සංගක්කාර නැවතත් ජාත්‍යන්තර වාර්තා අතරට
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු කුමාර් වන සංගක්කාර නැවත වතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පොතට එක් ව සිටී. මෙවර ඔහු වාර්තා පොතට එක්වන්නේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ පිට පිටම ශතක පහක් තරග පහක දී රැස් කරමිනි.
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්තය නියෝජනය කරන කුමාර් සංගක්කාර සති අන්තයේ (මැයි 26 – 29) එසෙක්ස් ප්‍රාන්තය සමග ලකුණු 200 ලබා පිට පිට ම පස්වන ශතකය වාර්තා කළේය. මීට පෙර තරග හතරේ දී ඔහු ලැබූ ලකුණු ප්‍රමාණයන් වූයේ 136, 105,114 සහ 116 යි. මෙය සංගක්කාර ලැබූ 99 වන ශතකය වන අතර 61 වන පළමු පෙළ ශතකය ද වේ.
‘‘මෙය මාගේ අවසාන ප්‍රාන්ත ක්‍රිකට් තරගයයි. තව මාස කිහිපයකින් මා වසර 40ට පා තබනවා. ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට අදින් මා ආයුබෝවන් කියනවා යැයි තරගයෙන් පසුව ශ්‍රී ලංකාවේ හිටපු නායක සංගක්කාර ප්‍රකාශ කළේය. සංගක්කාරට ප්‍රාන්ත තරගාවලියේ තවත් ශතකයක් (පිට පිටම ශතක හයක්) ලැබීමට තිබුණේ නම් ඔහු ඩොන් බ්‍රැඩ්මන් (1938 – 71) සී. බී. ෆ්‍රයි (1901) සහ එම්. ජේ. ප්‍රොක්ටර් (1970 – 71) ලොව ප්‍රබලම ක්‍රීඩකයන් තිදෙනාගේ සුපිරි සමාජයට නම ඇතුළත් කර ගැනිමට අවස්ථාව තිබිණි. එහෙත් ශතක පහක් පිට පිටම ලබා සිටින සුපිරි පිතිකරු පස්දෙනා සමාජයට දැන් සංගක්කාර එක්ව සිටී. එම ක්‍රීඩකයන් නම් බ්‍රයන් ලාරා (1993 – 94) එවර්ටන් වීක්ස් (1955 – 56) මයික් හසී (2003) පී. ඒ. පටෙල් (2007 – 08) කුමාර් සංගක්කාර (2017)
කුමාර් සංගක්කාර පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද පිට පිට ම ශතක හතරක් ලබා ලෝක කුසලාන තරගාවලියේ වාර්තාවක් තැබීය. 2015 වසරේ දී ටෙස්ට් පිටියෙන් සමුගත් සංගක්කාර ටෙස්ට් ලකුණු 12400ක් ලබා සිටියේ ඉනිමක ලකුණු 57.40ක සාමාන්‍යයක් ලබමිනි. (ටෙස්ට් 134යි) මෙය ද වැඩිම පස්වැනි ටෙස්ට් පිතිකරුගේ ලකුණු සංඛ්‍යාවයි.
සති අන්තයේ පැවැති සරේ – එසෙක්ස් තරගයේ සරේ පිල ලබාගත් ලකුණු 369න් 200ක් ම රැස් කළේ සංගක්කාරය. ලකුණු 9ක ට සරේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම දැවී පසුව ලකුණු 31ක ට කඩුලු පහක් දැවී සිටිය දී සංගක්කාර මිනිත්තු 435ක් කඩුල්ලේ රැඳී පන්දු 319ක ට මුහුණ දී හතරේ 27ක් සමග මෙම ද්විත්ව හතකය ලැබීය.
ඔහු දැවී ගියේ හයේ පහරක් එල්ල කිරීමට උත්සහ දැරීමේ දී හතරේ සීමාව අසළ සිටි නීල් වෝනර් උඩ පන්දුවක් අල්ලා ගැනීමෙනි. සරේ හයවන කඩුල්ලට සංගක්කාර, සෑම් කරන් සමග එක් ව රැස් කළ ලකුණු ප්‍රමාණය 191කි.
මහේල ජයවර්ධන කුල්නා ටයිටන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වේ.
නොබෝදා නිමාවට පත් වූ ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් ලීග් 20 – 20 තරගාවලියේ සූරතාව දිනූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනට ලබන නොවැම්බරයේ බංග්ලදේශයේ දී ඇරඹෙන බංග්ලදේශ ප්‍රිමියර් ලීග් 20 – 20 තරගාවලියේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පිරිනමා තිබේ. එම ගිවිසුමට ජයවර්ධන සිකුරාදා (මැයි 26) අත්සන් තැබීය.
මහේල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 149ක ට එක්දින තරග 448ක ට හා 20 – 20 තරග 55ක ට සහභාගි වී ඇත. ඔහු මැයි 27 වැනිදා 40 වන වියට පා තැබීය. මහේල ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ද 2015 වසරේ දී ය.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග ප්‍රතිඵල
- එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැති තියුණු තරගයෙන් පසුව එංගලන්තය ලකුණු දෙකක ජයක් අත්කර ගත්තේය.
- එංගලන්තය ඕවර 50 දී කඩුලු 6ට 330යි, දකුණු අප්‍රිකාව ඕවර 50 දී කඩුලු 5ට 228යි.
- පාකිස්තාන – බංග්ලාදේශ තරගයේ දී බංග්ලාදේශය ලකුණු 340 ඉක්මවා රැස් කළත් පාකිස්තානය කඩුලු දෙකකින් ජය ගැනීමට සමත් විය.
- ශ්‍රී ලංකා – නවසීලන්ත පුහුණු තරගය මැයි 30 දා පැවැත්වීමට නියමිතය.
- ඉන්දියාව නවසීලන්තය පරාජය කරයි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-