How can Sri Lankan charities find international donors and partners?

සූරයන්ගේ සුරයා පාකිස්තානය

- srilankacricket.lk

සුරයන්ගේ (චැම්පියන්ස්) කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී පාකිස්තානය සුරයන් බවට පත් වූයේ අවසාන මහා තරගයේදී ඉන්දියාව ලකුණු 180ක දැවැන්ත පරාජයකට ලක් කරමිනි.  ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අවසාන මහා තරගයේදී මුලින් පන්දුවට පහරදී පාකිස්තානය ඕවර 50කදී කඩුලු 4කට ලබාගත් ලකුණු 338ට පිළිතුරු ලෙස ඉන්දියාවට ලබාගත හැකි වුයේ ඕවර 30.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 158ක් පමණකි.

තරගාවලියේ දක්ෂම කණ්ඩායම තමන් බවට අවසාන තරග හතරේදී ම ඔවුන් ඔප්පුකර ඇති නිසා කුසලානය හිමි කරගැනීමට සුදුසුතම කණ්ඩායමද පාකිස්තානය වේ.  අවසාන පූර්ව තරගයට තේරීමට ශ්‍රී ලංකා පිල 237කට දවාලීමත් අවසාන පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 211ක ට දවාලීමත් මූලික වටයේදී දකුණු අප්‍රිකාව 235ට අඩුවෙන් සීමා කිරීමත් අවසාන තරගයේදී ඉන්දියාව ලකුණු 158ක ට දවාලීමත් මත ඔවුන් තම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා පැහැදිලිවම ප්‍රදර්ශනය කර තිබේ.  කලක් ඉම්රාන් කාන්, වසීම් අක්රම්, වකාර් යුනුස් හා ෂොයිබ් අක්තාර් වැනි ලොව දක්ෂම වේග පන්දු යවන්නන් බිහිකල පාකිස්තානය අද ඊට නොදෙවනි වන මොහමඩ් අමීර්, හසන් අලි හා ජුනයිඩ් කාන් වැන්නවුන් බිහිකර තිබේ.  මොහමඩ් අමීර් ඉන්දියා පිතිකරණයේ කොඳු නාරටිය වන රෝහිට් ෂර්මා (00) ශිකර්ධවාන් (21) හා නායක විරාට් කෝලි (05) ඉනිම ආරම්භයේදීම ඉක්මනින්ම ක්‍රීඩාගාරයට යැවීම පාකිස්තාන ජයග්‍රහණයේ මුල්ම අඩිතාලම විය.  මොහමඩ් අමීර් මුදලට තරගපාවාදීමේ චෝදනා මත දිගුකලක් තරග තහනමකට ලක්ව සිට නැවත පැමිණි ක්‍රීඩකයෙකි.  මෙවර සුරයන්ගේ තරගාවලියේ පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුයේ කඩුලු 13ක් ලැබූ වේග පන්දු යවන හසන් අලිය.

JDK_5271

පාකිස්තානයට මෙවර නායකත්වය දුන් සෆ්රාස් අහමඩ් 2007 පාකිස්තාන අවුරුදු 19න් පහල නායකයාවෙමින් එංගලන්තයේ පැවැති ලෝක කුසලාන 19න් පහල තරගාවලියේ සුරතාව දිනා ගත්තේ ද කෝලිගෙ නායකත්වයෙන් යුත් ඉන්දියාව පරාජය කරමිනි.  2009 එංගලන්තයේ පැවැති ඕවර 20-20 අවසාන මහා තරගයේදීද පාකිස්තානය සුරතාව දිනාගත්තේ ශ්‍රී ලංකාව පරාජය කරමිනි.  නිතර එංගලන්තයේ ප්‍රධාන තරගාවලියන්හි දස්කම් පාන මොවුනට එම භූමිය නිතර වාසනාව අත්කර දී ඇත.  මෙවර (2017) අවසාන පූර්ව තරගයට යාමට ඔවුන් ශ්‍රී ලංකාව පරාජය කළේ ද එම වාසනාවෙනි.  ශ්‍රී ලංකාව ලැබු ලකුණු 237 හඹායද්දි කඩුලු 7ක් ලකුණු 162ක ට දැවී සිටියදී ලංකා පන්දු රකින්නන් දැවී යාමේ අවස්ථා හතරක් අපතේ හැරියේ පාකිස්තාන වාසනාවටය.   ශ්‍රී ලංකාව එම තරගය ජයගත්තානම් පාකිස්තානය ඉන්පසු කළ හපන්කම් අපට ද කිරීමට විටෙක අවස්ථාව තිබිණි. කෙසේ වුවද පාකිස්තාන ජයග්‍රහණය මෙරට ක්‍රීඩාලෝලීනගේ (ඔවුනගේ ආධාරකරුවන්) ඉරිදා රාත්‍රී සැමරුවේ රතිඤ්ඤා පත්තුකරමිනි.

ඉන්දියාව මේ තරගාවලිය පුරාම මුහුණදුන්නේ පරාජයන් දෙකකට පමණෙකි.  ඒ ශ්‍රී ලංකාව වෙතින් කඩුලු 7කින් හා අවසාන තරගයේ පාකිස්තානය වෙතින් ලකුණු 180 කිනි.  මේවා දැවැන්ත පරාජයන්ය.  ඔවුන් මුහුණ පා සිටින ප්‍රධානම කණස්සල්ල අසල්වැසි රටවල් දෙකට මේ සහ විශාල පරාජයන්ට මුහුණ දී ආපසු සියරටට යාමට සිදුවීමය.  විරාට් කෝලිගෙ නායකත්වය විවේචනයකට ලක්වන්නේ මීට පෙර දෝනිගේ නායකත්වයෙන් මෙවැනි පරාජවලට ලක්නොවී තිබීමෙනි.  පාකිස්තානයට මේ ජයග්‍රහණය තවත් අතෙකින් වැදගත් වන්නේ ඔවුන් වසර නවයකින් තම රටේ දී ජාත්‍යන්තර තරගවලට සහභාගී වී නොතිබීමෙනි.  එරට ත්‍රස්ත ක්‍රියා මත විදේශ කණ්ඩායම් එහි නොයාම ඊට හේතුවයි.

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස පාකිස්තානයේ හසන් අලි (කඩුලු 13) හොඳම පිතිකරු ලෙස ශ්‍රිකර් ධවාන් (ඉන්දියාව ලකුණු 338යි සාමාන්‍ය 67.9යි) හොඳම පන්දු යවන්නා ලෙස හසන් අලි (පාකිස්තානය කඩුලු 13යි) අවසාන තරගයේ වීරයා ලෙස ෆකර් සමාන් (පාකිස්තානය) තේරිණි.

අවසාන මහා තරගයේ දී කාසියේ වාසිය දිනු ඉන්දියාව මුලින් පන්දුවට පහරදීම පාකිස්තානයට පැවරීය.  පාකිස්තාන ආරම්භක පිතිකරු ෆාකර් සමාන් ලකුණු තුනක් ලබා සිටිය දී බුම්රාගේ පන්දුවකට දුන් උඩපන්දුව දෝනි අල්ලා ගත්තේ තරග විනිසුරු එය නීති විරෝධි පන්දුවක් බවට තීරණය කළේය.  පසුව ෆාකර් ලකුණු 114ක් රැස්කළේ පන්දු 106ක ට මුහුණ දී හයේ තුනක් හා හතරේ 11ක් සමගිනි.  ෆාකර් මීට පෙර ශ්‍රී ලංකාව හා එංගලන්තය සමගද අර්ධ ශතකද ලැබීය.  පාකිස්තානය මෙදින ලැබූ ලකුණු 338 ඔවුන් ඉන්දියාව සමග ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.  2004 දී ඔවුන් කරච්චියේ දී ලකුණු 344ක් ලැබීය.

ඉරිදා (18) පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ලකුණු 72ක ට කඩුලු 6ක් දැවී ඉනිම ආරම්භයේම දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය.  හත්වන කඩුල්ලට හර්දික් පාන්ඩ්‍යා සහ රවීන්ද්‍ර ජඩෙජා පන්දු 57 ක දී ලකුණු 80ක් ලබමින් ඉන්දියානු ක්‍රීඩාලෝලීනට මද අස්වැසිල්ලක් ලබා දුන්හ.  පාන්ඩයා අවසනාවන්ත ලෙස දුවද්දී දැවීමට හසුව දැවී යනවිට පන්දු 43ක දී ලකුණු 76ක් ලබා සිටියේ හයේ හයක් සහ හතරේ හතරක් සමගිනි.  මොහමඩ් අමීර් ලකුණු 16ක ට කඩුලු 3ක් ද හසන් අලි ලකුණු 19ක ට කඩුලු 3ක් ද දවාලූහ.

පාකිස්තාන ඉනිමේ දී අනෙක් ආරම්භක පිතිකරු අසාර් අලි (59) මොහමඩ් හෆීස් (57) බාබර් අසාම් (47) දස්කම් පෑහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

The United States (US) has urged Sri Lanka to continue the commendable reforms undertaken over the past two years by the Government. State Minister of Finance Shehan Semasinghe said that he had a cordial meeting with Änjali Kaur, USAID Deputy Assistant Administrator of the Bureau for Asia. “Appreciated the multi-pronged assistance provided by USAID to […]

- colombogazette.com

Sri Lanka is to send a delegation to New Zealand from 22-25 April 2024 to prepare the groundwork to open a Sri Lanka High Commission in Wellington. The Sri Lanka Foreign Ministry said that following the decision by the Cabinet of Ministers to open a Sri Lanka High Commission in Wellington, New Zealand, an official […]

- colombogazette.com

India’s Taj Hotel group had plans to construct a hotel in Nuwara Eliya around the post office but withdrew following protests by the public, President Ranil Wickremesinghe said. Speaking in Nuwara Eliya, the President said that if the Taj Hotel had opened in Nuwara Eliya another two hotels would have also opened up in the […]

- island.lk

In a recent televised interview, Nishan de Mel, the Executive Director of Verité Research, stated that holders of Sri Lanka’s International Sovereign Bonds (ISBs) have expressed concerns about specific aspects of the debt sustainability analysis conducted by the country alongside the IMF. This disagreement is one of the key hurdles in reaching an accord with […]

- island.lk

The Election Commission (EC) has decided it has no legal mandate to resolve the internal crisis of the Sri Lanka Freedom Party. The Commission members met on Thursday (18) to decide on the claims and counter-claims made by the two factions of the SLFP about the recent appointments made by a section of the party’s […]

- island.lk

President Ranil Wickremesinghe on Thursday (18) told youth political activists, affiliated to his party in Nuwara Eliya, that he was willing to convert the historical post office at Nuwara Eliya into a tourist hotel if that is what the people desire. The meeting took place at the President’s House in Nuwara Eliya. “We would like […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc