23න් පහළ සුරතාව මධ්‍යම පළාතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අන්තර් පළාත් දහයක සහභාගිත්වයෙන් පැවැති අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ සුරතාව හිමිකර ගත්තේ මධ්‍යම පළාතය. නැගී එන තරුණ දක්ෂ ක්‍රීඩකයනට ජාතික කණ්ඩායම ඇතුලුවීමට අවස්ථාව සැලසීම සඳහා පැවැත්වූ මේ තරගාවලියට අවුරුදු 19න් පහළ 23න් පහළ සහ සංවර්ධන කණ්ඩායම නියෝජනය කළ ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම සහභාගීවූහ.
බස්නාහිර (උතුර) බස්නාහිර (දකුණ) බස්නාහිර (මධ්‍යම) දකුණු පළාත මධ්‍යම පළාත උතුරු පළාත නැගෙනහිර පළාත උතුරු මැද පළාත වයඹ පළාත සහ ඌව පළාත මේ තරගාවලියට සහභාගීවූ කණ්ඩායම් දහයයි.
සුරතාව දිනාගත්තේ රොන් චන්ද්‍රගුප්තගේ නායකත්වයෙන් යුත් මධ්‍යම පළාතය. අනුසුරයන් වූයේ බිනුර ප්‍රනාන්දු මෙහෙයවූ බස්නාහිර උතුර පළාතය.
තරගාවලියේ හොඳම පිතිකරු ලෙස උතුරු මැද පළාතේ දිනෙත් තෙමෝද්‍ය හොඳම පන්දු යවන්නා ලෙස වයඹ පළාතේ තරිඳු රත්නායක තරගාවලියේ වීරයා ලෙස බස්නාහිර පළාත (දකුණ) දිලන්ත සඳකැන් අවසාන තරගයේ වීරයා ලෙස මධ්‍යම පළාතේ නිමේෂ ගුණසිංහද තේරිණි. තරගාවලියේ කැපී පෙනුණු පිතිකරුවන් වූයේ චරිත් අසලංක, රොන් චන්ද්‍රගුප්තෙ, විනෝත් භානුක හා දිනේත් තමෝද්‍යාත්ය. හොඳම පන්දු යවන්නන් ලෙස මොහමඩ් ශිරාෂ් තරිඳු රත්නායක හා දිලංක සඳකැන්ද කැපී පෙනුණි.
ක්‍රිකට් ආයතනයේ අන්තර් දිස්ත්‍රික්ක, පළාත් හා ජාතික මට්ටමේ පුහුණුකරුවන් හා තේරීම් නිලධාරීන් මේ තරගාවලියට සම්බන්ධව ක්‍රියා කළහ. නැගෙනහිර පළාත නියෝජනය කළ මඩකලපුව නගරයෙන් කිලෝමීටර විස්සක දුරක පදිංචිකරුවකු වන විසිහැවිරිදි කමලනාත් තානුෂාන් බස්නාහිර පළාත (දකුණ) තරගයේදී කඩුලු දහයක් දවාලීම විශේෂත්වයකි. මෙවැනි විශේෂ සිදුවීම රැසක් තරගාවලිය පුරා සිදුවිණි.
අවසාන තරගයේදී මධ්‍යම පළාත මුල් ඉනිමේ දී ලැබූ ලකුණු 293ට පිළිතුරු ලෙස බස්නාහිර පළාත (උතුර) ලබාගත්තේ මුල් ඉනිමේ දී 176කි. බස්නාහිර (උතුර) කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට යැවුණු අතර තරගය නිම වනවිට ඔවුන් කඩුලු හතරකට ලකුණු 208ක් ලබා සිටියේය.
නිමේෂ ගුණසිංහ (80) සහ නුවන් ඉන්දු ප්‍රනාන්දු (76) මධ්‍යම පළාත වෙනුවෙන් අර්ධ ශතක ලැබූ අතර, මේ කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ දුමිඳු තිලකරත්න මුල් ඉනිමේදී ප්‍රතිවාදී කඩුලු හතර බැගින් දවාලූහ. බස්නාහිර උතුර කණ්ඩායම දෙවන ඉනිමේදී වඩා හොඳින් පන්දුවට පහරදීමට සමත්විණි. එහිදී ෂාලින්ද උෂාන් ලකුණු 87ක් ද සම්මු අෂාන් ලකුණු 60ක්ද රැස් කළහ.
බස්නාහිර, මධ්‍යම, දකුණ වැනි පළාත්වලට හැර වෙනත් පළාත්වලට පෙරකී දිස්ත්‍රික්කවල දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සහය ලබාදෙන ලදී.
අවසාන තරගයේ ප්‍රතිඵල –
මධ්‍යම පළාත මුල් ඉනිම 293යි (ඕවර 76යි)
නිමේෂ ගුණසිංහ 80, නුවන් ඉන්දු ප්‍රනාන්දු 76
ළහිරු සමරකෝන් 38, ලක්ෂාන් ප්‍රනාන්දු 35
බිනුර ප්‍රනාන්දු 39ට 4යි, දුමිඳු තිලකරත්න 98ට 4
බස්නාහිර උතුර මුල් ඉනිම 176
සම්මු අෂාන් 33, ෂහාන් ආරච්චිගේ 32, චරන නානායක්කාර 32
මොහමඩ් ෂිරාස් 45ට 4යි
බස්නාහිර උතුර දෙවන ඉනිම 208ට කඩුලු 4යි
ෂාලින්ද උෂාන් 87 සම්මු අෂාන් 60
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-