක් ද දඹුල්ල සමග ලකුණු 102ක් ද රැස්කිරීමට සමත් විය. කපුගෙදර (102), හර්ෂ කුරේ (109), දසුන් ශානක (නොදැවී 121), සධීර සමරවික්‍රම (109) ළහිරු මිලින්ද (106), දිනේෂ් චන්දිමාල් (නොදැවී 116), යන පිතිකරුවන් හයදෙනා දැනට ශතක ලබා සිටිති. ගාල්ල කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර කොළඹ සමග පැවැති තරගයේ දී ලකුණු 29ක ට කඩුලු හතක් දවාලීමට සමත් විය. මහනුවර කණ්ඩායමේ ළහිරු ගමගේ, දඹුල්ල සමග ලකුණු 46ක ට කඩුලු 4ක් බිඳ දැමීය. දඹුල්ල කණ්ඩායමේ හර්ෂ කුරේ කොළඹ සමග ද ලකුණු 94ක් ලැබීය. ගාල්ල හා කොළඹ අතර තරගයේ දී දසුන් ශානක පන්දු 95ක දී හයේ පහර හතක්, හතරේ පහර හතක් සමග නොදැවී ලකුණු 121ක් ලැබීමේ හේතුවෙන් ගාල්ලට ඕවර 49ක දී කඩුලු 4ට ලකුණු 302ක් රැස්කිරීමට හැකි වූ අතර, කොළඹ පිල ඕවර 26.5ක දී සියලුදෙනා දැවී ලැබුවේ ලකුණු 114කි.
මහනුවර ලකුණු 19කින් දඹුල්ල පරාජය කළේ ය.
මහනුවර ඕවර 50 දී කඩුලු 7ට ලකුණු 350. චාමර කපුගෙරද 102, ළහිරු මධුශංඛ නොදැවී 90, රමිත් රඹුක්වැල්ල නොදැවී 52, දිල්රුවන් පෙරේරා 70ට 2යි, නුවන් කුලසේකර 72ට 2
දඹුල්ල ඕවර 48.5දී 3317. හර්ෂ කුරේ 109 කුසල් මෙන්ඩිස් 77, ළහිරු ගමගේ 46ට 4යි
ගාල්ල ලකුණු 188කින් කොළඹ පරාජය කරයි.
ගාල්ල ඕවර 49 දී කඩුලු 4ට 302යි.
දසුන් ශානක නොදැවී 121, දිමුත් කරුණාරත්න 86
කොළඹ ඕවර 26.5 දී සියලුදෙනා දැවී 114
කිත්රුවන් විතානගේ 26, තිසර පෙරේරා 25, මලින්ද පුෂ්පකුමාර 29ට 5යි, සුරංග ලක්මාල් 20 ට 2යි.
ගාල්ල හා මහනුවර අතර පැවැති උණුසුම් තරගයකින් පසුව මහනුවර කණ්ඩායම කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් අත්කරගත්තේ ය. මහනුවර කණ්ඩායමේ ළහිරු මධුශංඛ හා ළහිරු ගමගේ පිත්තෙන් හා පන්දුවෙන් පෑ විශිෂ්ට දස්කම් මහනුවර පිලට ජය ගෙන ඒමට මුල්විණි.
ගාල්ල කණ්ඩායම ඕවට 50ක දී කඩුලු 7ක ට ලකුණු 347ක් ලැබූ අතර, මහනුවර කණ්ඩායම ඕවර 42ක් නිමවනවිට කඩුලු 9ක් දැවී ලබා සිටියේ ලකුණු 274කි. අවසන් පිතිකරුවන් දෙදෙනා ළහිරු මධුශංඛ නොදැවී 49ක් ද, ළහිරු ගමගේ නොදැවී 38ක් ද ලබා තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියහ. පන්දු යැවීමේදී ළහිරු මධුශංඛ ලකුණු 61ට කඩුලු 3ක් ද, ළහිරු ගමගේ 77ට කඩුලු 2ක් ද දවාලූහ. දඹුල්ල සහ කොළඹ අතර පැවැති තරගයේ දී දෙපිලම ලකුණු 289 බැගින් ලබාගනිමින් තරගය විසඳුමකින් තොරව කෙළවර විණි.
ගාල්ල කණ්ඩායම සධීර සමරවික්‍රම පන්දු 104 ක දී ලකුණු 109ක් ලබාගැනීමට (4 x 13යි 6 x 1යි) සමත් විය. සමරවික්‍රම මීට පෙර අන්තර්-සමාජ තරගාවලියේ ද පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානයට පත් ව සිටියේ ය. මේ පිතිකරුවන් පිළිබඳව ජාතික කණ්ඩායම තෝරන නිලධාරීන් මීට වඩා අවධානයකින් පසුවිය යුතු වේ. මේ තරගාවලියට සහභාගි වන්නේ ගාල්ල, කොළඹ, මහනුවර හා දඹුල්ල කණ්ඩායම් ය. දඹුල්ල හා කොළඹ අතර තරගයේ දී ළහිරු මිලන්ත (106යි දඹුල්ල) හා දිනේෂ් චන්දිමාල් (නොදැවී 116යි කොළඹ) ශතක රැස්කිරීම ද විශේෂත්වයකි. දිනේෂ් චන්දිමාල් (කොළඹ), උපුල්තරංග (ගාල්ල), කුසල්පෙරේරා (දඹුල්ල) හා චාමර කපුගෙදර (මහනුවර) කණ්ඩායම්වල නායක්තව දරති. මේ තරගාවලියේ දී මූලික වටයේ තරග දාහතරක් කොළඹ දී හා දඹුල්ලේ දී පවත්වා අවසන් තරගය අප්‍රේල් 30 කොළඹ දී පැවැත්වීමට නියමිතයි. මෙහි වැඩිපුරම තරග ප්‍රමාණයක් දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වේ.
මහනුවර කඩුල්ලකින් ගාල්ල පරාජය කරයි.
ගාල්ල ඕවර 50 දී කඩුලු 7ට 347යි. සධීර සමරවික්‍රම 109, උපුල් තරංග 54, ධනංජය ද සිල්වා 40, දසුන් ශානක 40, චතුරංග ද සිල්වා 31, සචිත් පතිරණ 28, සීක්කුගේ ප්‍රසන්න 22, ළහිරු මධුශංඛ 103, ළහිරු ගමගේ 77ට 2.
- මහනුවර ඕවර 3 දී කඩුලු 9ට 349 හෂාන් දුමිඳු 76, චරිත් අකලංක 51, චාමර කපුගෙදර 44, ළහිරු මධුශංඛ නොදැවී 49, ළහිරු ගමගේ නොදැවී 38.
- දඹුල්ල–කොළඹතරගය සමවෙයි.
දඹුල්ල ඕවර 50 දී කඩුලු 6ට 289යි ළහිරු මිලින්ද 106, හර්ෂ කුරේ 94, කුසල් මෙන්ඩිස් 36, විශ්ව ප්‍රනාන්දු 48ට 2, තිසර පෙරේරා 63ට 2.
කොළඹ ඕවර 50 දී කඩුලු 7ට 289යි. මලිඳු හසරංග 84, ෂෙහාන් ජයසූරිය 47, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, දිල්රුවන් පෙරේරා 36 ට 2, තුසිත ප්‍රනාන්දු 59ට 2.
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-