How can Sri Lankan charities find international donors and partners?

අනිවාර්යයෙන්ම ජයගත යුතු තරගයක්

- srilankacricket.lk

බන්දුල මොල්ලිගොඩ අබුඩාබි සිට ලියයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි 18 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවන එක්දින තරගයේදී තරගාවලියේ පරාජයට පත්නොවී රැදී සිටීමට ශ්‍රී ලංකාව වෙනස්කම් කිරීමට අපේක්ෂාවෙන් පසුවෙති.

අබුඩාබි හි ෂායෙඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැනට අංශක 38ක පමණ උෂ්ණත්වයක් පැවැතුනත් මෙහි සවස 3ට තරගය ආරම්භවන හෙයින් එය ක්‍රීඩකයනට තදින් බලනොපායි.  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව අවසානවරට පාකිස්තානය සමග තරග වැදුනු අවස්ථා දෙකේම ප්‍රතිඵලය වූයේ 2011 වසරේදී තරග 4 -1 කින් ද 2013 වසරේදී තරග 3-2කින් ද පාකිස්තානය ජයගැනීමය.

ෂායෙඩ් ක්‍රීඩාංගණය ආරම්භයේ සිටම මෙතෙක් පිතිකරුවනට වාසි ලබාදී නොමැති අතර, ලකුණු 300 ඉක්මවා ලබා ඇත්තේ තෙවතාවක් පමණකි.  පාකිස්තානය සමග පැවැති අවසාන එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 101ක ට ඔවුනගේ ප්‍රබලම පිතිකරුවන් හයදෙනෙකුම දවාගෙන සිටියදී ඉනිම ඉක්මනින් කෙළවර කර ගැනීම අපොහොසත් වීම පරාජයට ප්‍රධානම හේතුවය.

DSC_7995

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පුහුණුකරු හෂාන් තිලකරත්න පවසන්නේ ලංකා පිතිකරුවන්ට කොතරම් දක්ෂතා තිබුණත් තණ තිල්ල මැදදි ඔවුන් දක්වන දුර්වලතා අසාර්ථකත්වයට හේතූවන බවය.  කළක් එක්දින වීරයෙකු වන දිනෙෂ් චන්දිමාල්ට මෙවර ලකුණු දහයේ සීමාව ඉක්මවීමට අපහසුව සිටී.  බොහෝ බලාපොරොත්තු තබා සිටින අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු අතර නොසිටීම කණස්සල්ලට කරුණකි.  මෙන්ඩිස් අවසාන වරට අර්ධ ශතකයක් ලැබීමෙන් පසුව තරග 12ක දී ඔහු ලබා ඇත්තේ ලකුණු 40කි.  මැදපෙළ ශක්තිමත් කිරීමට යෙදවූ මිලින්ද සිරිවර්ධන සම්පූර්ණයෙන් අසාර්ථක වීමෙන් ඔහුට තම ස්ථානය නැවත රැකගැනීමට බලවත් වෙහෙසක් දැරීමට අනාගතයේ දී සිදුවේ.  තරුණ ක්‍රීඩක මෙන්ඩිස්ට සිදුව ඇත්තේ පීඩනයෙන් ගැලවී පහසුවෙන් පන්දුවට පහරදීමට නොහැකිවීමය.

තිසර පෙරේරා දෙවන එක්දින තරගයේදී හොඳින් පන්දු යැව්වත් කලක් අප දුටු ඔහුගේ ක්‍රීඩාංගණයෙන් එලියට පන්දුව යන වේග පහරවල් දැන් දක්නට නොලැබෙන තරම්ය.

කණ්ඩායම් දෙක අවසානවරට සහභාගී වූ තරග දෙස බලන විට පාකිස්තානය තරග නවයෙන් අටක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව අවසාන තරග නවයම පරාජය වී සිටී.  පාකිස්තානයේ දක්ෂතා මෑතකදී මතුව ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයකටය.  මීට මාස හතරකට පෙර එංගලන්තයේ පැවැති චැම්පියන් ලෝක කුසලාන තරගාවලියේදී ඔවුන් අවසාන තරගයේදී ඉන්දියාව පරදා ලෝක සූරයන් විය.  දැනට වසරකට පෙර සෑම අංශයකින්ම දුර්වලව සිටි පාකිස්තානය දැන් අංශ තුනෙන්ම (පිතිකරණය, පන්දු රැකීම හා  පන්දු යැවීම) ප්‍රබල ලෙස ඉදිරියෙන් සිටී.  ඊට ප්‍රධානම හේතුව ඔවුන්ගේ තරුණ ක්‍රීඩකයන් පෙන්වන දක්ෂතාවයන්ය.

බාබර් අසාම් (අවුරුදු 23යි) ෂඩාබ් ඛාන් (19) සහ හසන් අලි පෙන්වන විශිෂ්ට දක්ෂතා මත දැන් කණ්ඩායම නව ජීවයක් ලබා සිටිති.  ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා දැක්වීමට නම් ඉදිරි පෙළ හා මැද පෙළ පිතිකරුවන් අනිවාර්යයෙන්ම දක්ෂතා පෙන්විය යුතුවේ.  නැතහොත් සිදුවන්නේ දැන් මේ ස්ථානවල අසාර්ථකවන පිතිකරුවන් වෙනුවට ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිටින කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ මැතිව්ස් වැනි පිතිකරුවන් පිළිබඳව බලාපොරොත්තු තැබීමට සිදුවීමය.

ශ්‍රී ලංකා නායක උපුල් තරංග දෙවන එක්දින තරගයේදී ශතකයක් ලැබුවත් ඔහුගේ සහයට පිතිකරුවකු අනෙක් කෙළවරේ නොවීය.  අනෙක් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ලකුණු දහස ලබාගැනීමට තව අවශ්‍යව ඇත්තේ ලකුණු 87කි.  ශ්‍රී ලංකාව සමඟ පිට පිටම ශතක දෙකක් ලැබූ බාබර් අසාම් දැන් ලොව ඉක්මනින්ම ශතක හතක් (එක්දින) ලැබූ පිතිකරු බවට පත්ව සිටී.

ශ්‍රී ලංකා පන්දු යැවීම මේ දක්වා උසස් මට්ටමක සිටීම සතුටට කරුණකි.

Mobil_PMS-TM-1

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

At least 118 inmates escaped from prison after heavy rains on Wednesday night damaged the facility in Suleja near the Nigerian capital, a prison service spokesperson said.

- adaderana.lk

Sri Lanka s Foreign Minister Ali Sabry is scheduled to leave for Riyadh, Saudi Arabia to attend the World Economic Forum s Special Meeting on Global Cooperation, Growth and Energy for Development which will be held in Riyadh, Saudi Arabia from 28-29 April 2024.

- adaderana.lk

The Japanese International Cooperation Agency (JICA) has agreed to commence the second phase of the Anuradhapura North Water Supply Project, says State Minister of Finance Shehan Semasinghe.

- adaderana.lk

TNA leader and Trincomalee District Parliamentarian R. Sampanthan has been granted leave of three months from attending Parliament sessions.

- adaderana.lk

Former President Maithripala Sirisena has sent a letter of demand to Minister Mahinda Amaraweera, seeking Rs. 1 billion in damages over defamation.

- adaderana.lk

Popular lecturer Upul Shantha Sannasgala has been arrested by the Kandana Police in connection with an alleged fraud.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc