කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමෙන් උසස් ප්‍රතිඵල ලැබුවා – ප්‍රීමා ආයතනය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 15න් පහළ අන්තර් දිස්ත්‍රික්ක හා පලාත් ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීම තුළින් උසස් ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව උදා වූ බව පවසන අනුග්‍රාහක ප්‍රීමා සමාගමේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රධාන කළමණාකරු ෂන් ටියන් මහතා මෙම තරගාවලිය දැන් යොවුන් ක්‍රීඩකයනට කුසලතා හා අත්දැකීම් බහුලව ලබාදෙන අත්වැලක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කරයි.
එකොළොස්වන වරටත් මේ තරගාවලියට අනුග්‍රහය දැක්වීමට මේ හේතූන් මූලික වූ බවත් කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට තවත් වරක් අවස්ථාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්තවන බවද ඒ මහතා කියයි.
ප්‍රීමා කුසලාන අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියෙන් ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම බිහිව සිටිති. ජාතික කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වාත් සධීර සමරවික්‍රම, අනුක් ප්‍රනාන්දු හා ප්‍රියමාල් පෙරේරා 19න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති මේ තරගාවලියෙන් බිහි වූ ක්‍රීඩකයෝ ය.
අවුරුදු 15න් පහළ තරගාවලිය පිළිබඳ්ව එස්. එස්. සී. ක්‍රීඩංගණයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් අතුරින් ජාතික සංචිතයක් පිහිටුවා එය දිගටම පවත්වාගෙන යාමෙන් ජාතික මට්ටමින් දක්ෂ ක්‍රීඩකයන් රැසක් අනාගතයේ දී බිහිකිරීමට අවස්ථාව උදාවනු ඇතැයි ද කීවේය.
අවුරුදු 15න් පහළ මූලික වටයේ තරග මැටින් විකට්ටුවලද අවසාන තරගය තණතිල්ලක ද (ටර්ෆ් විකට්) පැවැත්වීමට තීරණය කර තිබේ.
උතුරු – නැගෙනහිර පළාතෙන් කණ්ඩායම් පහක් අවුරුදු 15න් පහළ තරගාවලියට සහභාගිවීමෙන් කුඩා අවධියේ සිටම ජාතීන් අතර එකමුතුභාවය වර්ධනය කිරීමට පියවර ගැනීමක් සිදුවනු ඇතැයි ප්‍රීමා ලාංඡන කළමණාකරු අචිල රාමනායක මහතා සඳහන් කරයි.
අවුරුදු 15න් පහළ අවසාන මහා තරගය රූපවාහිනිය මගින් විකාශනය කිරීමට ද සියලු විධි විධාන යොදා තිබේ. මේ තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහොන් සිල්වා ප්‍රධාන විධායක ඈෂ්ල් ද සිල්වා හා ප්‍රීමා ආයතනයේ නිලධාරීහු ද සහභාගී වූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-