සූරියවැව ක්‍රීඩාංගණයේ යළි එක්දින ක්‍රිකට්

- srilankacricket.lk

වසර දෙකක කාලයකින් ජාත්‍යන්තර තරග පවත්වා නොමැති හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජූනි මස අවසානයට පෙර නැවත අලුත්වැඩියා කර ජූලි මස 6, 7, හා 10 දිනවල ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවන සිව්වන  හා පස්වන එක්දින තරග තුන පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඩිසයින් කන්සල්ටන්ට්ස් (පුද්ගලික) සමාගම (M/S Design Consultants (Pvt) Ltd) මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඇතුළු විධායක කමිටු නිලධාරීන් මැයි 21 දා ක්‍රීඩාංගණයේ කටයුතු පිරික්සීමට එහි නිරීක්ෂණ චාරිකාවක ද නියැළිණි.  ක්‍රීඩාංගණය අලුත්වැඩියා කර සීම්බාබ්වේ සමඟ එක්දින තරග තුන පැවැත්වීමෙන් පසුව දකුණු පළාතේ අන්තර් පාසල් අන්තර් ක්‍රීඩා සමාජ හා පළාත් තරග එහි පවත්වා ක්‍රීඩාංගණය සක්‍රීය කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අපේක්ෂා කරයි.

මේ ක්‍රීඩාංගණය යළි මූලික නඩත්තු කටයුතු සඳහා පමණක් දැනට රුපියල් මිලියන 18ක් පමණ වාර්ෂිකව ක්‍රිකට් ආයතනයට වැයවේ.  දැනට ක්‍රීඩාංගණය කිසිදු ආදායමක් නොලබයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන්නේ නැවත තරග සංවිධානය කිරීමෙන් උපයන මුදලින් ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට ඔවුනට අවස්ථාව සැලසීමය.

ජූනි මස 27 වැනිදා ශ්‍රී ලංකාව පැමිණෙන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග පහකට සහභාගිවීමට නියමිතය.  සූරියවැව දී පැවැත්වෙන තරග තුනම දිවා කාලයේ පැවැත්වෙන අතර, විදුලි ආලෝකය සඳහා වැයවන රුපියල් මිලියන දහයක පමණ මුදල ක්‍රීඩාංගණයේ අලුත්වැඩියාවට යෙදවීමට ද අපේක්ෂිතය.  ක්‍රීඩකයන් හතළිහකට නවාතැන් ගත හැකි නේවාසිකාගාරයක් ද මෙහි තැනේ.

මේ ක්‍රීඩාංගණය චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් 2011 සැප්තැම්බර් මස අක්කර 47 ක භූමි භාගයක ඉදිකර නිමකරන ලද්දේ සුරත් වික්‍රමසිංහ ඉදිකිරීම් හා උපදේශක සමාගමේ නිර්මාණයකට අනුවය.  2011 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිකළ මේ ක්‍රීඩාංගණයෙන් වඩාත්ම අපේක්ෂා කළේ වැසි සහිත කාලයන්හී දී දඹුල්ල ක්‍රීඩාංගණයේ මෙන් තරග සංවිධානය කිරීමය.

දිගින් හා පළලින් මීටර 100ක් වන මේ ක්‍රීඩාංගණයේ තිස් පන්දහසක පිරිසකට තරග නැරඹිය හැකිය.  දිවා – රාත්‍රී තරග පැවැත්වීමට විදුලි ආලෝකය සැපවූයේ 2010 වසරේදීය.  මෙහි තණතිලි සකස් කරන ලද්දේ රවී දිසානායකය.  තණමල්විල අන්තය හා සුරීයවැව අන්තය යනුවෙන් පැති දෙකකින් පන්දු යැවේ.

මේ ක්‍රීඩාංගණයේ ප්‍රථම එක්දින තරගය පැවැතියේ 2011 පෙබරවාරි මස ශ්‍රී ලංකාව සහ කැනඩාව අතරය.  අවසාන එක්දින තරගය වූයේ 2015 ජූලි මස පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයයි.

20-20 තරගද මෙහි පවත්වා තිබේ.  ප්‍රථම 20-20 තරගය 2012 ජූනි මස ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතරත්, අවසාන 20-20 තරගය 2013 අගෝස්තු මස ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතරත් සංවිධානය විය.  2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් ද මෙහි පැවැත්විණි.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත අලුත්වැඩියා කර දකුණේ ක්‍රිකට් ක්‍රීඩකයන්වෙත පිරිනැමීමෙන් දකුණු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රබෝධයක් ඇති වෙතැයි අපේක්ෂිතය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Chinese state energy giant Sinopec is pushing for greater access to Sri Lanka s market, where rival India is also seeking to expand its presence, as it looks to build its first fully-controlled overseas refinery, reflecting a change in the firm s global strategy to compensate for slowing demand growth at home.

- colombogazette.com

President Ranil Wickremesinghe appealed to the public not to back another ‘Aragalaya’. He said there is no need to create instability and force the economy to collapse. The President sought support to move forward and create a better Sri Lanka. He was speaking at the opening of the luxury hotel ITC Ratnadipa in Colombo. The […]

- colombogazette.com

Popular tutor and author Upul Shantha Sannasgala was arrested and later granted bail. Sannasgala was arrested for allegedly defrauding an individual of Rs. 1 million. He was later released on bail by the Welisara Magistrate’s Court. (Colombo Gazette)

- colombogazette.com

The luxury hotel ITC Ratnadipa was declared open by President Ranil Wickremesinghe in Colombo, Thursday. The flagship hospitality icon of ITC Hotels was inaugurated in the presence of Prime Minister of Sri Lanka, Dinesh Gunewardena, Indian High Commissioner to Sri Lanka Santosh Jha and Sanjiv Puri, Chairman and Managing Director, ITC Ltd, India. The luxury […]

- island.lk

‘ITC Ratnadipa Colombo’ the 352 room super luxury hotel was declared open by President Ranil Wickremesinghe today (25). ITC’s Hotel Group  one of India’s leading luxury hotel chains, is reported to have invested close to US $ 500 million through it’s subsidiary Welcom Hotels Lanka.

- adaderana.lk

Sri Lanka and Singapore have signed a Memorandum of Understanding (MoU) with a view to working together to promote the boating and yachting industries.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc