දෙවැනි ටෙස්ට් තරගයේ දී වැඩි දක්ෂතා අපේක්ෂා කැරේ

- srilankacricket.lk

ලබන බ්‍රහස්පතින්දා (3) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී..) ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ටෙස්ට් තරගයට වඩා දක්ෂතා පෙන්වනු ඇතැයි අපේක්ෂා කැරේ.  කණ්ඩායම් දෙකේම නායකයන් දෙදෙනා ප්‍රථම ටෙස්ට් තරගයෙන් පසුව ප්‍රකාශ කළේද  වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා දක්ෂතා පෙන්විය හැකි කණ්ඩායමක් වුවත් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් ඊට බලපෑ බවකි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ලබන 3 වැනිදා (බ්‍රහස්පතින්දා) ටෙස්ට් තරගයකට සහභාගිවන්නේ 39 වන වතාවටය.  මෙතෙක් පැවැති තරග 38 න් ඉන්දියාව තරග 18ක්ද ශ්‍රී ලංකාව තරග හතක්ද ජයගෙන ඇති අතර ජය පරාජයෙන් තොර වූ සංඛ්‍යාව 14කි.  ශ්‍රී ලංකාව 2008 දී අවසාන වරට තරගවලියක් (තරග 2-1) ජයගත් අතර ශ්‍රී ලංකාව අවසානවරට තරගයක් ජයගත්තේ 2015 ගාල්ලේ දීය.

_D3S6340x

බ්‍රහස්පතින්දා ඇරැඹෙන දෙවන පස්දින ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ය.  උණ රෝගය මත ප්‍රථම තරගයට සහභාගී නොවූ චන්දිමාල් ඉක්මන් සුවය ලබා පසුගිය දින කිහිපයේදී පුහුණුවීම් කිහිපයකටම සහභාගීවී තම යෝග්‍යතාව තහවුරු කර ඇත.  ආබාධයකින් පෙළෙන සුරංග ලක්මාල් වෙනුවට දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන්ද දෙදින පුහුණු තරගයේදී ලංකා කණ්ඩායමට නායකත්වය දී අර්ධ ශතකයක් ලැබූ ළහිරු තිරිමාන්නද ලංකා සංචිතයට අලුතින් එක්වෙතැයි අපේක්ෂිතය.

කවදත් ශ්‍රී ලංකාවට වාසිදුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තණතිල්ල මෙවර දඟපන්දු යවන්නන්ට වාසි ගෙන දුන්නේ නැති බව එම තරගයේ දී නායකත්වය දැරූ රංගන හේරත් තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.  ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දෙදෙනා හේරත් ඉනිම දෙකේදීම ලකුණු 193කට කඩුල්ලක්ද දිල්රුවන් පෙරේරා ඉනිම දෙකේදී ලකුණු 197කට කඩුල්ලක්ද දවාලූහ.  මොවුන් දෙදෙනා ඉනිම දෙකේදීම කඩුලු දෙකක් පමණක් දවාලුවේ ලකුණු 390ක් ලබාදීමෙනි.  ඉන්දීය දඟපන්දු යවන්නන් දෙදෙනා රවීන්ද්‍ර ජඩෙජා ඉනිම දෙකේදී කඩුලු තුන බැගින් කඩුලු හයක්ද රවිචන්ද්‍ර අස්වින් ඉනිම දෙකේදී කඩුලු හතරක්ද දවා සම්පූර්ණ තරගයේදී කඩුලු දහයක් දවා (තරගයේදීම) එම තණතීරුවේ දස්කම් පෑහ.  හේරත්ගේ පන්දුව දඟකවන ඇඟිල්ලේ පසුගිය දිනවල තුවාලයක් සිදුව ඇති අතර දැන් එය සුවවී ඇතැයි වාර්තාවේ.

ප්‍රථම ටෙස්ට් තරගයේදී ලංකා කණ්ඩායමට ආරම්භයේදීම අවාසනාවන්ත සිදුවීම් කිහිපයකට මුහුණදීමට සිදුවිණි.  උණ රෝගයෙන් පෙළීමෙන් නායක චන්දිමාල්ට ක්‍රීඩා නොකිරීම පළමු දින උදය වරුවේදීම ලංකා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ඇඟිල්ල තුවාලවීමෙන් තරගාවලියම අහිමි කරගැනීම ලකුණු අතර සිටි උපුල් තරංග අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීමකට හසුවීම හිටපු නායක මැතිව්ස්ගේ දැවීයාම ඉන් කිහිපයකි.  අංක 4 ස්ථානයේ පන්දුවට පහරදෙන චන්දිමාල් නොමැතිවීමෙන් අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් එම ස්ථානයට එවීමත් ආරම්භක පිතිකරුවකු වන ලකුණු අතර සිටින ධනුෂ්ක ගුණතිලක අංක තුන ස්ථානයට එවීමත් කොහෙත්ම සාර්ථක වූයේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීම දැන් හොඳ තත්ත්වයකට පරිවර්තනය වෙමින් පැවැතීම සුබ ලකුණකි.  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එම කාර්යය හොඳින් සිදු කරන අතර ඔහු පිතිකරුවකු ලෙසද නිතර මැද පෙළ ශක්තිමත් කර තිබේ.  ඔහු නිතර පෙළෙඹෙන්නේ තම ආක්‍රමණශීලි පිතිහරඹයේ යෙදීමටය.  ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඕනෑම තණතිල්ලක (කඩතොලු වූ පවා) දෙවන ඉනීමේදී දක්ෂතා පෙන්වීම මෙවරත් ඔප්පු කළේ ලකුණු 97ක් ලැබීමෙනි.  දිමුත් කරුණාරත්නගේ මුල් ඉනිමේ මෙතෙක් සාමාන්‍ය 27.32ක් වන අතර දෙවන ඉනිමේදී සාමාන්‍ය ගණන 42.14කි.

රංගන හේරත් දිල්රුවන් පෙරේරා මලින්ද පුෂ්පකුමාර හා ලක්ෂාන් සඳකැන් යන දඟපන්දු යවන්නන් සිව්දෙනෙකු මෙවර සංචිතයට ඇතුලුවීමට නියමිතය.  දිල්රුවන් පන්දු යැවීමේදී දස්කම් පෙන්වූයේ නැතත් ඔහු ගාල්ලේ මුල් ඉනිමේදී නොදැවි 92ක්ද දෙවන ඉනිමේදී නොදැවි 21ක්ද ලබා පිතිකරුවකු ලෙස කැපීපෙනුණි.  වේග පන්දු යවන්නන් දෙදෙනා නුවන් ප්‍රදීප් මුල් ඉනිමේදී කඩුලු හයක්ද ළහිරු කුමාර ඉනිම් දෙකේදීම කඩුලු හතරක්ද දවා මුළු තරගයේ දැවීගිය ඉන්දීය කඩුලු 13න් දහයක්ම දවාලීම විශේෂත්වයකි.

එස්. එස්. සී. තණතිල්ල කවදත් පිතිකරුවනය වාසිගෙනදී ඇත.  එලෙසම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙහි නිතර දස්කම්පාති.  මෙවර ලොව අංක එක ඉන්දියාව සමග ඔවුන්ගේ දක්ෂතා පිළිබ‍ඳව අප අවධානය යොමු කරමු.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- onlanka.com

Sri Lankan President Ranil Wickramasinghe and President of the Islamic Republic of Iran, Dr. Ebrahim Raisi inaugurated the Uma Oya Multipurpose Development Project (UOMDP) on Wednesday (April 24).The post Uma Oya Development Project inaugurated appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

President of Iran, Dr. Ebrahim Raisi, arrived in Sri Lanka on Wednesday morning (April 24) for a one-day visit.The post Iranian President Dr. Ebrahim Raisi arrives in Sri Lanka appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Actress Damitha Abeyratne and her husband were granted bail on the orders of the Colombo Fort Magistrate s Court on Wednesday (24).

- adaderana.lk

President Ranil Wickramasinghe and President of the Islamic Republic of Iran, Dr. Ebrahim Raisi inaugurated the Uma Oya Multipurpose Development Project (UOMDP) on Wednesday (24).

- adaderana.lk

Argentina has asked Interpol to arrest Iran s interior minister over the 1994 bombing of a Jewish community center in Buenos Aires that killed 85 people, the foreign ministry said Tuesday.

- adaderana.lk

The Colombo District Court has delivered a permanent injunction preventing former President Maithripala Sirisena from functioning as the chairman of Sri Lanka Freedom Party (SLFP).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc