How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කොදෙව් සංචාරයේ දී හොඳ දක්ෂතා

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය ඉරිදා (නොවැමබර් 5) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නිල නොවන ටෙස්ට් (සිව්දින) තරගාවලිය 2 – 1කින් ජය ගනිමින් සහ තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 1 – 1  බැගින් සමවීමෙනි.  එක්දින තරගාවලියේ දෙවන තරගය වර්ෂාව මත පැවැත් වූයේ නැත.

ෆ්ලෝරන්ස් හෝල්හි පැවැති ශ්‍රී ලංකා ඒ – බටහිර ඉන්දීය කොදෙව් ඒ ප්‍රථම සිව්දින නිල නොවන ටෙස්ට් තරගය කොදෙව් ඒ පිල ජය ලැබුවේ ඉනිමකින් හා ලකුණු 13කිනි.  ඔක්තෝබර් 11 -14 දක්වා පැවැති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් කොදෙව් ඒ පිල මුල් ඉනිම සඳහා කඩුලු 8ක ට ලකුණු 364ක් ලැබූ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලැබුවේ ලකුණු 212ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 139ක්  පමණෙකි.

ෆ්ලෝරන්ස් හෝල් ක්‍රීඩාංගණයේම ඔක්තෝබර් 19 – 21 දක්වා පැවැති මේ තරගය ශ්‍රී ලංකාව ලකුණු 280කින් ජය ලැබුවේ දින තුනක කාලයක් තුළදීය.  මේ තරගයේ දී ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලකුණු 294ක්  ද දෙවන ඉනිමේ දී  කඩුලු 9ක ට ලකුණු 267ක් ද ලැබූ අතර, කොදෙව් ඒ පිල මුල් ඉනිමේ දී හා දෙවන ඉනිමේ දී ලබාගත්තේ පිළිවෙලින් ලකුණු 137ක් සහ ලකුණු 144ක් පමණෙකි.

Sri Lanka A Team in West Indies

කණ්ඩායම් දෙක අතර තෙවන සිව්දින ටෙසට් තරගය පැවැත්වූයේ කින්ග්ස්ටන් හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ දී ඔක්තෝබර් 26 – 28 දිනවලය.  මේ තරගය ද දින තුනක් තුළ ශ්‍රී ලංකා ඒ පිල ජයගත්තේ කඩුලු දහයකිනි.  මේ තරගයේ දී ද අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීගිය කොදෙව් ඒ කණ්ඩායම මුල් ඉනිමේ දී ලකුණු 181ක ට සහ දෙවන ඉනිමේ දී ලකුණු 118කටය.  ශ්‍රී ලංකා ඒ මුල් ඉනිමේ දී ලකුණු ලකුණු 273ක් ලැබූ අතර, දෙවන ඉනිමේ දී ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු 27 ඔවුන් ලබාගත්තේ කිසිදු පිතිකරුවෙකු නොදැවීමෙනි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ කින්ග්ස්ටන් හි ප්‍රථම එක්දින තරගය තියුණු ගැටුමකින් පසු ශ්‍රී ලංකා ඒ ජය ගත්තේ කඩුලු දෙකකිනි.  කොදෙව් ඒ පිල ලබාගත් ලකුණු 176ට පිළිතුරු ලෙස ඕවර 48 ක දී ශ්‍රී ලංකා ඒ පිල කඩුලු 8ක ට ලකුණු 181ක් ලබා එම තරගය ජය ගත්තේය.  ශ්‍රී ලංකා නව  වන කඩුල්ලට ෂෙහාන් ජයසූරිය නොදැවී 31ක් ද අමිල අපොන්සු නොදැවී 16ක් ද ලබා ලකුණු 32ක නොදැවුණු සබදතාවයකින් මේ ජය ලැබීය.  දෙවන එක්දින තරගය වර්ෂාව මත එකම පන්දුවක්වත් නොයවා විසඳුමකින් තොරව කෙළවර විණි.

තෙවන එක්දින තරගය කොදෙව් ඒ ජය ගත්තේ ලකුණු 45කිනි.  කොදෙව් ඒ පිල ලබාගත් ලකුණු 152ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව  ඕවර 38.3ක දී දැවී ගියේ ලකුණු 107කටය.   එස්. කොට්රල් ලකුණු 19ක ට ලංකා පිතිකරුවන් සිව් දෙනෙකුම දවාලීය.  ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිපුන් කරුණානායක පන්දු 113ක දී ලකුණු 43ක් රැස් කර දැවී ගියේ ලංකා ඉනිමේ අවසාන පිතිකරු ලෙසටය.

ශ්‍රී ලංකා ඒ – බ. ඉ. කොදෙව් ඒ කණ්ඩායම් දෙක අතර සිව්දින ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ශතකයක් හා අර්ධ ශතක දෙකක්ද දසුන් ශානක ශතකයක් හා අර්ධ ශතකයක් ද රොෂෙන් සිල්වා අර්ධ ශතක දෙකක්ද රැස් කළහ.

තරගාවලිය මැද දී දසුන් ශානක ජාතික පිල නියෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන්වා ගන්නා ලදී.  පන්දු යැවීමේ දී මිලින්ද පුෂ්පකුමාර (කඩුලු 23යි) හා ෂෙහාන් ජයසූරිය (කඩුලු 13යි) කැපී පෙණුනි.

සමස්තයක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 2 – 1 කින් ජය ගැනීම සහ එක්දින තරගාවලිය 1 – 1 බැගින් සම කිරීමෙන් වැඩි දක්ෂතා පෙන් වූ කණ්ඩායම බවට පත්විය.   මෙම ඒ කණ්ඩායමේ ධනංජය ද සිල්වා, දසුන් ශානක හා රොෂෙන් සිල්වා ඉන්දීය සංචරයට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නම් කැරිණි.

තරුණ ක්‍රීඩකයන් රැසකින් සමන්විත වූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් කොදෙව් සංචරයේ දී දැක් වූ දක්ෂතා පැසසුමට ලක්විය යුතුවේ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc