How can Sri Lankan charities find international donors and partners?

දිමුත් කරුණාරත්න 196යි.  ශ්‍රී ලංකාව 482යි

- srilankacricket.lk

Thanathillen Eha_1

ඩුබාහි යි පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන දෙවන පස්දින දිවා-රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී (07) ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු, දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ වැඩි ලකුණු සංඛ්‍යාව වන ලකුණු 196ක් රැස් කිරීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම ඉනිමේදී ලකුණු 482ක් ලබා, දැනටමත් තරගයේ යහපත් ස්ථාවරත්වයක් ලබාගැනීමට අවස්ථාව උදාව තිබේ.

දිමුත්, ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස, ඕවර 137ක් වනතුරු කඩුල්ලේ රැඳී, මුළු ලකුණු සංඛ්‍යාව 429 වන තුරු තම කඩුල්ල ආරක්ෂා කරගෙන, අනෙක් පිතිකරුවන් සමඟ සබඳතා හයක් ගොඩනගමින් පෑ විශිෂ්ට දස්කම් මත ශ්‍රී ලංකාවට මේ ගෞරවනීය තත්ත්වය ලැබිණි.  ලොව ද්විත්ව ශතක ලාභීන්ගේ ලැයිස්තුවට යාමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුට තිබූ අනගි අවස්ථාව අහිමිව ගියේ ලකුණු හතරක් පමණක් අඩුවීමෙනි.  ඔහු ලකුණු 196 ලැබුවේ පන්දු 405කට මුහුණ දී හයේ පහරක් හා හතරේ පහර 19ක් සමඟිනි.

කලක් කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද සිල්වා වැනි පිතිකරුවන් ද්විත්ව දීර්ඝ ශතක ලබා ලංකා ඉනිම ලකුණු 500 අසළට හා ඉන් එහා ගෙන ගිය ආකාරය සිහිගන්වමින් වත්මන් පරපුරේ දිමුත් කරුණාරත්න දීර්ඝ ඉනිමවලට සූදානම් වන ආකාරය දක්නට ලැබීම ශ්‍රී ලංකා අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට සුබදායි පෙරනිමිත්තකි.

දිමුත් කරුණාරත්න මුල් විකට්ටුවට කෞෂල්‍ය සිල්වා සමඟ ඕවර 22.5ක දී ලකුණු 63ක ද, දෙවන කඩුල්ලට සධීර සමරවික්‍රම සමඟ ඕවර 13.2ක දී ලකුණු 68ක ද, සිව්වන කඩුල්ලට නායක, දිනේෂ් චන්දිමාල් සමඟ ඕවර 64.3ක දී ලකුණු 146ක ද, පස්වන කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සමඟ ඕවර 17.3ක දී ලකුණු 88ක ද, හයවන කඩුල්ලට දිල්රුවන් පෙරේරා සමඟ ඕවර 16.5ක දී ලකුණු 59ක ද සබඳතා තබාගත් ආකාරය විශිෂ්ටය.

මෙහිදී මැදපෙළ පිතිකරුවන් දිමුත් කරුණාරත්නට ලබා දුන් සහයෝගය පැසසිය යුතු වේ.  නායක, දිනේෂ් චන්දිමාල් පැය හතරකට අධික කාලයක් කඩුල්ලේ රැඳී පන්දු 195ක ට මුහුණදී හතරේ හයක් සමඟ ලකුණු 62ක් ද, නිරෝෂන් දික්වැල්ල ආක්‍රමණශීලී පිති හරඹයක නිරත වෙමින් පන්දු 53ක ට මුහුණ දී හතරේ පහක් සමඟ ලකුණු 52ක් ද, දිල්රුවන් පෙරේරා පන්දු 76ක දී හතරේ හතක් සමඟ අගනා ලකුණු 58ක් ද එක් කිරීම විශේෂත්වයකි.

සමස්තයක් වශයෙන් ගත්කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නව පුහුණුකරු, හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න වත්මන් පිතිකරුවනට කඩුල්ලේ රැඳී සිටීමේ ව්‍යායාමය හොඳ හැටි කියාදී තිබීමද සාර්ථකත්වයට තවත් කරුණකි.  දඟපන්දු යවන යසීර් ෂා මෙවරද මුල් ඉනිමේදී ලකුණු 184ක ට ලංකා කඩුලු හයක් දවාලමින් ලෝක වාර්තා පොතට එක්වූයේ පිට පිට ම ටෙස්ට් තරග පහකදී කඩුලු පහ බැගින් (ඕනෑම ඉනිමක) දවාලූ ලොව ප්‍රථම පන්දු යවන්නා බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකා ඉනිම අග භාගයේදී රංගන හේරත් පිත්තෙන්ද දස්කම් දක්වමින් පන්දු 72ක ට මුහුණදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 27ක් ලබා සිටියේය.  ලංකා අවසාන කඩුලු තුන ඕවර 12.3ක් තුළ ලකුණු 21ක ට දැවී යාමෙන් හේරත්ට එහා කෙළවරේ පිතිකරු නොමැතිව ක්‍රීඩාගාරයට ඒමට සිදුවිණි.

දෙවන දින සවස තේ විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 4ක ට ලකුණු 355ක් ද, රාත්‍රී ආහාරය වනවිට කඩුලු 7ක ට ලකුණු 461ක් ද ලබා සිටියේ ය.

දෙවන දින තරගය නතර කරන විට පාකිස්තානය සිය මුල් ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 51 (ඕවර 18) ලබා සිටි අතර, එහිදී ෂාන් මසූඩ් නොදැවී ලකුණු 15ක් ද, සාමි අස්ලාම් නොදැවී ලකුණු 30ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.  දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට මසූඩ් කඩුල්ල මුවා කළ අවස්ථාවේ ලංකා පිල එය තෙවන විනිසුරුට යොමු නොකළ අතර, රූපවාහිනී නැවත විකාශයෙන් පෙන්වූයේ පන්දුව කඩුල්ලේ වදින බවයි.

තෙවන දින (08) තරගය ආරම්භ වනවිට පාකිස්තානය පසුවන්නේ ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 431ක් පිටුපසිනි.  දැනට තරගය පවතින්නේ, ජය-පැරදුමකින් තොරව නිමවන අයුරක හෝ ශ්‍රී ලංකාවට වාසිදායක වන තත්ත්වයකය.  ජය-පැරදුමින් තොරව කෙළවර වුවත්, තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වේ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

U.N. rights chief Volker Turk said on Tuesday that he was Âhorrified by the destruction of the Nasser and Al Shifa medical facilities in Gaza and reports of mass graves containing hundreds of bodies there, according to a spokesperson.

- onlanka.com

Sri Lanka captain Chamari Athapaththu is back at the top of the ICC Women’s ODI Batting Rankings after a superb 195 not out in the third ODI against South Africa in Potchefstroom that helped her team level the ICC Women’s Championship Series 1-1.The post Chamari Athapaththu back atop ICC Women’s ODI Batting Rankings appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Minister of Power and Energy Kanchana Wijesekera says the Ceylon Electricity Board (CEB) incurred a loss to the tune of Rs. 9.8 billion per annum as a result of the delays in the construction and commissioning of the Uma Oya hydropower plant.

- adaderana.lk

The Colombo Chief Magistrate s Court has delivered an order against the protest march planned to be staged by the Ceylon Electricity Board (CEB) employees union near the Polduwa Junction in Welikada police area tomorrow (24).

- island.lk

Chamari Athapaththu who scored an unbeaten 195 in just 139 balls to take Sri Lanka to a remarkable win over South Africa in their final ODI in Potchefstroom last week, has risen to the No. 1 spot in the ICC’s batting rankings for women’s ODIs. Athapaththu’s knock broke a number of records in women’s cricket, […]

- island.lk

Ten crew members have been killed after two Malaysian navy helicopters collided in midair and crashed to the ground. The Royal Malaysian Navy said in a statement that the two aircraft collided on Tuesday morning as they were taking part in aerial training in northern Lumut, where the navy has its headquarters. One helicopter, an […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc