How can Sri Lankan charities find international donors and partners?

ප්‍රථම එක්දින තරගය ඉන්දියාව ජයගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉරිදා (21) පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු නවයක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේ ඕවර 21.1ක් ඉතිරිව තිබිය දීය.  ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 43.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 216ට පිළිතුරු ලෙසින් ඉන්දියාව ඕවර 28.5කදී ලකුණු 220ක් වාර්තා කළේ පිතිකරුවෙකු පමණක් දැවී යාමෙනි.

මේ තරගයේද කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට ලබාදීමටය.  ඉරිදා නිවාඩු දිනයේ විවිධ වර්ණවලින් සැරසුණු විශාල ජනකායක් තරගය නැරැඹීමට පැමිණ සිටි අතර, ඔවුන් දිරිමත් කිරීමට කුඩා සංගීත කණ්ඩායම් කිහිපයක්ද විය.  ඔවුනගේ විනෝදාස්වාදය ලංකා ඉනිමේ ඕවර 17ක් 25ක් වනතුරු පැවැතිණි.  මුලදී ශ්‍රී ලංකාව පහසුවෙන් ලකුණු 300ක් කරායනු පෙනිණි.

_D4W4591x

තරගයෙන් පසුව ඉන්දීය නායක විරාට් කෝලි ප්‍රකාශ කලේ තම කණ්ඩායමේ දඟපන්දු යවන්නන් තිදෙනාම යොදාගෙන අලුත් ක්‍රීඩකයනට අවස්ථාව දී ක්‍රීඩා කළේ 2019 ලෝක කුසලානයට දැන් සිටම කණ්ඩායම සකස් කිරීමේ අරමුණින් බවය.  ශිකර් ධවාන්ගේ ඉනිම (නොදැවී 132) පිළිඳව ප්‍රශංසා මුඛයෙන්  කතා කළ කෝලි ඔහු ඉනිමක ලකුණු අතරට පැමීණි කළ නැවතීමට අපහසු බවද පැවසීය.   අත්හදා බැලීම් සිදු කිරීමේදී මෙවැනි තරගාවලියන්හිදී තරගයක් දෙකක් පරාජය වුවත් කම් නැතැයි හේ කීය.  දඹුලු ක්‍රීඩාංගණය මීට වසර නවයකට පෙර කෝලී ප්‍රථමවරට ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසී ක්‍රීඩාංගණය වන අතර ඔහුට මෙය වාසනාව ගෙනා ක්‍රීඩාංගණයකි.

ශ්‍රී ලංකා නායක උපුල් තරංග ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තත් ලංකා ඉනිමට අවශ්‍ය තරම් ලකුණු සංඛ්‍යාවක් එක් නොවූයේ මැදපෙළ අසාර්ථක වීමෙන් බවය.  ඉන්දියා පිතිකරුවන් හොඳින් පන්දුවට පහරදුන් බව කියූ ශ්‍රී ලංකා නායකයා ඉදිරි තරග පිළිබඳව දැඩි අවධානය යොමුකරන බවද කීවේය.

ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ විසිපස්වන ඕවරය වනවිට කඩුලු 1කට ලකුණු 139ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූවත් මැදපෙළ අසාර්ථක වීමෙන් ඉනිම සීමා වූයේ ලකුණු 216කටය.  නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම වේගවත් අයුරින් ආරම්භ කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හය ඉක්මවා වන පරිදිය.   ගුණතිලක මුළු ලකුණු 74 දීත් දික්වැල්ල මුළු ලකුණු 139 දීත් දැවී යාමෙන් පසුව ලංකා කණ්ඩායම් නායක උපුල් තරංග ලකුණු 13කටත්, චාමර කපුගෙදර ලකුණකටත්, වනිදු හසරංග ලකුණු දෙකකටත්, තිසර පෙරේරා ලකුණු නොලබාත්, මුළු ලකුණු 178කට කඩුලු 7ක් බවට ක්ෂණිකයෙන් පත්විණි.    ලංකා කණ්ඩායමෙන්   අවසාන කඩුලු නවය දැවී ගියේ ලකුණු 77ක් එක්වත්දීය.

දික්වැල්ල හා මෙන්ඩිස් දෙවන කඩුල්ලට පන්දු 63කදී අගනා ලකුණු 65ක් එක් කිරීම විශේෂයකි.  දික්වැල්ල පන්දු 74කදී හතරේ අටක් සමග ලකුණු 64ක්ද ගුණතිලක පන්දු 44කදී හතරේ හතරක් සමග ලකුණු 35ක්ද කුසල් මෙන්ඩිස් පන්දු 37කදී හතර් පහක් සමග ලකුණු 36ක්ද ඇන්ජිලෝ මැතිව්ස් පන්දු 50කදී හතරේ පහරක් හයේ පහරක් සමග නොදැවී ලකූණු 36ක්ද රැස් කළහ.  හිටපු නායක මැතිව්ස් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඉනිම ගොඩ ගැනීමට ප්‍රයන්තයක නියැලුනත් අනෙක් කෙළවරේ පිතිකරුවන් ලඟ ලඟම දැවී යාමෙන් එම උත්සාහයන්ද ව්‍යාර්ථ විණි.  අක්ෂාර් පටෙල් ලකුණු 34කට කඩුලු තුනක් ද බුම්රා ලකුණු 22කට කඩුලු දෙකක්ද යාදව් ලකුණු 26කට කඩුලු දෙකක්ද දවාලුහ.

ඉන්දියාව පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ මුල් ලකුණු 23දී රෝහිත් ෂර්මා ලකුණු හතරකට දුවද්දී දැවී යාමෙන් පසු ශිකර් ධවාන් සහ නායක විරාට් කෝලි පන්දු 143කින් නොදැවී ලකුණු 197ක දෙවන කඩුල්ලේ සබදතාවයෙන් කණ්ඩායම පහසුම ජයග්‍රහණයකට පිවිසිණි.  ධවාන් පන්දු 90කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 20ක් සමග නොදැවී ලකුණු 132ක්ද කෝලි පන්දු 70ක දී හයේ පහරක් හා හතරේ දහයක් සමග නොදැවී ලකුණු 82ක් ද ලබාගත්හ.  තරංග හා දික්වැල්ල අතින් ගිළිහුණු අසීරු උඩපන්දු දෙකක් ඉන්දීය පිතිහරඹයකට තවත් අස්වැසිල්ලක් විය.  තරගයේ වීරයා වේගවත්ම ලකුණු පනහ, වැඩිම හයේ පහර සම්මාන හිමිවූයේ ශිකර් ධවාන්ටය.

කණ්ඩායම් දෙක අතර දෙවන එක්දින තරගය බ්‍රහස්පතින්දා (24) පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- onlanka.com

The Ministry of Defence of Sri Lanka has announced a General Amnesty period from April 20, 2024, to May 20, 2024, specifically targeting members of the Tri-Forces who have been marked as Absent Without Official Leave (AWOL).The post General Amnesty announced for Tri-Forces AWOL personnel, excludes Commissioned Officers appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Sri Lanka's Finance State Minister Shehan Semasinghe recently engaged in bilateral talks with Robert Kaproth, the U.S. Treasury's Deputy Assistant Secretary.The post Sri Lanka and United States discuss Economic Support and Reforms appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

An Israeli missile has struck Iran, according to two U.S. officials who spoke with CBS News, the BBC's US partner.The post Israeli missile strikes Iran amid escalating Middle East tensions appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

China has written off an unspecified amount of Zimbabwe s interest-free loans and pledged to help the Southern African country find a way out of its debt crisis, even as activists warned of a permanent debt trap.

- adaderana.lk

An official delegation of the Foreign Affairs Ministry will visit New Zealand from 22-25 April to attend to the matters related to the opening of the Sri Lankan High Commission in Wellington.

- adaderana.lk

Showers or thundershowers will occur in parts of the Western, Sabaragamuwa, North-western, Uva and Central provinces and Anuradhapura, Vavuniya, Mannar, Galle and Matara districts after 2.00 p.m. today (20).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc