ආශිර්වාද සුබපැතුම් මැද ලංකා පිල පිටත්වෙති
එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (18) උදෑසන පිටත්ව ගියේ මහා සංඝරත්නයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, ක්‍රීඩා ලෝලීන්ගේ හා ශ්‍රී ලංකා වාසීන්ගේ ආශිර්වාද දිරිගැන්වීම් හා උණුසුම් සුභ පැතුම් සමගිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයෙන් පිටත්ව යාමට පෙර මහා සංඝරත්නය ආශිර්වාද පිරිනැමුවේ පිරිත් සජ්ජායනා කරමිනි. සුභ පැතීමට පැමිණි සිටි පිරිස අතර ක්‍රීඩකයනගේ දෙමාපියන් නෑදැ හිතවතුන් ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරින් හා ක්‍රීඩා ලෝලීන ද විය.
එංගලන්ත සංචාරය පිළිබඳ මුවින්පික් හෝටලයේ දී බදාදා සවස පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් මේ ගිම්හාන සෘතුවේ දැනට පවතින දේශගුණික තත්ත්වය ශ්‍රී ලංකාවට හොඳින් ගැලපෙන හෙයින් ලංකා පිතිකරුවනට විශාල ලකුණු සංඛ්‍යාවන්ට යා හැකි යැයි තමා විශ්වාස කරන බව ප්‍රකාශ කළේය. “කණ්ඩායම්වල වාර්තාවන් සසඳන කළ අපට වඩා හොඳ වාර්තා ඇති කණ්ඩායම් සිටිනවා. අප සතු තරුණ කණ්ඩායම පසුගිය වසර දෙක පුරා සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. පසුගිය වකවානුවේ අපගේ දුර්වලතා දැන් අප සකස් කරගෙන සිටින හෙයින් යහපත් බලාපොරොත්තුවක් තැබිය හැකියි.
අප යථාර්ථවාදී ව සත්‍යයට මුහුණු දිය යුතුයි. අප එංගලන්.යට යන්නේ කුසලානය දිනාගත හැකි ප්‍රබලම කණ්ඩායම ලෙස නොවෙයි. අපේ පැත්තෙන් බලන විට මෙය අපට ප්‍රබලම තත්ත්වයකට පත් කිරීමට හැකි වේවි. ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රෙය් දක්ෂම ක්‍රීඩකයන් සමග ගැටෙන විට ඔවුන් අපේක්ෂා නොකරන දක්ෂතා අපගේ ක්‍රීඩකයනට පෙන්විය හැකි යැයි මාගේ විශ්වාසයයි. අපගේ කණ්ඩායම හොඳ ස්ථානයක පසුවන බව මාගේ විශ්වාසයයි.
එංගලන්තයේ දැන් පවතින මද වියළි කාලගුණික තත්ත්වය අපේ කණ්ඩායමට හොඳින් ගැලපේ. අප ඉනිම ගොඩනැගීම සාර්ථකව ඉටු කළහොත් ඕනෑම ප්‍රබල පන්දු යැවීමේ කණ්ඩායමක් දුර්වල කර විශාල ලකුණු ප්‍රමාණයකට ලංකා පිල ගෙන යා හැකි පිතිකරුවන් අප සතුව සිටිනවා.
පන්දු යැවීමේ දී ලසිත් මාලිංග හා නුවන් කුලසේකර ඔවුන්ගේ පළපරුද්ද හා දක්ෂතාවය උපයෝගි කරගෙන අවසාන ඕවර කිහිපයේ ලකුණු 20 – 25ත් තබා ගැනීම වැදගත්. අපගේ පන්දු රැකීම දැන් ඉතාමත් හොඳ තත්ත්වයක තිබෙන බව පැවසුවහොත් එය පිළි නොගන්න පුළුවන්. ඇත්තටම යථාර්ථය එයයි. දැන් අපට දක්ෂ පන්දු රැකීමේ කණ්ඩායමක් සිටිනවා යැයි ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් දක්වමින් පසුගිය වකවානුවේ ක්‍රීඩකයන් මුහුණ පෑ ආබාධ ඇතුළු හේතු කිහිපයක් මත ශ්‍රී ලංකාවට දක්ෂම කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබුණත් මේ සංචාරයට දක්ෂම ක්‍රීඩකයන් පිරිසක් ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කරුණක් යැයි ප්‍රකාශ කළේය.
පසුගිය දින කිහිපය තුළ ක්‍රීඩකයන් කැපවීමකින් හා අධිෂ්ඨානශීලිව පුහුණුව ලබා දුර්වලතා සකස් කර ගෙන අද ප්‍රබල තත්ත්වයක පසු වන්නේ යැයි ද සුමතිපාල මහතා පැවසීය.
ලසිත් මාලිංගට අන්තර් ජාතික පුහුණුව ලබාදීමේ අරමුණින් ඔහු ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලියේ ක්‍රීඩා කරවීමට අප ඔහුව දිරිමත් කළා. අපගේ අරමුණ ආබාධවලින් පසුව මාලිංග එහි දී ඕවර් 4ක් හොඳට යවා තව තවත් එය දියුණු කරවා ගැනීමයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට 2017 මැයි සිට 2018 මැයි දක්වා Bupa ජාත්‍යන්තර රක්ෂණ සමාගමේ රක්ෂණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමේ දී වෛද්‍ය පහසුකම් ලබාගැනීමටත් ආබාධයනට ලක්වන ක්‍රීඩකයන්ට එම කාලය තුළ වේතන සැපයීමත් සමාගම කටයුතු කරනවා යැයි කී සුමතිපාල මහතා සංචාරයට සහභාගි වන ක්‍රීඩකයනට සුබ පැතුම් ද එක් කළේය.
නායක ඇන්ජිලෝ මැතිව්ස් අදහස් දක්වමින් සතියක කාලයක් පල්ලේකැලේ ක්‍රිකට් විශිෂ්ඨත්වයේ කේනද්රයේ පුහුණුව නේවාසික කටයුතු මගින් ක්‍රිඩකයන් තුල කණ්ඩායම් හැගීම එකමුතුභාවය සටන්කාමී ක්‍රීඩා විලාසය දියුණු වී, පැවිති දුර්වලතා සකසා ගැනීමට අවස්ථාව උදා වූ බවත්, මේ අවස්ථාව ලබාදුන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන්නේ යැයි ද ප්‍රකාශ කළේය. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ප්‍රබල තත්ත්වයක පවතින හෙයින් යහපත් ප්‍රතිඵල ලබාදීමට ද අපේක්ෂා කරන්නේ යැයි ද මැතිව්ස් පවසයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ කීවේ මහනුවර දී ලැබූ පුහුණුවෙන් හා කණ්ඩායම නේවාසිකව සිටීමෙන් සැලසුම් කළ කාර්යයන් කාලයන් මනාව ඉටු වූ බවත්, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කණ්ඩායම සමග රැදෙමින් දුන් සහයට ස්තූතිවන්ත වන බවත්, ප්‍රකාශ කළේය. චැම්පියන් කුසලාන තරගාවලියේ දී ලංකා කණ්ඩායම හොදින් දස්කම් දක්වනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යැයි ද ගුරුසිංහ ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකා කණ්ඩායම මෙමස 21 හා 23 දිනවල ස්කොට්ලන්තය සමගත් 26 හා 30 දිනවල නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව සමගත් පුහුණු තරගවලට සහභාගි වෙති.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-