How can Sri Lankan charities find international donors and partners?

“වැලිකතරේ ක්ෂණික ක්‍රිකට්” ශ්‍රී ලංකා-පාකිස්තාන තරග 13 සිට

- srilankacricket.lk

Thanathillen Eha_1

අරාබි ජාතිකයන් පමණක් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන දකුණු ආසියාතිකයන් ඇතුළු විශාල පිරිසක් අමන්දානන්දනයට පත්කරන ශ්‍රී ලංකා-පාකිස්තාන “වැලිකතරේ ක්ෂණික ක්‍රිකට්” එක්දින ක්‍රිකට් තරග පහක තරගාවලිය සහ 20-20 තරග තුනක තරගාවලිය මෙවර ආරම්භ වන්නේ මේ මස 13 වැනි සිකුරාදා සිටය.  සිකුරාදා දිනයන් එහි නිවාඩු දිනයන් හෙයින් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තරග නැරැඹීමට පැමිණෙතැයි අපේක්ෂිතය.

ඩුබායි, සාජා සහ අබුඩාබි නගරයන් හි ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් විශාල පිරිසක් සේවයේ නියුතු හෙයින් මෙය ශ්‍රී ලංකාවේ ම පැවැත්වෙන තරගයක් හා සමාන වනු නිසැකය.  ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ එක්දින තරග විශේෂඥයන් නව දෙනෙකුම ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති.  ඔවුන් නම්, එක්දින නායක, උපුල් තරංග, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ ය.

DSC_4365

ජයග්‍රාහී ටෙස්ට් කණ්ඩායමෙන් ඉතිරිව සිටින්නේ දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප්ය. ඉන්දීය සංචාරයෙන් පසුව ටෙස්ට් කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් වූ එක්දින නායක, උපුල් තරංග ප්‍රකාශ කළේ, එක්දින තරග පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීමට හා කැපවීමට තමා එම තීරණය ගත් බව ය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග ඉතිහාසය අනුව, 1975 සිට මේ දක්වා කණ්ඩායම් දෙක අතර එක්දින තරග 148ක් පවත්වා ශ්‍රී ලංකාව තරග 58කින් ද පාකිස්තානය තරග 85කින් ද ජයගෙන ඇති අතර, තරගයක් සමවී තරග හතරක විසඳුමක් ලැබී නොමැත.  ශ්‍රී ලංකාව ඕවර 50ක ඉනිමක ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 368ක් වන අතර, අඩුම ලකුණු සංඛ්‍යාව 78කි.

මෙවර තරගාවලියේ එක්දින තරග පහ ම දිවා-රාත්‍රි තරග ලෙසත්, 20-20 තරග තුන රාත්‍රි කාලයේ තරග ලෙසත් පැවැත්වීමට නියමිතය.  ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 13 වැනිදා ප්‍රථම තරගයත්, අබුඩාබි නගරයේදී 16 හා 18 දිනවල දෙවැනි හා තුන්වැනි එක්දින තරග දෙකත් සංවිධානය කර තිබේ.  සිව්වන හා පස්වන එක්දින තරග දෙක පැවැත්වෙන්නේ 20 සහ 23 වන දිනයන් හි සාජා නගරයේ ය.  20-20 ප්‍රථම හා දෙවන තරග දෙක පැවැත්වෙනුයේ නැවත අබුඩාබි නගරයේ ය.  ඔක්තෝබර් 29 වැනිදා අවසාන 20-20 තරගය පාකිස්තානයේ ලාහෝර් නගරයේ පැවැත්වීමට නියමිත අතර, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය විසඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයනට ප්‍රථම පුරවැසි ප්‍රභූ ආරක්ෂාව සැපයීමට පාකිස්තාන බලධාරීන් එකඟව ඇත.  අවසාන වරට පාකිස්තානයේදී මීට වසර හතකට පමණ උඩදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් එහි සංචාරය කළ අතර, කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් එහි සංචාරයන්ට සහභාගි නොවීය.

එංගලන්තයේදී මීට මාස තුනකට පෙර පැවැති චැම්පියන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරයන් වූයේ ද වත්මන් නායක සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි.  එම තරගාවලියේදී ඔවුන් අවසාන පූර්ව තරගයට තේරුණේද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට යද්දී තරගය පාකිස්තාන නායකයාගේ පිති හරඹයෙන් නොසිතූ ලෙස අනෙක් අතට පෙරැළීමෙනි.  ශ්‍රී ලංකාවට තවත් ඉදිරියට යාමට තිබූ අවස්ථාව ඉන් වැළැකිණි.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක, දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශ කළේ ක්‍රීඩකයන් ජයග්‍රහණ පිපාසයකින් පෙළුණු බවය.  එක්දින තරගාවලිය පිළිබඳව ද එක්දින නායක, උපුල් තරංගට කීමට ඇත්තේ ද මෙයයි.

ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පසුවන්නේ ජයග්‍රාහි මානසිකත්වයකිනි.  ශ්‍රී ලංකාව දැන් ටෙස්ට් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේදී හත්වන ස්ථානයේ සිට හයවන ස්ථානයට පත්ව සිටී.  කළක් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව පසු වූයේ ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රථම ස්ථානයේ ය.  එය අපගේ අභිමානයයි.  අඩු වූ අභිමානය යළි සොයා යන ගමනේ සමාරම්භය මෙය යැයි අපගේ ප්‍රාර්ථනයයි.

logo b-1Mobil_PMS-TM-1

– බන්දුල මොල්ලිගොඩ – 

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Russia says there is no evidence to back claims Sri Lankans are involved in the Ukraine war. The Russian Embassy in Colombo said that it does not have any information about the participation of Sri Lankan nationals in the Ukrainian conflict on the Russian side. “Neither we are aware of a local recruiting agency which […]

- colombogazette.com

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says. Febrio De-Zoysa was arrested and charged in early March with six counts of first-degree murder and one count of attempted murder, after police found the family dead in a townhouse […]

- colombogazette.com

The United National Party (UNP) accused the Archbishop of Colombo, Malcolm Cardinal Ranjith, of having a hand in the mess Sri Lanka is in as a result of his earlier links to then President Gotabaya Rajapaksa. UNP General Secretary, Palitha Range Bandara said that the Cardinal had admitted he was misled by Gotabaya Rajapaksa and […]

- adaderana.lk

The Department of Meteorology has issued a weather alert, warning that extreme heat can be expected in parts of the island tomorrow (20).

- adaderana.lk

Oil slipped on Friday after prices spiked earlier on reports that Israel had attacked Iran as market fears of a major escalation to hostilities in the Mideast appeared to ease.

- adaderana.lk

State Minister of Finance Shehan Semasinghe says that the government is confident of reaching resolution with commercial creditors and the private bondholders which will enable Sri Lanka to be a debt sustainable country, as the engagements with them are underway.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc