සමරවික්‍රම – චන්දිමාල් ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට පත්කරති
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පාකිස්තානය සමග දෙවන ටෙස්ට් තරගයේදීත් පිට පිටම මුල් ඉනිමවලදී පිත්තෙන් පෙන් වූ දස්කම් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දින තරගය (ඔක්තෝබර් 6 වැනිදා) නිම වන විට, ශ්‍රී ලංකාව කඩුලු තුනකට ලකුණු 254ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවීමට අවස්ථාව උදාවිණි. රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලංකා කණ්ඩායම ප්‍රථම දිනයේම පෙන්වූ දක්ෂතා පැසසිය යුතුවේ.
අබුඩාබිහි පැවැති ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 93ක් ලැබූ දිමුත් කරුණාරත්න මෙදින නොදැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත්විණි. දිමුත් මෙදින පන්දු 281ක ට මුහුණ දී දර්ශනීය හයේ පහරක් හා හතරේ පහර 15ක් ද එල්ල කළේය. මොහු මෙදින ලබාගත්තේ සිය හත්වන ටෙස්ට් ශතකයයි. එලෙසම දිගු කළක් දෙවැනි ඉනිමේදී විශේෂයෙන් දස්කම් පාමින් සිටි දිමුත් කරුණාරත්නගේ පිත්ත දැන් මුල් ඉනිමේ ද ක්‍රියාත්මක වීම සුබවාදී ලක්ෂණයකි.
වසරක දෙකක පමණ කාලයක් ක්‍රිකට් පිටියේ අසාර්ථක වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පෙර කළ මෙන් ස්ථාවර තත්ත්වයට පත් වෙමින් තිබීම ද කාගේත් සතුටට කරුණක් වනු නිසැකය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සවස තේ පානය වන විට කඩුලු 1ක ට ලකුණු 96ක් ද (ඕවර 28) රාත්‍රී ආහාරය වන විට කඩුලු 3 කට ලකුණු 174ක් ද (ඕවර 59) ලබා සිටියහ. මේ ලකුණු ලැබීම ප්‍රථම ටෙස්ට් තරගයට වඩා වේගවත් විණි. ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වූ ළහිරු තිරිමාන්න සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට සධීර සමරවික්‍රම සහ ළහිරු ගමගේ මේ තරගයට කැඳවා තිබිණි.
දිමුත් කරුණාරත්න සහ කෞශල්‍ය සිල්වා මුල් විකට්ටුවට ඕවර 23ක දී අගනා ලකුණු 63ක් ලබා සිටියි දී කෞශල්‍ය විසින් ෂා ගේ පන්දුවකට අපරික්ෂාකිරී ලෙස හරවා පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේ ලකුණු 27ක ට ය. සධීර සමරවික්‍රම අංක තුන පිතිකරු ලෙස මේ තරගයට එක්කිරීම මේ සංචාරයේ ගත් හොඳම තීරණය බව ඔහු ඔප්පු කළේ ඉතාමත් පහසුවෙන් පාකිස්තාන පන්දු යවන්නන්ට මුහුණ දෙමින් අලංකාර හයේ හතරේ පහර පිටියපුරා එල්ල කරමිනි. සධීර පන්දු 35ක දී ලකුණු 38ක් ලැබූ අතර ඔහු පිතිකරණයේ යෙදුණු ආකාරය අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා පිතිකරණයට පැහැදිලි අනාගතයක් පවතින බවට ද ඉඟි පහලවිණි. රූපවාහිනී විස්තර ප්‍රචාරක පාකිස්ථානයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක රමීෂ් රාජා ප්‍රකාශ කළේ මහේල ජයවර්ධන නැවත ඉපදී (ක්‍රිකට් පිටියට පිවිස) ඇති බවය.
දිමුත් කරුණාරතන්ගේ සහ සමරවික්‍රමගේ දෙවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 68කි. සමරවික්‍රම දෙවන කඩුල්ල ලෙස ලකුණු 131ක දී දැවී ගිය පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් විසින් යසීර් ෂාගේ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක ශෆීක්ට උඩ පන්දුවක් දී දැවී ගියේ ලකුණුකටය. මෙන්ඩිස් තරුණ දක්ෂ පිතිකරුවකු වුවද මේ දිනවල ඔහු ලකුණු අතර නොසිටීම ශ්‍රී ලංකා පිතිකරණය මීටත් වඩා ප්‍රබල වීමට යම් බාධාවක්ව පවතී. මෙන්ඩිස් තෙවන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 136 දීය.
සිව්වන කඩුල්ලට සධීර සමරවික්‍රමට එක් වූ නායක දිනේෂ් චන්දිමල් දැඩි ඉවසිලිවන්ත බවකින් ලංකා ඉනිම ක්‍රමානුකූලව ගොඩනගමින් ප්‍රබල තත්ත්වයකට පත් කළහ. මොවුන් දෙදෙනා තරගය නිමවන තෙක් ක්‍රීඩා කරමින් සිව්වන කඩුල්ලට නොදැවී 118ක් එක්කිරීම විශේෂ කරුණකි. තරගය නිමවන විට සමරවික්‍රම නොදැවී ලකුණු 133ක් ද චන්දිමාල් නොදැවී ලකුණු 49ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම දින තරගය ආරම්භයේ සිට අවසානය තෙක් කාලසීමා තුන තුළ දී (ආරම්භය-තේපානය, තේ පානය – රාත්‍රී ආහාරය, රාත්‍රී ආහාරය – තරග නිමාව) ලකුණු 96ක් ලකුණු 78 ක් හා ලකුණු 80ක් ලැබුහ. අවසාන භාගයේ නොදැවී ලකුණු එක් කිරීමට සමරවික්‍රම හා චන්දිමාල් සමත්විණි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-