ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

- srilankacricket.lk

නිතර ශ්‍රී ලංකාවට වාසි ගෙන එන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ බදාදා (26) ඇරැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම ටෙසට් තරගයට ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් 15කගේ ප්‍රබල සංචිතයක් නම්කර තිබේ. පිතිකරුවන් අටක් වේගපන්දු යවන්නන් හතරක් හා දඟපන්දු යවන්නන් තිදෙනෙකු මේ ක්‍රීඩකයන් පසළොස් දෙනාට අයත් වෙති.

ශ්‍රී ලංකා ඉන්දියා කණ්ඩායම් දෙක අවසාන වරට තරග වැදුණේ 2015 වසරේ ශ්‍රී ලංකාවේදීය. ගාල්ලේ පැවැති ප්‍රථම තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර ඉතිරි තරග දෙකේ ජය හිමිවූයේ ඉන්දියාවටය. ශ්‍රී ලංකාව අවසාන වරට ඉන්දියාව පරාජය කළේ මීට වසර නවයකට පෙර 2008 දී ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරග තුනක තරගාවලිය 2 – 1ක් ලෙස ජය ගැනීමෙනි.

DSC_1810

ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරග ආරම්භ වී ඇත්තේ මීට වසර විසිපහකට පෙර 1982 – 83 වසරේදීය. ඉන්දියාවේ මදුරාසියේ පැවැති එක් තරගයක ප්‍රථම තරගය ජය පැරැදුමින් තොරව කෙළවර විණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වූ දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් එහිදී විශිෂ්ට පිතිහරඹයන්හි නියැළිනි. මෙන්ඩිස් ඉනිම දෙකේදීම ශතක ලැබීම (ලකුණු 105 බැගින්) විශේෂත්වයකි.

කපිල්දේව්ගේ නායකත්වයෙන් ඉන්දීය පිල 1985 දී ටෙස්ට් තරග තුනක ශ්‍රී ලංකා සංචාරයකට පැමිණි අතර ශ්‍රී ලංකාව එවර පී. සරවනමුත්තු පිටියේදී සියමංගල ටෙස්ට් ජයග්‍රහණය ලබා තරගාවලියද 1 – 0 කින් ජයගත්තේය. ශ්‍රී ලංකාවට තම රටෙන් පිටත කෙදිනකවත් ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගත හැකි වන්නේ නැතැයි එදා ඉන්දීය නායකයා ප්‍රකාශ කළත් එය අසත්‍යයක් බවට පත්කරමින් 1994 95 ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී ලංකා පිල ටෙස්ට් දෙකක තරගාවලිය නේපියර්හි දී නවසීලන්තය පරදා 1 – 0 කින් ජයගෙන එතෙර තරගාවලි ජයක් වාර්තා කළේය.

මෙවර ශ්‍රී ලංකාව හා ඉන්දියාව ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ 38 වන වතාවටය. මෙතෙක් පැවැති ටෙස්ට් තරග 37න් ඉන්දියාව තරග 16ක්ද ශ්‍රී ලංකාව තරග හතක්ද ජයගෙන ඇති අතර ජය පැරදුමින් තොර තරග සංඛ්‍යාව 14කි. මෙතෙක් දෙරට අතර තරගාවලියන් 14ක් පවත්වා ඇති අතර ඉන්දියාව තරගාවලි හතක්ද ශ්‍රී ලංකාව තරගාවලි තුනක්ද ජයගෙන ඇති අතර විසඳුමක් නොමැතිව තරගාවලි හතරක් නිමව තිබේ. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ 1985 (තරග 1 – 0) 2001 (තරග 2 – 1) හා 2008 (තරග 2 – 1) වසර තුනේදීය)

මෙවර තරග විනිසුරුවන් දෙදෙනා තෙවන විනිසුරු (රූපවාහිනී) හා තරග තීරක ඕස්‍ට්‍රේලියාවෙන් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව නොබෝදා ප්‍රකාශයට පත් කළේය.

2017 ඉන්දියාව සමග තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සංචිතය ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඊට පිතිකරුවන් අටක් දඟපන්දු යවන්නන් තුනක් හා වේගපන්දු යවන්නන් හතරක් ඇතුළත් වෙති. පිතිකරුවන් වන්නේ දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුනරත්න, නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වාය.   රංගන හේරත් (නායක) දිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර දඟපන්දු යවන්නෝය. සංචිතයට නම්කර ඇති වේගපන්දු යවන්නන් සිව්දෙනා සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු හා ළහිරු කුමාර ය. දික්වැල්ල කණ්ඩායමේ කඩුලු රකින්නාය. වමතින් දඟපන්දු යවන තිස් හැවිරිදි මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ තරගවල දී තරග 99ක දී කඩුලු 558ක් ලබා මෙහි දී විශිෂ්ට දස්කම් පෙන්වා ඇතත් ඔහුට අවස්ථාවක් නොලැබිණි. බංග්ලාදේශය සමග තරගාවලියට ඔහු නම් කළත් ක්‍රීඩා කළේ නැත. ධනංජය ද සිල්වා හා නුවන් ප්‍රදීප් සංචිතයට කැඳවා ඇති අතර, පසුගිය තරගාවලියේ සංචිතයෙන් ඉවත් කෙරුණේ දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් උණ රෝගයෙන් පෙළෙන හෙයින් ප්‍රථම ටෙස්ට් තරගයට නායකත්වය දෙන්නේ රංගන හේරත්ය. සමස්තයක් වශයෙන් නම්කර සිටින ක්‍රීඩකයන් 15 දෙනෙකුගේ සංචිතය ඉන්දීය පිලට සටනක් දිය හැකි දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෝය. තරගයට සහභාගි වන ක්‍රීඩකයන් එකොළොස් දෙනා ආරම්භක දිනයේ උදෑසන නම් කිරීමට නියමිතය.

සංචාරක ඉන්දීය කණ්ඩායමේ දෙදින පුහුණු තරගය සති අන්තයේ සී. සී. සී. පිටියේ දී පැවැති අතර එහිදී නායක ළහිරු තිරිමාන්න ලකුණු 59ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 74ක්ද රැස් කළහ. ගුණතිලකද දැනට ලකුණු අතර සිටින පිතිකරුවකු වන අතර බොහෝදුරට ඔහුට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට ඉඩ තිබේ. ළහිරු තිරිමාන්න ලකුණු අතරට පැමිණියේ කළකට පසුවය. ඔහු සංචිතයට අයත් වන්නේ නැත.

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක පසුගියදා ඉන් ඉවත් වීමෙන් පසුව චමින්ද වාස් එම තනතුරට පත් කැරිණි. ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය හිමිකර ගැනීම ද වැඩිපුර වාසියක් වන හෙයින් එය හිමිකර ගැනීම ද විශේෂත්වයකි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Catholic priest, Rev. Fr. Cyril Gamini Fernando, said that he shared vital information with the Criminal Investigations Department (CID) today related to the Easter Sunday attacks. Rev. Fr. Cyril Gamini Fernando said that if the CID conducts a proper investigation into the claims he made, it will lead to further revelations on those behind the […]

- adaderana.lk

Japan s benchmark Nikkei Stock Average on Friday morning fell as much as 1,346.7 yen, or 3.5%, from the previous day s close as market players reacted to reports of Israel striking Iran with missiles.

- colombogazette.com

Russia says there is no evidence to back claims Sri Lankans are involved in the Ukraine war. The Russian Embassy in Colombo said that it does not have any information about the participation of Sri Lankan nationals in the Ukrainian conflict on the Russian side. “Neither we are aware of a local recruiting agency which […]

- colombogazette.com

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says. Febrio De-Zoysa was arrested and charged in early March with six counts of first-degree murder and one count of attempted murder, after police found the family dead in a townhouse […]

- colombogazette.com

The United National Party (UNP) accused the Archbishop of Colombo, Malcolm Cardinal Ranjith, of having a hand in the mess Sri Lanka is in as a result of his earlier links to then President Gotabaya Rajapaksa. UNP General Secretary, Palitha Range Bandara said that the Cardinal had admitted he was misled by Gotabaya Rajapaksa and […]

- adaderana.lk

The Department of Meteorology has issued a weather alert, warning that extreme heat can be expected in parts of the island tomorrow (20).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc