How can Sri Lankan charities find international donors and partners?

ජාතික මට්ටමේ හා පාසල් මට්ටමේ පරතරය අඩු කළ යුතුයි – අසංක ගුරුසිංහ

- srilankacricket.lk

Thanathillen Pita1

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම සමග සන්සන්දනය කරන විට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හා ජාතික මට්ටම් අතර අද විශාල පරතරයක් ඇත.  ඒ අතරම, පාසල් ක්‍රිකට් තරග නැරඹීමට එන පිරිස අද සංඛ්‍යාත්මකව පහළම තත්ත්වයකට ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ නව කළමනාකරු, අසංක ගුරුසිංහ ප්‍රකාශ කරයි.  වසරේ මාස 12න් මාස අටක් දහයක් පමණම පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමත්, රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නැරඹීමට ක්‍රීඩාලෝලීන් වැඩි උනන්දුවක් දැක්වීමත් මත, තරග නැරඹීමට එන ප්‍රේක්ෂක සංඛ්‍යාවේ විශාල අඩුවක් දක්නට ඇතැයි ද ගුරුසිංහ ප්‍රකාශ කරයි.

Asanka Gurusinha

මීට හොඳම නිදසුනක් වන්නේ, පසුගිය සති හයක කාලයක් මුළුල්ලේපැවැති පාසල් “බිග් මැච්” (මහ ක්‍රිකට් තරග) සමයයි.  රාජකීය-සාන්ත තෝමස් තරගය හැරෙන්නට අනෙක් සියලුම මහා තරගවල ප්‍රේක්ෂක සංඛ්‍යාව පහළ මට්ටමක පවතින බව ක්‍රීඩාගාරවලට පිවිසෙන විට ම දක්නට ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, අසංක ගුරුසිංහ ප්‍රකාශ කරන්නේ, ඔහු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ 1975-85 කාලයේ ජාතික ක්‍රිකට් මට්ටමත්, පාසල් ක්‍රිකට් මට්ටමත් අතර එතරම්ම පරතරයක් නොතිබූ බවයි.  මා ක්‍රිකට් ක්‍රීඩා කළ කාලයට පෙරත්, මා ක්‍රීඩා කරන කාලයේත් ක්‍රීඩකයන් රැසක්ම පාසලෙන් කෙළින්ම ජාතික කණ්ඩායමට ඇතුලුවූවා.  රන්ජන් මඩුගල්ලේ, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම හා ගුරුසිංහ එවැනි කිහිපදෙනෙකි.  මහානාම හා ගුරුසිංහ බිහි වූයේ කොළඹ නාලන්දයෙනි.  අද ජාතික කණ්ඩායම හා පාසල් කණ්ඩායම අතර විශාල පරතරයක් ඇති හෙයින් පාසල් ක්‍රීඩකයෙකුට එකවර ජාතික පිලට ඒම බෙහෙවින් අසීරුයි.  ඇත්තටම, අද විය යුත්තේත් මෙම පරතරය අඩු කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම යැයි ගුරුසිංහ ප්‍රකාශ කරයි.  ගුරුසිංහ දැන් තේරීම් කමිටු සාමාජිකයෙකු ද වේ.

අසංක ගුරුසිංහ ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්වූයේ මීට මාස දෙකකට පෙර ය.  ශ්‍රී ලංකාවේ දින හතළිහක ක්‍රිකට් සංචාරයක නිරත වූ ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායමට මුහුණදීමට ගුරුසිංහ විසින් අප ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සාර්ථකව, කෙටි කාලයක් තුළ කරනු ලැබීය.  බංග්ලාදේශ් සංචාරයෙන් පසුව ගුරුසිංහ පසුගිය සති අන්තයේ (අප්‍රේල් 7) සති දෙකහමාරක කෙටි නිවාඩුවකට සිය පවුලට එක්වීමට නැවත ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර, මේ මස අවසානයේ සිට ඔහු නැවත මෙහි පෙරලා පැමිණ තම රාජකාරි කටයුතුවල නිරතවනුයේ ජුනි මස එංගලන්තයේ කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන චැම්පියන් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණිනි.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පාසල් හැරයන තත්ත්වයට පත් වූ විට, ඔවුන් ජාතික මට්ටමට ඒමට තරම් සුදුසුකම් ලබා සිටිනු දැකීම තම අභිප්‍රාය යැයි ද ගුරුසිංහ පවසයි.  හොඳින් පන්දු රැකීම හා ශාරීරික යෝග්‍යතාව හොඳින් පවත්වාගැනීම එන්නේ පාසල් වියේ සිටමයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව, නව සභාපති, තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වය යටතේ දැන් නිවැරදි මාර්ගයේ ගමන් කරනවා.  තමාට කණ්ඩායමේ කළමනාකාරිත්වයට ඒමට ලැබුණු ඇරියුම පිළිගත්තෙත් ඒ නිසාමයි.  හයිපර්බෆෝමන්සස් (උසස් තාක්ෂණික ප්‍රතිඵල) වැඩසටහන පිළිබඳව දැඩි ප්‍රසාදයකින් හා උනන්දුවකින් කතා කළ අසංක ගුරුසිංහ මේ ක්‍රමය පාසල් මට්ටමේ සිට ම හඳුන්වාදීමෙන් විපුල ප්‍රයෝජන ගතහැකි බව ද ප්‍රකාශ කළේය.

තමා ක්‍රීඩා කළ අවධියේ ලකුණු දහසක් ලැබීම, කඩුලු 50ක් ලැබීම වැනි දේ පාසල් ක්‍රිකට් වාරයක මාස තුන හතරක දී කිරීම අසීරු වුවත්, එවැනි දේ සිදුකර ජගත් මට්ටමට ගිය ක්‍රීඩකයන් සිටි බව ද ගුරුසිංහ ප්‍රකාශ කළේය.  වත්මන් පාසල් ක්‍රීඩකයන්ට ද මෙසේ ඉලක්ක ලබාදිය යුතු බවද, ඉන් නොනැවතී ඔවුන් ජාතික කණ්ඩායමට ඇතුලුවීමට තව තවත් උනන්දු කළ යුතු බවද ගුරුසිංහ පවසයි.  ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් පද්ධතිය අද ලෝකයේ ඇති හොඳම ක්‍රමයක් ලෙසට තමා හඳුන්වා දෙන බව පවසන ගුරුසිංහ, අද සිදුව ඇත්තේ පොඩි පසුබෑමක් බවත්, නැවත එය පෙර තිබුණු තත්ත්වයට ගෙන, දක්ෂයන් ජාතික තලයට ගෙනයාම අසීරු කාර්යයක් නොවන බවත් පවසයි.

එදත් අදත් අතර පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් වෙනසක් වන්නේ එදා ක්‍රීඩකයෙකුට ලකුණු 1000 සහ කඩුලු 100 ගැනීම ඉතා අසීරු කාර්යයක් වුවත්, අද තරග විශාල ප්‍රමාණයක් ඇති නිසා, මේ ඉලක්ක කරා පහසුවෙන් යා හැකි බවයි.  අවශ්‍ය වන්නේ, අධිෂ්ඨානය හා කැපවීමයි.  කෙනෙකු මෙම ඉලක්ක කරා ගිය පමණින්ම “මම ජාතික කණ්ඩායමට සුදුසු යැ” යි සිතිය යුතු නැත.  ඔවුන් ජාතික පිලට ඇතුලුවීමට විශාල ප්‍රයත්නයක් ද දැරිය යුතුයි.  ඊට හේතුව, පාසල් මට්ටම හා ජාතික මට්ටම අතර ඇති පරතරයයි.  අප ඉක්මනින්ම මෙම පරතරය නැති කළ යුතු යැයි ගුරුසිංහ අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අසංක ගුරුසිංහ ඒ පිටුපස සිටි දැවැන්තයකු විය.  ඔහු සහභාගි වූ තරග හයේ දී ලකුණු 307ක් රැස් කළේ 51ක ලකුණු සාමාන්‍යයක් ලබමිනි.  ඊට අර්ධ ශතක තුනක් ඇතුළත් වු අතර, එම තරගාවලියට සහභාගි වූ ලොව සියලු පිතිකරුවන් අතුරින් හයවන ස්ථානයේ පසුවිය.  ඔහු ප්‍රථම වරට එක්දින තරගයකට සහභාගි වූයේ 1985 නොවැම්බර් 3 වැනි දා පාකිස්තානය සමගිනි.  ඊට දින හතරකට පසුව, ඔහු තම ප්‍රථම ටෙස්ට් තරගයට පාකිස්තානය සමග කරච්චි හි දී සහභාගි විණි.

දැනට පණස් වන වියේ පසුවන අසංක ගුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යයක් ඉටුකළ හැකි වේ.  ඔහුට, අපි සුභ පතමු.

බන්දුල මොල්ලිගොඩ

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Oil slipped on Friday after prices spiked earlier on reports that Israel had attacked Iran as market fears of a major escalation to hostilities in the Mideast appeared to ease.

- adaderana.lk

State Minister of Finance Shehan Semasinghe says that the government is confident of reaching resolution with commercial creditors and the private bondholders which will enable Sri Lanka to be a debt sustainable country, as the engagements with them are underway.

- adaderana.lk

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says.

- adaderana.lk

Kenya s defence chief and nine other top brass died on Thursday in a military helicopter crash in a remote area of the country, President William Ruto said.

- adaderana.lk

Sri Lanka has participated in the Global Sovereign Debt Roundtable (GSDR) in Washington DC, which brings together debtor countries and creditors, in a bid to build greater common understanding among key stakeholders on debt sustainability, debt restructuring challenges and ways to address them.

- adaderana.lk

Samagi Jana Balawegaya (SJB) says that if the United National Party (UNP) supports Opposition Leader Sajith Premadasa in the upcoming presidential election, consideration may be given to offering a position to current President Ranil Wickremesinghe.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc