How can Sri Lankan charities find international donors and partners?

ටෙස්ට් තරගය විසඳුමක් ලැබෙන තරගයක් වේ

- srilankacricket.lk

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ තුන්වන දින (16) තරගය නිමවන විට තරගය ප්‍රතිඵලයක් (විසඳුමක්) ලැබෙන තත්ත්වයකට පත්ව තිබිණි.

සිම්බාබ්වේ මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 356ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තුන්වන දින උදෑසන සියලු ක්‍රීඩකයින් දැවී මුල් ඉනිමට රැස් කළේ ලකුණු 346කි.  සිම්බාබ්වේ කණ්ඩායම මුල් ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දී ද ආරම්භක පිතිකරුවන් ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යමින් තෙවන දින දිවා ආහාරය වන විට කඩුලු 4ක් දැවී ලබා සිටියේ ලකුණු 24ක් පමණෙකි.  ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා මේ වන විට සිම්බාබ්වේ කඩුලු හයක් ඉතිරිව ලකුණු 34ක් පමණක් ඉදිරියෙන් සිටි හෙයින් බොහෝ දෙනාගේ අපේක්ෂාව වූයේ ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහනයක් ලබා තුන්වන දින නිමවීමට ප්‍රථම තරගය නිම වෙතැයි යන්නය.

සිම්බාබ්වේ දෙවන ඉනිමේ පස්වන කඩුල්ල ලකුණු 59ක් දැවීයාමෙන් පසු සිකන්දර් රාසා සහ පීටර් මුවර් හයවන කඩුල්ලට ලකුණු 96ක් ද හත්වන කඩුල්ලට රාසා සහ මැල්කම් වොලර් ලකුණු 107ක නොබිඳී සබඳතාවයක් ද තබා ගනිමින් නැවත තම කණ්ඩායම තරගයට අවතීරණ කරගත්හ.  තෙවන දින තරගය නතර කරන විට සිකන්දර් රාසා නොදැවී 97ක් ද (මිනිත්තු 269යි පන්දු 158යි හයේ එකයි හතරේ 15යි) මැල්කම් වොලර් නොදැවී 57ක් ද (පන්දු 76යි හතරේ 8යි) ලබා සිටියහ.  මුවර් ලබාගත් ලකුණු සංඛ්‍යාව 40කි.

ශ්‍රී ලංකා දඟපන්දු යවන රංගන හේරත්ට මේ ටෙස්ට් තරගයේද ඉනිම දෙකේදී කඩුලු දහයක් ලැබීමට තව  අවශ්‍යව ඇත්තේ කඩුල්ලක් පමණකි.  තරගය ආරම්භයට පෙර හේරත් ඉනිමක කඩුලු පහ බැගින් විසිනව වතාවක් ද තරගයක කඩුලු දහය බැගින් හත් වතාවක්ද ටෙස්ට් කඩුලු 373ක්ද ලබා සිටියේය.  ප්‍රථම ඉනිමේ කඩුලු පහක් දවාලු හේරත් දෙවන ඉනිමේදී තෙවන දින නිම වන විට දැවී ගිය කඩුලු හයෙන් හතරක් දවා තිබිණි.  මේ තරගයේ තව කඩුල්ලක් දවා ගැනීමෙන් ඔහුට තරගයක කඩුලු දහය ඉක්ම වූ අටවන අවස්ථාව උදා වේ.  ලොව එසේ සිදු කළ (වැඩිම අවස්ථා) සිව්වැන්නා බවට ඔහු පත් වේ.  ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටින්නේ කඩුලු දහය බැගින් විසි දෙවතාවක් දවාලමිනි.

තෙවන දින දිවා ආහාරය වන විට ලකුණු 27කට සිම්බාබ්වේ කඩුලු හතරක් දැවී තිබූ අතර රංගන හේරත් ඒ වන විට කඩුලු තුනක් දවා තිබුණේ ලකුණු හතක් පමණක් දීමෙනි.

දෙවන ඉනිමේදී පන්දු යැවීමේදී විශේෂයෙන්ම රංගන හේරත්ද ඔහුගේ සහායට සිටි දිල්රුවන් පෙරේරාද ලබාගත් සාර්ථක උත්සාහය තවත් කඩුලු තුනක් හෝ කළින් දවා ගැනීමට අවස්ථාව උදා වූයේ නම් මේ තරගය කළින්ම නිම කිරීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව තිබිණි.  මුල් ඉනිමේ කඩුලු දෙකක් දවාලු අසේල ගුණරත්නට පාදයේ මස්පිඬු පෙරැළීමකින් දෙවන ඉනිමේදී පන්දු යැවීමට හැකි නොවීය.  අසේල වෙනුවට පන්දු යැවීමට කුසල් මෙන්ඩිස් යෙදවුවත් ප්‍රයෝජන අත් නොවිණි.  ගුණරත්නට සතියක විවේකයක් ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර ඔහුට මේ මස 26 වැනිදා ගාල්ලේදී ඇරැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

සිම්බාබ්වේ හයවන හා හත්වන කඩුලු සඳහා දිගු සබඳතා පැවැත්වුවත් පන්දු රැකීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උනන්දුවකින් එම කාර්යයේ යෙදී සිටියහ.  සමස්තයක් ලෙස මේ තරගය පුරාම ශ්‍රී ලංකා පන්දු රැකීම උසස් මට්ටමක පැවැති අතර, උඩපන්දු ගිළිහීමක්ද දක්නට නොලැබිණි.

සිම්බාබ්වේ මුල් ඉනිමේ ලබාගත් ලකුණු 265ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී පන්දුවට පහරදෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිමුත් කරුණාරත්න (25) සහ උපුල් තරංග (71) මුල් විකට්ටුවට ලකුණු 84ක් රැස් කරමින් යහපත් ස්ථාවරයක් ලබාගත්හ.  ශ්‍රී ලංකාව වරක් කඩුලු තුනකට ලකුණු 212ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු වුවත් තත්ත්වය වෙනස් වූයේ ඊළඟ කඩුලු හතර ලකුණු 62ක් තුළ දැවී යාමෙනි.  ලංකා ඉනිම ලකුණු 346කට සීමා කිරීමට සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර් ක්‍රියා කළේ කඩුලු පහක් දවාලමිනි.

මේ තරගය පුරාම රංගන හේරත් හා දිල්රුවන් පෙරේරා හැරුණු විට පන්දු යවන්නන්ගෙන් ප්‍රතිවාදිනට එතරම් තර්ජනයක් එල්ල නොවීය.  වේගපන්දු යවන්නන් දෙදෙනා සුරංග ලක්මාල් හා ළහිරු කුමාරට ලබාගත හැකිවූයේ කඩුලු තුනක් පමණි.  මේ කඩුලු තුන ලබා ගත්තේද ළහිරු කුමාරය.  බොහෝ අවස්ථාවන්හි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ හේරත්, දිල්රුවන් හා කුමාරගේ පන්දු යැවීමෙනි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc