How can Sri Lankan charities find international donors and partners?

ඉන්දියාව ප්‍රබල තත්තවයක

- srilankacricket.lk

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (03) ආරම්භවූ ශ්‍රී ලංකා – ඉන්දයා දෙවැනි පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දින තරගය නිමවන විට ඉන්දියාව කඩුලු තුනකට ලකුණු 344ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිණි.

ඉන්දියා ඉනිමේ විශේෂත්වය වූයේ චෙටෙෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේ ශතක වාර්තා කිරීමය. මෙය පුජාරා ගේ 13වන ශතකය සහ රහනේගේ නව වන ශතකයන් වේ. මොවුන් දෙදෙනා සිවිවන කඩුල්ලට නොදැවී එක්කර ඇති ලකුණු ප්‍රමාණය 211කි. ප්‍රථම දින තරගය නතර කරනවිට පුජාරා නොදැවී ලකුණු 128ක් ද (පන්දු 225) රහනේ නොදැවී ලකුණු 103ක් ද (පන්දු 168) ලබා සිටියහ. පුජාරා හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමඟත් රහනේ හතරේ 12ක් සමඟත් තම ශතකයන් වාර්තා කළහ. පුජාරා ප්‍රථම ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදීද ශතකයක් ලැබීය.

_D4W9761x

රංගන හේරත් ලකුණු 83කට කඩුල්ලක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 68කට කඩුල්ලක්ද දවාලූහ. දිල්රුවන් කඩුල්ලක් දවාලුවේ තම ප්‍රථම පන්දුවේම ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් (35) දවාලීමෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට දඟපන්දු යවන මලින්ද පුෂ්පකුමාර නම් කළත් ඔහුට කඩුලු ලබාගත හැකි නොවීය.

ඉන්දියාව වරක් ලකුණු 133කට කඩුලු 3ක් දැවී අසීරු තත්ත්වයකට පත්වෙමින් සිටියත් සිව්වන කඩුල්ල ආරම්භයේදී පුජාරා හා රහනේ දිගු වේලාවක් කඩුල්ලේ රැදෙමින් සෙමින් ඉනිම ගොඩගනිමින් පසුව ලකුණු රැස්කිරීමේ වේගය වැඩිකර ඉන්දීය පිල ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.

මේ තරගයට ශ්‍රී ලංකා කණඩායම නම් කිරීමේදී ප්‍රථම ටෙස්ට් තරගයයට නම් කර සිටි අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක හා ළහිරු කුමාර වෙනුවට දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා හා මලින්ද පුෂ්පකුමාර එක්විණි. අත්‍යාවශ්‍ය කරුණක් වූ කාසියේ වාසිය මෙවරත් හිමිවූයේ ඉන්දියාවටය.

පන්දු යැවීමේදී හා පන්දු රැකිමේදී ගාල්ල තරගයට වඩා ලංකා කණ්ඩායමේ වෙනසක් දක්නට ලැබිණි. ඉන්දීය ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් නැවත වතාවක් ඉනිම ආරම්භ කළේ වේගවත් පිතිහරඹයකිනි. ධවාන් සහ අනෙක් ආරම්භක පිතිකරු කේ. එල්. රාහුල් මුල් විකට්ටුවට ලකුණු 56ක් එක් කළේ ඕවර දහයක් තුළය. (මිනිත්තු 47යි.) තරගයේ එකොළොස් වන ඕවරයේදී දිල්රුවන් පෙරේරා පන්දු යැවීමට කැඳ වූ අවස්ථාවේ ප්‍රථම පන්දුවම ධවාන්ගේ පාදයේ වැදී කඩුල්ල මුවා කිරීමේ වරදට දැවීගියේ ලකුණු 35කටය. එය නොදැවී යාමක් බව රොඩ් ටකර් (ඕස්ට්‍රේලියාව) විනිසුරු තීරණය කළත් ලංකා පිල එය තෙවන විනිසුරු රිචඩ් ඉලින්ග්වර්ත් (එංගලන්තය) වෙත යොමු කිරීමෙන් එය දැවී යාමක් බවට තීරණය කැරිණි.

ධවාන් ලකුණු 35ක් ලබාගත්තේ පන්දු 37කදී (මිනිත්තු 47යි) හතරේ පහර පහක් හා හයේ පහරක් සමගිනි. දිවා ආහාරය තෙක් ඉතිරි ඕවර 18දීම ඉන්දීය පිල ලැබුවේ ලකුණු 45කි. දිවා ආහාරය වන විට ඉන්දියාව කඩුලු 1ක ට ලකුණු 101ක් ලබා සිටියේය.

දිවා ආහාරයෙන් පසු ඕවර එකොළහක් තුළ කේ. එල්. රාහුල් ලකුණු 57කටත් නායක විරාට් කෝලි ලකුණු 13කටත් දැවී ඉන්දීය පිල කඩුලු තුනකට ලකුණු 133ක්ව ලංකා පිල ප්‍රබල අයුරින් තරගයට අවතීර්ණ විණි.

ඉන්දීය සිව්වන කඩුල්ලට පන්දුවට පහරදුන් චෙටෙෂ්වාර් පුජාරා සහ අජින්ක්‍යා රහනේ සවස තේ පානය තෙක් සිව්වන කඩුල්ලට නොදැවී තවත් ලකුණු 105ක් එක් කරමින් කණ්ඩායම අසීරුතාවයෙන් ගොඩ ගත්හ.

දිවා ආහාරයෙන් පසු තෙවන ඕවරයේදී කේ. එල්. රාහුල් දුවද්දී දැවීමට හසුව ලකුණු 57කට දැවී ගියේ පන්දු 82කට මුහුණ දී හතරේ හතක් සමගය. නායක විරාට් කෝලි ලකුණු 13ක් ලබා සිටියදී හේරත්ගේ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක මැතිව්ස්ට උඩපන්දුවක් දී දැවී ගියේය. (පන්දු 29යි. හතරේ 2යි) සවස තේ පානය වනවිට පුජාරා නොදැවී 89ක් ලබාසිට පසුව තම ශතකය ලැබුවේ මිනිත්තු 229කදී පන්දු 164කට මුහුණදී හතරේ නවයක් හා හයේ පහරක් සමගය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

President Ranil Wickremesinghe and Iranian President Dr. Ebrahim Raisi jointly commissioned the Uma Oya Multipurpose Development Project (UOMDP) today(24). With the commissioning of the Uma Oya project 290GWh of electricity will be added annually to the National Grid while 39million cubic meters of water will be released to Monaragala and Hambantota.  

- adaderana.lk

Skies over southern Greece turned an orange hue on Tuesday as dust clouds blown across the Mediterranean Sea from North Africa engulfed the Acropolis and other Athens landmarks.

- adaderana.lk

The two drivers of the race cars involved in fatal crash during the Fox Hill Super Cross 2024 motorsport racing championship at Diyatalawa, have been granted bail by the Bandarawela Magistrate s Court.

- adaderana.lk

The Colombo District Court today issued an injunction order preventing the appointment of Minister Wijeyadasa Rajapakshe as the Acting Chairman of the Sri Lanka Freedom Party (SLFP).

- adaderana.lk

President Ranil Wickremesinghe on Wednesday expressed gratitude to Iran for their technical support, emphasizing that without Iran s assistance, Sri Lanka could not have diverted the Uma Oya tributaries into Kirindi Oya.

- adaderana.lk

Opposition Leader Sajith Premadasa revealed on Wednesday (24) that he intends to contest the upcoming Presidential Election.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc