How can Sri Lankan charities find international donors and partners?

ලකුණු 389ක වාර්තාවක් හඹායමින් ශ්‍රී ලංකාව ජයගනී

- srilankacricket.lk

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙසට් තරගයේ පස්වන දින සවස 2.55 වන විට තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් අත්වෙමිනි.  ශ්‍රී ලංකාව ලත් මේ ජයගග්‍රහණය ජුලි 19 වැනිදා (බදාදා) ශ්‍රී ලංකාවේ දින 48ක සංචාරයකට එන ඉන්දීය කණ්ඩායමට මුහුණුදීමට ශක්තියක් වෙතැයි අපේක්ෂිතය.

ලකුණු 389ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන දින සවස තේ පානය වන අවස්ථාව වන විට ලකුණු 391ක් ලබාගත්තේ කඩුලු හයක් දැවීයාමෙන් පසුවය.  ශ්‍රී ලංකාවේ දී ජයග්‍රහණයක් පසුපස හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වේ.  මීට පෙර 2015 ජුනි මස ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගයේදී අවසාන දිනයේදී පාකිස්තානය ටෙස්ට් තරගයේදී පල්ලේකැලේදී ලකුණු 382ක් රැස්කර ශ්‍රී ලංකාව පරාජය කරමින් වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජය ලැබීය. එවර යුනුස් ඛාන් සහ මිස්බා උල්හක් ශතක වාර්තා කළහ.

DSC_3766

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවේ පසළොස්වන ටෙස්ට් නායකයා බවට පත්වීමෙන් පසුව ඔහු නායකත්වය දුන් ප්‍රථම තරගයෙන්ම ශ්‍රී ලංකාව ජය ගැනීම විශේෂත්වයකි.  මීට පෙර 1999දී සනත් ජයසූරිය ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට පත් වූ අවස්ථාවේදී ප්‍රථම තරගය කඩුලු හයකින් ඕස්ට්‍රේලියාව පරදා ජයගත්තේ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදීය.

ප්‍රේමදාස පිටියේ පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එකම ටෙස්ට් තරගයේ තරගාවලියේ වීරයා ලෙස කඩුලු එකොළහක් දවාලු රංගන හේරත් ද තරගයේ වීරයා ලෙස අසේල ගුණරත්න ද සම්මාන ලදහ.

1994 ආරම්භ කළ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ දැනට තරග 18ක් පවත්වා ඇති අතර, සිම්බාබ්වේ පිල මෙතෙක් එකම තරගයකින් හෝ ජයගෙන නොමැත.  එහෙත් ඔවුන් මෙවර ශ්‍රී ලංකා පිලට ජය ගැනීමට දුන් ලකුණු 389ක ප්‍රමාණය ඉතිහාසයේ එලෙස ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.  දැනට ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරග අතුරින් ශ්‍රී ලංකාව තරග 13කින් ජයගෙන ඇති අතර, තරග පහක් ජය පැරදුමින් තොරව කෙළවර වී තිබේ.

ශ්‍රී ලංකාවට මේ ටෙස්ට් තරගයෙන් ජය ලැබීමට නියමුවන් ලෙස කටයුතු කළේ කඩුලු 11ක් දවාලු රංගන හේරත් දෙවන ඉනිමේසදී ලකුණු 81ක් ලැබූ නිරෝෂන් දික්වැල්ල සහ නොදැවී ලකුණු 80ක් ලැබූ අසේල ගුණරත්නය.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ප්‍රථම ඕවරයේ සිට 71 වන ඕවරය දක්වාම දඟපන්දු යවන්නන් යොදා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට සිම්බාබ්වේ කණ්ඩායම අවසාන දින ප්‍රබල උත්සහයක නිරත විණි.  ලංකා හයවන කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න පන්දු 118කදී මිනිත්තු 186කදී ලකුණු 121ක් රැස් කරමින් ද හත්වන කඩුල්ලට අසේල ගුණරත්න සහ දිල්රුවන් පෙරේරා මිනිත්තු 87ක දී පන්දු 133කදී නොදැවී ලකුණු 67ක්ද රැස් කරමින් ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගියේ ශ්‍රී ලංකාව සමග මංගල ටෙස්ට් ජය ලැබීමේ සිම්බාබ්වේ බලාපොරොත්තු සුන් කරමිනි.

නිරෝෂන් දික්වැල්ල හතරේ හයක් සමග (පන්දු 118යි මිනිත්තු 151යි) ලකුණු 81ක්ද අසේල ගුණරත්න හතරේ හයක් සමග (පන්දු 151යි මිනිත්තු 210යි) නොදැවී ලකුණු 80ක් ද දිල්රුවන් පෙරේරා හතරේ හතරක් සමග (පන්දු 76යි මිනිත්තු 87යි) නොදැවී ලකුණු 29ක්ද ලබා ගනිමින් ජයග්‍රහණය කරා ගෙන ගියේ ලංකා මැද පෙළ ශක්තිමත් කරමින්ය.  අසේල ගුණරත්නට ආබාධ සුවවන තෙක් දින 8 – 10 ක කාලයක් විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී තිබියදී ඔහු අසීරු අවස්ථාවක පැමිණ පන්දුවට පහරදුන් ආකාරය පැසසිය යුතුවේ.

අවසාන දින තරගය ආරම්භ වන විට නොදැවී සිටී කුසල් මෙන්ඩිස් (60) හා ඇන්ජලෝ මැතිව්ස් (17) ගෙන් දිගු ඉනිම් බලාපොරොත්තු වුවත් මොවුන් දෙදෙනාම උදෑසන දැවී ගියේ පිළිවෙලින් ලබාගත්තේ තවත් ලකුණු හයක් හා ලකුණු අටක් පමණකි.  මුළු ලකුණු 208කදී මැතිව්ස් පස්වන පිතිකරු ලෙස දැවී යද්දී ලංකා පිල ජයග්‍රහණය කරවීමට කණ්ඩායමට මෑතකදී එක්වූ දික්වැල්ල ගුණරත්න හා දිල්රුවන් තරග වැදුණු ආකාරය ප්‍රශංසනීය වේ.

සිම්බාබ්වේ කණ්ඩායම යැවූ පන්දු ඔව්ර 114.5න් ඕවර 91ක් යවන ලද්දේ දඟපන්දු යවන කණ්ඩායමේ නායක ග්‍රේම් ක්‍රීමර් (ඕවර 48) හා ෂෝන් විලියම්ස්ය (ඕවර 44) ක්‍රීමර් දෙවන ඉනිමේ කඩුලු 4ක් දවා මුළු තරගය කඩුලු නවයක් දවාලීමට සමත්විය.

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- island.lk

Weather forecast issued at 5.30 am on 20 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Sabaragamuwa and Central provinces and in Kalutara, Galle and Matara districts during the morning Showers or thundershowers will occur at a few places in Western, Sabaragamuwa, North-western, Uva and Central provinces […]

- adaderana.lk

The final rites of the late Dr. A. T. Ariyaratne, the founder and the President Emeritus of the Sarvodaya Shramadana Movement of Sri Lanka, will be performed today (20) with full state honours.

- adaderana.lk

Police have arrested a foreign woman and a local who were in possession of drugs in the Toppass area of Nuwara Eliya.

- onlanka.com

The Ministry of Defence of Sri Lanka has announced a General Amnesty period from April 20, 2024, to May 20, 2024, specifically targeting members of the Tri-Forces who have been marked as Absent Without Official Leave (AWOL).The post General Amnesty announced for Tri-Forces AWOL personnel, excludes Commissioned Officers appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Sri Lanka's Finance State Minister Shehan Semasinghe recently engaged in bilateral talks with Robert Kaproth, the U.S. Treasury's Deputy Assistant Secretary.The post Sri Lanka and United States discuss Economic Support and Reforms appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

An Israeli missile has struck Iran, according to two U.S. officials who spoke with CBS News, the BBC's US partner.The post Israeli missile strikes Iran amid escalating Middle East tensions appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc