අන්තර් පළාත් සුපිරි තරගාවලිය දක්ෂයනට ජාතික කණ්ඩායමට ඇතුළුවිමට අවස්ථාවක්
ජුනි මස එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස දැන් මෙහි දී අන්තර් පළාත් හතරක් අතර පැවැත්වෙන සිමිත ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ තරග හතරක් අප්‍රේල් 9,10 හා 11 දිනවල කොළඹ දී පැවැති අතර, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අප්‍රේල් 20 සිට 30 දක්වා ඉතිරි තරග නවය පැවැත්වීමට නියමිතය. මේ තරග නවයෙන් හතක් ම දිවා/ රාත්‍රී තරගය. අවසාන තරගය ද අප්‍රේල් 30 දා ප්‍රේමදාස පිටියේ පැවැත්නේනේ දිවා 1 රාත්‍රී තරගයක් ලෙසිනි.
කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල කණ්ඩායම් හතර අතර පැවැත්වීමට නියමිත තරග 13න් දැනට පැවැති තරග හතරේ දී ජාතික කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවනට වඩා සෙසු පිතිකරුවන් කිහිප දෙනෙකු ලකුණු අතර සිටින බවක් දක්නට ලැබිණි. පිතිකරුවන් හය දෙනෙකු එහි දී ශතක වාර්තා කළ අතර දිනේෂ් චන්දිමාල් සහ චාමර කපුගෙදර ඒ අතර විය. ශතක ලැබූ අනෙක් පිතිකරුවන් වූයේ හර්ෂ කුරේ, දසුන් ශානක, සධීර සමරවික්‍රම හා ළහිරු මිලින්දය. දඹුල්ල කණ්ඩායමේ හර්ෂ කුරේ මහනුවර සමග ලකුණු 109ක් ද කොළඹ සමග ලකුණු 94ක් ද ලබා සාමාන්‍ය ලකුණු 101.5ක් හිමිකර ඉදිරියෙන් සිටී. ගාල්ල කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර කොළඹ සමග තරගයේ දී ලකුණු 29ක ට කඩුලු 5ක් ද ළහිරු ගමගේ (මහනුවර) ලකුණු 46ක ට කඩුලු 4ක් පන්දු යැවීමේ දී කැපී පෙනුණි. මහනුවර කණ්ඩායම් ළහිරු ගමගේ සහ ළහිරු මධුශංඛ තුන් ඉරියව්වේම කැපී පෙනුණි.
ඉහත දැක්වූයේ ප්‍රථම තරග හතරේ දී පමණක් ක්‍රීඩකයන් දැක් වූ දක්ෂතාය. අප්‍රේල් 30 දා අවසාන තරගයට පෙර අප්‍රේල් 27 දක්වා පැවැත්වෙන ඉතිරි තරග අටේ දී ක්‍රීඩකයන් දක්වන දක්ෂතා මත මේ තත්ත්වයන් සම්පූර්ණයෙන් ම වෙනස් වේ. ඕනෑම රටක දක්ෂ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තෝරා ගන්නේ තම රට තුළ පවතින ජාතික තරගාවලියන් තුළිනුයි. අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩකයනට ජාතික කණ්ඩායමට ඇතුළු වීමට අවස්ථාව දීම කණ්ඩායම තෝරන නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු විශේෂ කරුණකි.
ඉන්දියාවේ දැන් පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලිය නරඹන අයට දැකගත හැකි වනුයේ ඉන්දීය තරුණ හා ලාබාල ක්‍රීඩකයන් රැසක් ම සුවිශේෂ දස්කම් පාමින් ඉදිරියට ඒමට වෙර දරන බවය. අපගේ ක්‍රීඩකයන් ද මෙහි පැවැත්වෙන අන්තර් පළාත් තරගාවලියේ ඉතිරි තරග නවයේ දී උපරිම දක්ෂතා පෙන්වීමට උත්සාහ දැරිය යුතු වේ. තම දක්ෂතා පෙන්වීමට මෙය ඔවුනට ලැබී ඇති අනගිම අවස්ථාවකි.
කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල අතර පැවැත්වෙන මෙම අන්තර් පළාත් තරගිවලියට කණ්ඩායමකට ක්‍රීඩකයන් පසොළොස් දෙනා බැගින් ක්‍රීඩකයන් හැටක් නම් කර තිබේ. ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලාංකිකයන් වන ඇන්ජිලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා අසේල ගුණරත්න මෙහි අන්තර් පළාත් තරගාවලියට නම් කර නොමැති අතර ඔවුන් තිදෙනා දැනට නම් ඉන්දියාවේ දී දස්කම් පෙන්වා නොමැත.
අප්‍රේල් 20 වැනිදා කොළඹ දී පැවැත්වෙන කොළඹ – මහනුවර තරගයත් දඹුල්ලේ පැවැත්වෙන දඹුල්ල – ගාල්ල තරගයත් දිවා කාලයේ පැවැත්වෙන අතර ඉතිරි තරග නවයම දිවා/ රාත්‍රී තරග වේ.
ඉදිරියේ දී තරග පැවැත්වෙන දින හා ස්ථාන පහත දැක්වේ.
අප්‍රේල් 20 – කොළඹ – මහනුවර – එන්. සී. සී. පිටිය (සජීවි විකාශණය)
දඹුල්ල – ගාල්ල – රංගිරි දඹුලු ක්‍රීඩාංගණය
අප්‍රේල් 22 – ගාල්ල – කොළඹ – ආර් ප්‍රේමදාස පිටිය (දිවා/ රාත්‍රී) (සජීවි විකාශණය)
මහනුවර – දඹුල්ල – දඹුල්ලේ දී (දිවා/ රාත්‍රී)
අප්‍රේල් 24 – කොළඹ – දඹුල්ල – දඹුල්ලේ දී (දිවා/ රාත්‍රී)
මහනුවර – ගාල්ල – ආර්. ප්‍රේමදාස පිටිය (දිවා/ රාත්‍රී) (සජීවි විකාශණය)
අප්‍රේල් 26 – කොළඹ – මහනුවර – ආර්. ප්‍රේමදාස පිටිය (දිවා/ රාත්‍රී) (සජීවි විකාශණය)
අප්‍රේල් 27 – දඹුල්ල – ගාල්ල – ආර්. ප්‍රේමදාස පිටිය (දිවා/ රාත්‍රී) (සජීවි විකාශණය)
අප්‍රේල් 30 – අවසාන තරගය – ආර්. ප්‍රේමදාස පිටිය (දිවා/ රාත්‍රී) (සජීවි විකාශණය)
මේ තරගාලියේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධන (කොළඹ) හෂාන් තිලකරත්න (ගාල්ල) පියල් විජේතුංග (මහනුවර) සහ සුමිත්‍ර වර්ණකුලසූරිය (දඹුල්ල) යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෝය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-