කණ්ඩායමේ නව වෙනස්කම් කිහිපයෙන් අලුත් බලාපොරොත්තු ඇතිවේවි – ක්‍රිකට් ප්‍රධාන විධායක
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දුර්වල ප්‍රතිඵල ලැබුණු කාලපරිච්ඡේදයක් පසුගිය දිනවල තිබුණා. නව තේරීම් කමිටුවක් නව කණ්ඩායමක් සමග පාකිස්තාන සංචාරයේදී අපට නැවත වතාවක් යහපත් ප්‍රතිඵල පෙන්වීමට අවස්ථාව උදාවේවි. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරතුරුවම ක්‍රියාකරන්නේ යැයි එහි ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම පාකිස්තාන සංචාරයට ඇතුළත් වනවා. තරුණ දක්ෂයන් සමග ඔවුන් මේ සංචාරයේ දී අප අපේක්ෂා කරන වෙනස සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වන්නේ යැයි ද ඈෂ්ලි ද සිල්වා පවසයි. පාකිස්තානය සමග පස්දින ටෙස්ට් තරග දෙකකට එක්දින තරග පහකට හා 20 – 20 තරග තුනකට සහභාගි වීම මේ මස 24 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලායන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග වැඩ සටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා එසේ අදහස් පළ කළේය.
අවසාන 20 – 20 තරගය පමණක් පාකිස්තානයේ ලාහෝර් නගරයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන අතර, එම තරගයට සති දෙකකට පෙර එහි ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පරික්ෂාවක් කර එහි යාම තීරණය කරන බව ද ක්‍රිකට් විධායක නිලධාරී පැවසීය.
ප්‍රථම ටෙස්ට් තරගය අබුඩාබිහිදීත් දෙවන ටෙස්ට් තරගය ඩුබායි හි දීත් පැවැත්වීමට නියමිතය. දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ප්‍රථමවරට සහභාගි වන දිවා – රාත්‍රී ටෙස්ට් තරගයයි. මේ තරගය පැවැත්වෙන්නේ රෝස පන්දුව භාවිත කර ගනිමිනි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව රෝස පන්දුවෙන් මීට පෙර දේශිය ක්‍රිකට් තරගාවලියන් හි නිරතව ඇති හෙයින් දෙවන ටෙස්ට් තරගය රෝස පන්දුවෙන් දිවා/රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීම අසීරු කරුණක් නොවන බවය.
මෙවර දක්ෂ තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට අවස්ථාව ලැබී තිබෙනවා ජ්‍යෙෂ්ඨ 3 – 4ක් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
මේ දෙකොටසේ සම්මිශ්‍රණයෙන් තමාට හොඳ කණ්ඩායමක් ලැබී ඇතැයි චන්දිමාල් පවසයි. අවසාන 20 – 20 තරගය පමණක් ලාහෝරයේ (පාකිස්තානයේ) පැවැත්වෙනවා. ඊට සහභාගි වීම පිළිබඳව ක්‍රීඩකයන් සියල්ල සමග අප සාකච්ඡා කළ යුතුයි. කෙසේවුවත් ඕනෑම තැනක (ක්‍රිකට් ආයතනය තීරණය කරන) ක්‍රීඩා කිරීමට අප ගිවිසුම්වලට එළඹ සිටිනවා.
කණ්ඩායමේ කඩුලු රැකීමේ කාර්යය නිරෝෂන් දික්වැල්ල දැන් හොඳින් ඉටු කරමින් සිටින හෙයින් අවශ්‍ය වුවහොත් පමණක් තමා කඩුලු රකින්නා ලෙස කටයුතු කරන බවද දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 4 – 5ක් මේ සංචරයට නම් කර සිටින හෙයින් කණ්ඩායම තුළ කුඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්ක් සෑදීම සාර්ථක වන බවය.
මාගේ පුද්ගලික මතය නම් ක්‍රීඩකයෙකුට ටෙස්ට් 4 – 5ක් එක්දිනට ක්‍රීඩා කිරීමට අවස්ථාව දියයුතු බවය. එසේ වුවහොත් දක්ෂ ක්‍රීඩක පිරිසක් අපට අනාගතයේ දී සකසාගත හැකියි. චන්දිමාල්, තිරිමාන්න, මැතිව්ස්, හේරත්, වැනි ක්‍රීඩකයන්ගෙන් ජ්‍යෙෂ්ඨ පිරිසක් සකස්කරගත හැකියි. තිරිමාන්නට උපනායකකම දුන්නේ නායකයා සහ තවත් ක්‍රීඩකයන් 4 – 5ක් සමග සාකච්ඡා කරලයි. තිරිමාන්නට පැහැදිලි ටෙස්ට් තරග අතීතයක් තිබෙනවා. ඔහු මීට පෙරත් උපනායකත්වය දරා තිබෙනවා.
ධනංජය ද සිල්වා කණ්ඩායමට අයත් නොවුවත් අප ඔහු ඉවත් කර නැහැ. ළඟ එන ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් (ඒ කණ්ඩායම්වල) පසුව නැවත ලකුණු අතරට පැමිණි වහාම ධනංජය ශ්‍රී ලංකා පිලට යළිත් එක් වේවි. මැතිව්ස් නොමැති පාඩුව පිරවීම අපහසු වුවත් ඔහු දෙවන ටෙස්ට් තරගයට එක් වේවි. මැතිව්ස් එක්දින හා 20 – 20 තරගවලදී පන්දු යැවීමටත් අපේක්ෂා කරනවා.
ග්‍රේම් ලාබ්‍රෝයි (තේරීම් කමිටු සභාපති) තම අනාගත සැලැස්ම ලඟදීම හෙළිදරව් කරනු ඇතැයි ද අසංක ගුරුසිංහ කීවේය.
ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස් කීවේ ප්‍රථම ටෙස්ට් තරගයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැති වූවත් නවක ක්‍රීඩකයෙකු එම ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරනු ඇති බවය.
මේ මස 24 වැනිදා අබුඩාබි බලායන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක) ළහිරු තිරිමාන්න (උපනායක) දිමුත් කරුණාරත්න, කෞෂල්‍ය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් විශ්ව ප්‍රනාන්දු හා ළහිරු ගමගේ
– බන්දුල මොල්ලිගොඩ –