15න් පහළ ක්‍රිකට් අවසාන තරගය – ඔක්තෝබර් 6-7
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හා ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ඔක්තෝබර් 6-7 (සිකුරාදා සහ සෙනසුරාදා) දිනවල කොළඹ මේට්ලන්ඩ් පෙදෙසෙහි එස්එස්සී ක්‍රීඩාංගණ තණතිල්ලේ දී පැවැත්වේ.
අන්තර් පාසැල් ක්‍රිකට් වාරයේ අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ කණ්ඩායම් 400කට අධික ප්‍රමාණයක විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තෝරා ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් තරග කර එහිදී දස්කම් පෙන්වූ ක්‍රීඩකයන් අන්තර් පළාත් තරගාවලියට සහභාගි කරවා, දක්ෂතම පළාත් දෙක අවසාන තරගයට තෝරාගෙන තිබේ.
අවසාන තරගයට සහභාගි වන්නේ බස්නාහිර පළාත (දකුණ) සහ බස්නාහිර පළාත (මධ්‍යම) කණ්ඩායම් ය. මෙහි මූලික වටයේ සියලු තරග මැටින් විකට්ටුවල පැවැති අතර මේ අවසාන තරගය පමණක් එස්එස්සී තණතිල්ලේ පැවැත්වේ. අන්තර් දිස්ත්‍රික්ක කණ්ඩායම් 39ක් මූලික වටයේ දී මෙම තරගාවලියට එක්ව සිටියහ. මෙම තරගාවලිය වෙනුවෙන් රුපියල් මිලියන 2.1ක මුදලක් වැය කෙරුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මෙම තරගාවලියට ප්‍රීමා සමාගම අනුග්‍රහය දක්වන්නේ එකොළොස්වන වතාවටයි. මෙහි ජයග්‍රාහකයනට හා අනුසූරයනට මුදල් ත්‍යාග පිරිනැමේ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-