දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අනාගතයේ දී බිහිවේවි – ක්‍රිකට් සභාපති
ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් ජුනි 24 සිට ජුලි 23 දක්වා එංගලනත්යේ පැවැත්වෙන අයි. සී. සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජුනි 13 (අගහරුවාදා) ශ්‍රී ලංකාවෙන් පිටත් ව ගිය අතර ලංකා පිල මූලික වටයේදී තරග හතකට සහභාගි වීමට නියමිතය.
ඕස්ට්‍රේලියාව එංගලන්තය නවසීලන්තය දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය කොදෙව් දූපත් ශ්‍රී ලංකාව ඉන්දියාව හා පාකිස්තානය යන කණ්ඩායම් ජුනි 24 සිට ජුලි 23 දක්වා මූලික තරග 27ක ට සහභාගි වෙති. අවසාන පූර්ව තරග දෙක සහ අවසාන තරගය සමග සම්පූර්ණ තරග සංඛ්‍යාව 30 කි.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරග හතකට සහභාගි වීමට නියමිතය. එම තරග වන්නේ ජුනි 24 දා නවසීලන්තය සමග බ්‍රිස්ටල්හිදීත් ජුලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ බ්‍රිස්ටල් හි දීත් ජූලි 2 වැනිදා එංගලන්තය සමග ටෝන්ටන්හිදීත් ජුලි 5 වැනිදා ඉන්දියාව සමඟ ඩාබිහි දීත් ජුලි 9 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ ඩාබිහිදීත් ජුලි 12 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ ටෝන්ටන්හිදීත් ජුලි 15 වැනිදා පාකිස්ථානය සමඟ ලෙෂ්ටර්ෂයර්හිදීත් ය. තරගාවලියේ 18 වැනිදා හා 20 වැනිදා අවසාන පූර්ව තරග දෙකත් ජුලි 23 වැනිදා ලෝඩ්ස්හි අවසාන තරගයත් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඉනෝකා රණවීරයා චාමරී අතපත්තු, ඉනෝෂි ප්‍රනාන්දු, නිපුනි හංසිකා, එෂානි ලොකුසූරිය, සුගන්ධිකා කුමාරි, හර්ෂිකා මාධවි, ඩිලානි මනෝදරා, හසනී පෙරේරා, උදේශිකා ප්‍රබෝධනී, චාමරී පොල්ගම්පොල, මල්ෂා ෂෙහානි, ප්‍රසාදිනි වීරක්කොඩි, ශ්‍රීපාලි වීරක්කොඩි (කඩුලු රකින්නි) ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ය. හේමන්ත දේවප්‍රිය පුහුණුකරු ලෙසත් ඕසදී වීරසිංහ සහය පුහුණුකරු ලෙසත් ක්‍රියාකරති.
ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා පැවැති උත්සවයකදී හා මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අදහස් දක්වමින් මෙවර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යන්නේ වෙන කවදාටත් වඩා කැපවීමකින් පුහුණුවක් ලබා බලාපොරොත්තු රැසක් ඇතිව යහපත් මානසිකත්වයකිනි. ඔවුන්ගේ අපේක්ෂා ඉටුවේවායි අප සුබපතන අතරම ඔවුනට ආශිර්වාද කරනවා.
කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීමට දිස්ත්‍රික්ක 22ක ක්‍රීඩිකාවන් 4000ක් අවුරුදු 23න් පහළ, අන්තර් පළාත්, ප්‍රිමියර් සහ ප්‍රධාන තරගාවලිය යනුවෙන් තරගාවලි හතරකට සහභාගී කර දක්ෂ ක්‍රීඩිකාවන් හේමන්ත දේවප්‍රිය හා ඕෂදී වීරසිංහ යටතේ පුහුණු කරවන්න කටයුතු සැලසුම්කර තිබෙනවා. අනාගතයේදී ශ්‍රී ලංකාවෙන් දක්ෂ ක්‍රීඩිකාවන් බිහිවනු ඇතැයිද සුමතිපාල මහතා කීය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-