අවුරුදු 15න් පහළ – ප්‍රීමා ක්‍රිකට් සැප්තැම්බර් 1 වැනිදා සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රීමා සමාගම අනුග්‍රහය දක්වන අන්තර් දිස්ත්‍රික්ක අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 1 සිට 15 දක්වා දිවයින පුරා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. දිස්ත්‍රික්ක කණ්ඩායම් 39ක් සහභාගි වන මේ තරගාවලියට තරග 90ක් අයත් වේ.
යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වවුනියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු සියලුම දිස්ත්‍රික්ක මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටීම විශේෂත්වයකි. කොළඹ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් හයක්ද මහනුවර දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් තුනක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් තුනක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් දෙකක්ද, වෙනත් දිස්ත්‍රික්කවලින් කණ්ඩායම බැගින්ද තරගාවලියට සහභාගි වෙති.
පාසල් හාරසියයකට අධික ප්‍රමාණයක, අවුරුදු 15න් පහළ කණ්ඩායම් පසුගිය පාසල් ක්‍රිකට් වාරයේදී දැක් වූ විශිෂ්ට දක්ෂතා මත දිස්ත්‍රික්ක කණ්ඩායම් තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා ප්‍රකාශ කරයි. දිස්ත්‍රික්ක කණ්ඩායම් තෝරාගෙන ඇත්තේ තේරීම් කමිටු මගිනි. එක් තේරීම් කමිටුවකට ජාතික තේරීම් කමිටු සම්බන්ධීකරණ නිලධාරියෙකු අන්තර් පළාත් තේරීම් කමිටු සම්බන්ධීකරණ නිලධාරියෙකු දිස්ත්‍රික්ක තේරීම් නිලධාරියෙකු, පාසල් සංගමයේ තේරීම් නිලධාරියෙකු සහ විශිෂ්ඨත්වයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක තේරීම් නිලධාරියෙකු අයත් වෙති.
දිස්ත්‍රික්ක තරගාවලි මගින් ක්‍රීඩක දක්ෂතා ඉස්මතු කර ගැනීමට අපේක්ෂා කරන බවද මතිවානන් මහතා ප්‍රකාශ කරයි.
ක්‍රීඩකයනට සියලු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික්කවලට ලබාදෙයි. ක්‍රීඩකයනට ඒ ඒ දිස්ත්‍රික්කවල තරග පැවැත්වෙන ස්ථානවල නවාතැන් පහසුකම් උදේ දහවල් රාත්‍රී ආහාර තරග විනිසුරුවනට ලකුණු සටහන් කරුවනට දීමනාද දිසත්‍රික්ක සංගමය සපයයි.
තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් කොළඹ පැවැත්වෙන අන්තර් පළාත් තරගාවලියට සුදුසුකම් ලබති. අන්තර් පළාත් තරගාවලිය සැප්තැම්බර් 20 සිට සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වීමට අපේක්ෂිතය.
එහි ජයග්‍රාහිකයනට මුදල් ත්‍යාගද හිමි මේ. දක්ෂතම ක්‍රීඩකයනටද මුදල් ත්‍යාග පිරිනැමේ. අන්තර් දිස්ත්‍රික්ක තරගාවලියේ ගියවර සූරතාව දිනාගත්තේ බස්නාහිර පළාත දකුණ කණ්ඩායමය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-