ඔක්තෝබරයේ එන නව ක්‍රිකට් නීති පිළිබඳව ශ්‍රී ලංකා විනිසුරුවන් දැනුවත් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මෙහෙයවන ක්‍රිකට් තරග විනිසුරුවන්ගේ ආසියානු ප්‍රාදේශීය වැඩමුළුව සැප්තැම්බර් 21 සහ 22 (බදාදා සහ බ්‍රහස්පතින්දා) ප්‍රථම වතාවට කොළඹ දී පැවැත්වේ. මේ වැඩ මුළුවට සහභාගි වන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානයයි.
වැඩ මුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන්නන් අතර ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මගින් නම්කර ඇති විනිසුරුවන් තිදෙනෙකු ජගත් සමුළුවේ කළමණාකරන විනිසුරුවරයෙකු හා දේශීය විනිසුරුවන් හයදෙනෙකු සහභාගී වෙති. රුචිර පල්ලියගුරු, රැන්මෝ මාටිනස් හා රවින්ද්‍ර විමලසිරි ජගත් ක්‍රිකට් සමුළුවේ තරග විනිසුරුවන් වන අතර ජගත් සමුළුවේ කළමණකරණ විනිසුරු වන්නේ අශෝක ද සිල්වාය.
තරග විනිසුරුවන් සඳහා වන මේ වැඩ මුළුවේ ප්‍රධන අරමුණක් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව පනවන නව නීති රීති පිළිබඳව තරග විනිසුරුවන් හොඳින් දැනුවත් කිරීම හා ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමය. පීටර් මැනුවල් (ශ්‍රී ලංකාව) හා ඩේවිඩ් ලෙවන්ස් (බ්‍රිතාන්‍ය) වැඩමුළුව මෙහෙයවති. බංග්ලාදේශයෙන් හා පාකිස්තානයෙන් සහභාගිවන්නේ තරග විනිසුරුවරයෙකු බැගිනි. තරග විනිසුරුවන්ගේ ප්‍රාදේශීය වැඩමුළු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු රටවල පැවැත්වෙන අතර එය මෙහි පැවැත්වෙන ප්‍රථම වතාවය.
2017 ඔක්තෝබර් මස 1 වැනිදා සිට ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව නව නීති රීති කිහිපයක්ම හඳුන්වා දෙන අතර එම නීති පිළිබඳවද ශ්‍රී ලංකා බංග්ලාදේශ හා පාකිස්තාන විනිසුරුවන් මේ වැඩ මුළුවේදී දැනුවත් කැරේ. ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩක හා පුහුණුකරු අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මගින් මේ යෝජනා සකස් කර තිබේ.
නව නීති අනුව පිතිකරුවකු කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියා දැයි විනිසුරුගෙන් කරන ඉල්ලීම්වලට ඇති සීමාවන් ඉවත් කැරේ. 20-20 තරග සඳහා ච රෑපවාහිනියෙන් නැවත ප්‍රතිරූපනයෙන් ලබාදෙන තෙවන විනිසුරුගේ තීරණ ක්‍රියාත්මක වේ. දුවද්දී දැවීයාමේ සහ ස්ටම්ප් කීරිම් වලදී (පිතිකරුගේ සීමවෙන් එළියේ සිටියදී) පිතිකරු තම පිත්ත උඩින් සීමාව පසු කළේ නම් එය දැවී යාමක් නොවේ. මෙවැනි තීරණ කිහිපයක සංශෝධන පිළිබඳවද විනිසුරුවන් දැනුවත් කරනු ඇත.
පිත්තේ දාරයේ වැදීයන පන්දු කඩුලු රකින්න් ස්ලිප් ක්‍රීඩකයන් අල්ලා ගැනීමෙදී කරන ඉල්ලීම් සඳහාද සීමා පැනවීමක් නොමැත.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-