ශ්‍රී ලංකාවේ ප්‍රථම දිවා-රාත්‍රී ටෙස්ට් තරගය පාකිස්තාන-ශ්‍රී ලංකා දෙවැනි ගැටුම 6-10
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ඔක්තෝබර් 6-10 දක්වා ඩුබායි හි පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව දැනටමත් තරග 1-0කින් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුනට මෙවර සංචාරයේදී තරගාවලියේ ජය්‍රහණය හෝ ජය පැරැදුමින් තොරව නිමවීමක් පමණක් හිමිවේ. රෝස පන්දුවෙන් ශ්‍රී ලංකාව තරග කරන ප්‍රථම දිවා-රාත්‍රී ටෙස්ට් තරගය මෙය වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිකට් තරග සංවිධානය කිරීම ආරම්භවීමෙන් පසු 2011 පැවැති තරග දෙකක තරගාවලිය පාකිස්තානය තරග 1-0කින් ජයගත් අතර, 2013/14 තරගාවලය තරග 1-1 බැගින් ජය පැරැදුමින් තොරව නිමවිය. ශ්‍රී ලංකාව මෙවර දෙවැනි තරගය ජයගතහොත් හෝ තරගය ජය පැරැදුමින් තොරව කෙළවර කළොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ජය හිමිවේ. ශ්‍රී ලංකාව මෙහිදී පරාජය වුවහොත් පමණක් 1-1 බැගින් සමවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ මස්පිඩු පෙරැළිමකින් (ඉරීමකින්) දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවෙන බව ඩුබායි නගරයෙන් වාර්තා වේ. මේ අතර ප්‍රථමහ ටෙස්ට් තරගයට සහභාගි වූ ආරම්භක පිතිකරු කෞශල්‍ය සිල්වා සහ ළහිරු තිරිමාන්න ලකුණු අතර නොසිටි අතර සධීර සමරවික්‍රම හෝ රොෂේන් සිල්වාට දෙවැනි තරගයේ අවස්ථාවක් හිමිවීමට අවකාශ ඇත.
මේ අතර පාකිස්තානය දැන් වැඩිපුරම අවධානය යොමුකර ඇත්තේ රංගන හේරත්ගේ දඟපන්දු යැවීම පිළිබඳවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතිලිවල තත්ත්වය හා පිතිකරුවන්ගේ ආධුනිකත්වය ප්‍රථම තරගයට හේතු වූ බව ද පාකිස්තාන කණ්ඩායම පවසයි. පාකිස්තානය සමග පමණක් කඩුලු 100ක් ලබා සිටින හේරත් ට මුහුණදීමට හොඳ සැලසුමක් පාකිස්තානය සතුව තිබුණද හේරත් ද තම සැලසුම් වෙනස්කර පන්දු යවමින් කඩුලු ලබාගත් බව ඔවුන්ගේ ප්‍රබල ම පිතිකරු අසාර් අලි පවසයි.
පසුගිය දින දෙක තුළ ම තම කණ්ඩායම වැඩිපුර අවධානය යොමු කළේ හේරත්ගේ පන්දු යැවීම පිළිබඳව අධ්‍යයනය කිරීමට බව ඔවුහු පවසති. දෙරට අතර දැනට පැවැති තරගාවලි තුළින් පාකිස්තානය තරගාවලි නවයක් ද ශ්‍රී ලංකාව තරගාවලි තුනක් ද, විසඳුමක් නොමැති තරගාවලි තුනක් ද නිමකර ඇත.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-