තරගය දෙපිලටම විවෘතයි
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ සිව්වන දින (17) තරගය නිම වනවිට මෙය දෙපිලටම විවෘත තරගයක් බවට පත්ව තිබිණි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 387ක ඉලක්කයක් හිමි වූ අතර, සිව්වන දින තරගය නිම වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 170ක් ලබා ජයග්‍රහණයට තව ලකුණු 218ක් අවශ්‍යව සිටියේ පිතිකරුවන් හත් දෙනෙකු ඉතිරිව සිටියදී ය.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 60ක් ද හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියේ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිව්වන කඩුල්ලට නොබිඳි ලකුණු 37ක සබඳතාවක් තබාගෙන ය.
ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සිව්වන දින සිම්බාබ්වේ දෙවන ඉනිමේදී ලකුණු 133ක ට කඩුලු හයක් දවාලමින් තම පෞද්ගලික ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 384ක් බවට පත්කර ගත්තේ ය. හේරත් මුල් ඉනිමේද කඩුලු පහක් දවාලූ හෙයින් ඉනිමක කඩුලු පහ බැගින් දවාලූ වාර ගණන 31කි. මේ තරගයේදී මොහු කඩුලු එකොළහක් දවාලූ අතර, මෙය ඔහු විසින් කඩුලු දහය ඉක්මවූ අටවන වතාවයි. කඩුලු දහය අට වතාවක් ඉක්මවනු ලැබූ ලොව හතරවන ක්‍රීඩකයා ද මොහු වේ. හේරත් හා දිල්රුවන් පෙරේරා පන්දු යවන විට සිව්වන දින එතරම් දඟකැවීමක් නොතිබුණද සිම්බාබ්වේ නායක ග්‍රෙම් ක්‍රීමර්, මැල්කම් වොලර්, විලියම්ස් පන්දු යවන විට දැඩි දඟකැවීමක් සවස් වරුවේ දක්නට ලැබිණි.
කුසල් මෙන්ඩිස් පස් හය වතාවක්ම පාදයේ ආබාධයකින් පෙළෙමින් ප්‍රතිකාර ගත් අතර, තෙවතාවක් පමණ පිටියේ වැතිර සිටියේ ය. මෙන්ඩිස් නොදැවී ලකුණු 60ක් ද (පන්දු 85යි හතරේ හයයි), මැතිව්ස් නොදැවී ලකුණු 17ක් ද (පන්දු 33යි හයේ එකයි හතරේ එකයි) ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (ලකුණු 49යි පන්දු 84යි හතරේ 1යි), උපුල් තරංග ලකුණු 27ක් ද (පන්දු 69යි හතරේ 4යි), නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 15ක් ද ලබාගත්හ.
සිම්බාබ්වේ දෙවන ඉනිමේදී සිකන්දර් රාසා (127), මැල්කම් වොලර් ((68) හා නායක ක%ීමර් (48) මුල් ඉනිමේදී මෙන්ම අගපෙළ පිතිකරුවන් ලෙස දස්කම් පෑම විශේෂත්වයකි. දිල්රුවන් ලකුණු 95කට කඩුලු 3ක් දවාලූවේය.
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-