ශ්‍රී ලංකාවට කෘතඥ වන්නේ යැයි පාකිස්තාන ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති

- srilankacricket.lk

බන්දුල මොල්ලිගොඩ සාජා සිට ලියයි…….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ දී මේ මස අවසානයේ (29) අවසාන 20 – 20 තරගයට සහභාගිවීමට තීරණය කිරීම පිළිබඳව පාකිස්තානය ක්‍රීඩා ලෝලීන් මෙන්ම එහි ජනතාවත් ඉමහත් ප්‍රීතියට පත්ව සිටින බවත් ලාහෝරයේ තරග වැඳීමට කැමැත්ත පළකිරීම පිළිබඳව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ශ්‍රී ලංකා වාසීනට කෘතඥතාව පළකරන බවත්, ඔවුනගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරකයන් මෙන්ම මාධ්‍යවේදීහුද මෙහිදී ප්‍රකාශ කළහ.

ක්‍රිකට් යනු පාකිස්තාන ජාතිකයනට සිය ජීවිතය හා සමාන දෙයක්.  ඔවුනගේ ජනප්‍රියම  ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි.  ඔවුන් ඒතරමටම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි.  කැමතියි.  අවුරුදු නවයක් ජාත්‍යන්තර ක්‍රිකට් දැකීමට නොමැති ආශාවකින් පෙලුණු පාකිස්තානුවන්ට මේ සුභ ආරංචිය ඉතා වැදගත් වන්නේ යැයි ද එම ප්‍රවීණයෝ ප්‍රකාශ කළ සිටිති.

DSC_8913

පාකිස්තානයේ සිටින බ්‍රිත්‍ය ගුවන්විදුලි (බී. බී. සී.) හා රූපවාහිනි මාධ්‍යවේදී රෂීඩ් සකූර් ප්‍රකාශ කළේ “ලාහෝරයේ නොබෝ දා පැවති පාකිස්තානය හා ලෝක ක්‍රිකට් ඒකාබද්ධ කාණ්ඩායම අතර තරගය නැරඹීමට දිනපතා ක්‍රීඩාංගණය පිරෙන්නට (විසිදහසක අධික ජනකායක් දිනපතා) ක්‍රීඩාලෝලීන් පැමිණ සිටියා.  මෙයින්ම පෙනී යන්නේ පාකිස්තානුවන් ක්‍රිකට් නැරඹීමට කෙතරම් පිපාසයකින් පෙළෙනවාද යන්නය.  ශ්‍රී ලංකාව සමග 20-20 තරගය පැවැත්වෙන ලාහෝරයේ ගඩාෆී ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර දැනමත් විකිණි අවසානයි”.

ක්‍රිකට් තරග නැවත පාකිස්තානයේ පැවැත්වෙන ආරංචිය අසා පාකිස්තාන ජනතාව දැන් පසුවන්නේ ඉමහත් ප්‍රීතියකින්.  මේ අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහ ක්‍රිකට් ආයතනයටත්, ශ්‍රී ලංකා වාසීනටත් අප ස්තූතිවනවා.  අපට අවශ්‍ය වන්නේ දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාකිස්තානයේ පැවැත්වෙනවා දැකීමට යැයිද රෂීඩ් සකූර් වැඩිදුරටත් කීවේය.

වත්මන් රූපවාහිනි විස්තර විචාරකයන් වන පාකිස්තානයේ හිටපු ප්‍රබල රමීෂ් රාජා සහ වේග පන්දු යවන වකාර් යුනුස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට පාකිස්තානය වෙනුවෙන් මේ අවස්ථාව කළ හැකි ලොකුම උදව්ව එහි ක්‍රීඩා කිරීම බවයි.  ශ්‍රී ලංකාව පාකිස්තානයේ ක්‍රීඩා කළහොත් ක්‍රිකට් ක්‍රීඩාවේ ලියැලෙන සෙසු රටවල් ද නොබියව එහි සංචාරය කරනු නිසැකයි.  එම දොරටු ශ්‍රී ලංකාව විවෘත කරදුන්නොත් අප ඔවුනට ස්තූතිවන්ත වන්නේ යැයිද ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ පාකිස්තානයට එම උපකාරය කරන්නේ නම් කෘතඥ වන බව වකාර් යුනුස් ප්‍රකාශ කරයි.

මීට වසර අටකට පෙර ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරන අවස්ථාවේ ජගත් ක්‍රිකට් කණ්ඩායම් එහි සංචාරය කිරීම නතර කිරීමේ අරමුණින් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙඩි ප්‍රහාරයක් ශ්‍රී ලංකා බසයට එල්ල කළ අතර, එහි දී තිලාන් සමරවීර හා තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු තුවාල ලදහ.  ඉන්පසු මේ දක්වා එකම ජාත්‍යන්තර කණ්ඩායමක් හෝ එහි සංචාරය නොකළහ.  මීට මසකට පමණ පෙර ලෝක ඒකාබද්ධ කණ්ඩායමක් එහි සංචාරය කළ අතර, ඊට ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා ඇතුලත්ව දස්කම් ද පෙන්වීය.

රූපවාහිනි විස්තර ප්‍රචාරක රමීෂ් රාජා ප්‍රකාශ කළ සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස අවසානයේ පාකිස්තානය පැමිණිමේ තම රට තුළ නව පිබිදීමක් ඇතිවනු නියත බවයි.  ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත 20-20 තරග තුනෙන් දෙකක් මේ මස 26 හා 27 දිනවල එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන අතර අවසාන තරගය 29 වනදා ලාහෝරයේ ගඩාෆී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

මේ අතර ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රේම් ලැබ්‍රෝයි ප්‍රකාශ කරන්නේ තුන්වන 20-20 තරගයට පාකිස්තානයට යාමට ප්‍රතික්ෂේප කරන ලංකා ක්‍රීඩකයන් ප්‍රථම හා දෙවන තරග සඳහා සැලකිල්ලට නොගන්නා බවකි.

Mobil_PMS-TM-1

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc