How can Sri Lankan charities find international donors and partners?

අතේ තිබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාව පාකිස්තානයට පූද කරයි

- srilankacricket.lk

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කාඩ්ෆ් හි පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන පූර්ව තරගයට පහසුවෙන්ම යාමට තිබූ අවස්ථාව ඔවුන් විසින්ම අතහැරගත්තේ දුර්වල උඩපන්දු රැක ගැනීමකින් ජයග්‍රහණය පාකිස්තානය වෙත පූජා කරමිනි.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 236 ට පිළිතුරු ලෙස පාකිස්තානය පන්දුවට පහර දෙද්දී නුවන් ප්‍රදීප්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පසුබාමින් ලකුණු 162ක ට කඩුලු 7ක් දැවී පරාජයට පත්වෙමින් සිටියදී  ශ්‍රී ලංකා පන්දු රකින්නන් පහසු උඩ පන්දු දෙකක් සහ දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථා මගහරවා ගැනීමෙන් අවසාන කණ්ඩායම් හතරට (අවසාන පූර්ව තරග දෙකට) යාමට යාමේ අවස්ථාව මග හරවා ගත්තේ තමන් විසින්මය.  ලකුණු 237ක් හඹා යද්දී ලසිත් මාලිග යැවූ පාකිස්තාන ඉනිමේ පළමු ඕවරයේ සිව්වන පන්දුවටම ආරම්භක පිතිකරු අසාර් අලි දුන් උඩ පන්දුව ධනුෂ්ක ගුණතිලක අතින් ගිලිහී ගියේය.  පාකිස්තානය ලකුණු 162ක ට කඩුලු හතක් දැවී නායක සෆ්රාස් අහමඩ් සහ වේග පන්දු යවන මොහොමඩ් අමීර් අසීරුවෙන් ඉනිම ගොඩනගද්දී තවත් දවා ගැනීම් අවස්ථා තුනක්ම ලංකා පන්දු රකින්නන් අතින් ගිළිහිණි.

JDK_6257

පාකිස්තානය ලකුණු 194 දී සෆ්රාස් අහමඩ් ලකුණු 38ක් ලබා සිටිය දී මාලිංග එවූ පන්දුවකට මිඩ් ඕන්හි සිටි තිසර පෙරේරාට දුන් පහසු උඩපන්දුව අතහරද්දී රූපවාහිනී විස්තර ප්‍රචාරක කීවේ තිසර ශ්‍රී ලංකා ජයග්‍රහණය බිම අතහැරිය බවය.  සෆ්රාස් ලකුණු 40ක් ලබා සිටිය දී ලසිත් මාලිංගගේ තවත් පන්දුවකට සීක්කුගේ පුසන්න අතට දුන් උඩපන්දුව ද අතහැරිණි.   මේ අතරතුරම  ධනංජය ද සිල්වා අසළට පහරක් එල්ල කර දුවද්දී ධනංජය කඩුල්ල වෙතට එල්ල නොකිරීමෙන් පහසු දුවද්දී  දැවීමක් ද මගහරිණි.

ලසිත් මාලිංග මෙදින ඉතාමත් අවාසනාවන්ත පන්දු යවන්නෙකු වූයේ ඔහුගේ පන්දුවලට දුන් උඩපන්දු රැකගත්තා නම් චැම්පියන් කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ඔහුට තිබූ අවස්ථාව මගහැරී යාමෙනි.  ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යාමට පාකිස්තාන ඉනිමේ අගභාගයේ ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග දැඩි වෙහෙසක් ගත්තත් ඉන් ප්‍ර යෝජන අත් නොවූයේ දුර්වල පන්දු රැකීමෙනි.  මෙම උඩපන්දු හා දුවද්දී දවා ගැනීමේ  අවස්ථා ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ට වුව ද ප්‍රතිඵල නෙලාගත හැකි පහසු ඒවාය.

පාකිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම උසස් මට්ටමකින් ක්‍රීඩා නොකළ අතර අවසාන පූර්ව තරගයේ තරගවදින එංගලන්තයට වඩා ඔවුන් පසුවන්නේ පහත් දක්ෂතා පෙන්වන තත්ත්වයකය.

ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් තරගයෙන් පසුව කීවේ අපේ පන්දු යවන්නන් පන්දුවට පහරදුන් අකාරයත් පන්දු යැවු ආකාරයත් විශිෂ්ටයි.  ඒ ගැන ආඩම්බරයි.  එත් පළමු ඕවරයේ දුන් උඩපන්දුවත් පසු ව දුන් උඩ පන්දු දෙක හා දුවද්දී දවා ගැනීමේ අවස්ථාවලින් අප ප්‍රයෝජන ගත්තා නම් තරග ප්‍රතිඵලය මීට වඩා වෙනස් වනවා.  අපගේ පන්දු රැකීම උසස් මට්ටමකට ගෙන ඒමට අප පසුගිය දිනවල බොහෝ දේ සිදු කළත් අද පන්දු රැකීම දුර්වල වූවා.  අවසාන පූර්ව වටයට යාමට තිබූ අවස්ථාව මෙයින් මග හැරුණු බව ද මැතිව්ස් ප්‍රකාශ කළේය.  පාකිස්තාන නායක සෆ්රාස් පැවසුවේ තම ආරම්භ පිතිකරුවන් දෙදෙනා අසාර් අලි හා ෆාකර් ෂාමන් හොඳ ආරම්භයක් ලබාදීමෙන් පසු මැදපෙළ අසාර්ථක වූ බවත් පසුව තමාට හා අමීර්ට ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙනයාමට අවස්ථාව උදා වූ බවය.  ශ්‍රී ලංකාව උඩ පන්දු කිහිපයක් අතහැරීමෙන් තමන්ට ජයග්‍රහණයට යාමට අවස්ථාව උදා වූයේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් බව ද පාකිස්තාන නායකයා කීවේය.

ශ්‍රී ලංකාව පන්දුවට පහරවෙද්දී නිරෝෂන් දික්වැල්ල හා  ධනුෂ්ක ගුණතිලක මුල් විකට්ටුවට ලකුණු 26ක් එක් කරද්දී ගුණතිලක ලකුණු 13ක ට දැවී ගියේය.  දෙවන කඩුල්ලට දික්වැල්ල හා මෙන්ඩිස් ලකුණු 56ක් එක් කරද්දී මෙන්ඩිස් ලකුණු 27ක ට දැවී ගියේ (පන්දු 29යි හතරේ 4යි) හසන් අලීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.  බලාපොරොත්තු තබා සිටි දිනේෂ් චන්දිමාල් එකම ලකුණක්වත්ලබා ගැනීමට නොහැකී වීම කණාගාටුවට කරුණකි.  නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල ලංකා සිව්වන කඩුල්ලට ලකුණු 78ක් රැස් කරමින් යම් ස්ථාවර තත්ත්වයකට කණ්ඩායම ගෙන එද්දී  මුළු ලකුණු 161 දී මැතිව්ස් සිව්වන කඩුල්ල ලෙස ලකුණු 39ක ට (පන්දු 59යි හයේ 1යි හතරේ 2යි) දැවී ගියේය.  පසුව ධනංජය (01) දික්වැල්ල (73) තිසර පෙරේරා (01) ලංකා කණ්ඩායමේ කඩුලු හතරක් ලකුණු හයක් එක්වන විට බිඳ වැටී ලකුණු 167ක ට කඩුලු 7ක් බවට පත්විණි .

මේ අවස්ථාවේ අසේල ගුණරත්න (27) සහ සුරංග ලක්මාල් (26) අටවන විකට්ටුවට ලකුණු 46ක් එක් කරමින් ලංකා පිලට නැවත ජීවය එක් කළහ.  සාර්ථක ඉනිමක් ගොඩ නැගූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල (ලකුණු 73යි පන්දු 86යි හතරේ 4යි) හයවන කඩුල්ල තෙක් පිටියේ රැඳී සිටියේය.  ලංකා අසාර්ථකත්වයට තවත් ප්‍රධානම හේතුවක් වූයේ මැදපෙළ පිතිකරුවන් චන්දිමාල් (00) ධනංජය ද සිල්වා (01) තිසර පෙරේරා (01) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමෙනි.  ජුනයිඩ් ඛාන් හා හසන් අලී කඩුලු තුන බැගින් දවාලූහ.

පාකිස්තානය ලකුණු 162 ක ට කඩුලු 7ක් දැවී සිටිය දී නායක සෆ්රාස් පන්දු 79ක දී නොදැවී 61ක් ද මොහොමඩ් අමීර් (නොදැවී 28) අටවන කඩුල්ලට නොදැවී ලකුණු 75ක් එක්කරමින් තම කණ්ඩායම අවසාන පූර්ව තරගයට ගෙන ගියහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

A dramatic orange haze has descended over Athens as clouds of dust have blown in from the Sahara desert. It is one of the worst such episodes to hit Greece since 2018, according to officials. Greece had already been struck by similar clouds in late March and early April, which also covered areas of Switzerland […]

- colombogazette.com

Iranian President Dr. Ebrahim Raisi and his delegation arrived in Sri Lanka, Wednesday, and were welcomed at the Mattala Airport by Prime Minister Dinesh Gunawardane.

- adaderana.lk

The price of imported milk powder will be reduced with effect from tomorrow (25), according to the Milk Powder Importers Association.

- onlanka.com

High-ranking officials from around the world gathered in Saint Petersburg for the 12th International Meeting on Security Matters from April 22nd to 25th, 2024.The post 12th International Meeting on Security Matters: High-Ranking officials convenes in Saint Petersburg appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

The Colombo District Court has issued a permanent injunction, barring former President Maithripala Sirisena from acting as the chairman of the Sri Lanka Freedom Party (SLFP).The post Maithripala Sirisena barred from SLFP chairmanship until trial ends appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

In a glass cage in a Moscow court stands Russia s Deputy Defense Minister Timur Ivanov on Wednesday (April 24), a day after he was arrested at work for accepting large bribes.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc