How can Sri Lankan charities find international donors and partners?

ආසියානු කණ්ඩායම් තුනක් අවසාන පූර්ව තරග දෙකට

- srilankacricket.lk

චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගවලියේ අවසාන පූර්ව තරග දෙකට ආසියානු කණ්ඩායම් තුනක් ම සුදුසකම් ලැබීම විශේෂත්වයකි.  අවසාන පූර්ව තරග දෙකට සහභාගි වන අනෙක් කණ්ඩායම වන්නේ එංගලන්තයයි.

මේ තරගාවලියේ ‘ඒ’ කොටසට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය අයත් වූ අතර එංගලන්තය ඔවුන් සභභාගි වූ තරග තුනෙන් ම ජයගෙන පහසුවෙන් ම එම කොටසේ ප්‍රථම ස්ථානයට පත්ව මුලින් ම අවසාන පූර්ව තරගයට තේරිණි.

‘ඒ’ කොටසෙන් අවසාන පූර්ව තරගයට තේරුණු අනෙක් කණ්ඩායම වූයේ බංග්ලාදේශයයි.  බංග්ලාදේශය තරගාවලියට සහභාගි වූ වාසනාවන්තම කණ්ඩායම ලෙස නම් කළ හැකිය.  බංග්ලදේශය ඕස්ට්‍රේලියාව  වෙතින් පරාජය වීමට ආසන්නවම තිබිය දී (දෙවැනි කණ්ඩායම ඕවර 16ක් යවා තිබිය දී) වර්ෂාව මත දෙපිලටම ලකුණ බැගින් හිමි විණි. බංග්ලාදේශයට අවසාන පූර්ව තරගයට ඒමට එංගලන්ත – ඕස්ට්‍රේලියා තරගයෙන් ඕස්ට්‍රේලියාව පරාජය විය යුතු විය.  සෙනසුරාදා (10) එය ද එසේ ම විය.  මේ තරගාවලියේ එකම ජයග්‍රහණයක්වත් නොලැබුවේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය පමණි.  ඔවුනට මූලික වටයෙන් ම ඉවත් වීමට සිදු විය.  තරගවලියට සහභාගි වූ කණ්ඩායම් සියල්ලටම පාහේ වර්ෂාවෙන් බාධා ඇති විණි.

‘බී’ කොටසෙ ප්‍රථම ස්ථානයට තේරුණේ ඉන්දියාවය.  මේ කොටසෙන් අනෙක් අවසාන පූර්ව තරගයට තේරෙන කණ්ඩායම වනුයේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සඳුදා(12) පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයිනි.  ‘බී’ කොටසට අයත් ඉන්දියාව ශ්‍රී ලංකාව පාකිස්තානය හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් හතරම ජයග්‍රහණය බැගින් ලැබීය.  ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ඉන්දියාව කඩුලු 8ක පහසු ජයක් ලබා අවසාන තරගයට සුදුසුකම් ලැබීය.  මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 44.3ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 191කි.  (ඩිකොක් 53 අම්ලා 35 ඩුප්ලෙසි 36 බුවනේෂ් කුමාර් 23ට 2යි) ඉන්දියාව ඕවර 38ක දී කඩුලු දෙකකට ලකුණු 193ක් ලබා ජය ලැබුවේ පහසු ආකාරයෙනි.  (ධවාන් 78 කෝලි නොදැවී 76).  දකුණු අප්‍රිකාව පන්දුවට පහර දෙද්දී ඉනිමේ අඩක් ගතවෙද්දී ඔවුන් කඩුලු දෙකකට ලකුණු 130ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියත් අනවශ්‍ය දුවද්දී දැවීම් දෙකක් මත අවසාන කඩුලු 8 දැවී ගියේ ලකුණු 62ක් පමණක් එක්වෙද්දීය.

ඉන්දියාව සහ බංග්ලදේශය අතර දෙවන අවසාන පූර්ව තරගය මේ මස 15 වැනිදා එඩ්බැස්ටන්හි දී ත් එංගලන්තය සමග තරගවදින ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා ජයග්‍රාහකයන්ගේ  ප්‍රථම අවසාන පූර්ව තරගය 14 වැනිදා කාඩිෆ්හි දී ත් පැවැත්වීමට නියමිතය.  ජුනි 16 හා 17 විවේක දින වන අතර අවසාන තරගය 18 වැනිදා පැවැත්වෙන්නේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාඩාංගණයේ දී ය.   මෙදින ද වර්ෂාව පැවතුනහොත් 19 වැනිදා තරගය පැවැත්වේ.

චැම්පියන් කුසලාන තරගාවලියේ සූරතාව දිනනු ඇතැයි අනාවැකි පළ වූ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා නවසීලන්තය වැනි කණ්ඩයම්වලට ඉරිදා (11) වන විට ම ඉවත්වීමට සිදුවිණි.  මෙයට අයහපත් කාලගුණය ද බොහෝදුරට බලපෑවේය.

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

- adaderana.lk

Four individuals, including naval officers, have been arrested while in possession of crystal methamphetamine (Ice ).

- news.lk

The Ministry of Foreign Affairs, in coordination with Sri Lanka Missions in Myanmar and Thailand successfully facilitated the repatriation of eight Sri Lankans who were trafficked for forced criminal activities in cyber scamming compounds in Myanmar.

- adaderana.lk

The general amnesty period announced from 20 April to 20 May for members of the tri-forces who have been marked as Absent Without Official Leave (AWOL) is not applicable for Commissioned Officers who are marked as AWOL, the Ministry of Defence clarified.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc