ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයින්ගේ ආර්ථිකය දියුණු කිරීමට ඩල්මියා මුල් වූවා – ශ්‍රී ලංකා ක්‍රිකට්...

- srilankacricket.lk

Thanathillen Eha_1

ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආර්ථික පසුබිම උසස් තත්ත්වයකට ගෙනඒමට පුරෝගාමීව ක්‍රියාකළ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මොහන් ඩල්මියා මහතා අති දක්ෂ පරිපාලකයෙකු ලෙස සුහද සාකච්ඡා මගින් ගැටලු සාර්ථකව විසඳූ දක්ෂ නිලධාරියෙකු යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඩල්මියා මහතාගේ 77 වන ජන්මෝත්සවය අමතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සහ උප මහද්වීපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ඩල්මියා මහතාගෙන් සිදු වූ සේවය උදාර හා විශිෂ්ඨ වන්නේ යැයි ද සුමතිපාල මහතා එහි දී සඳහන් කළේය.  ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ පීතෘ ලෙස සැලකූ ඩල්මියා මහතා සිය 75 වන ජන්ම දිනයට දින දෙකකට පසු පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.  බැංගලෝරයේ ටාජ් හෝටලයේ ක්‍රිස්ට්ල් ශාලාවේ පැවැති ඩල්මියා 77 වන ජන්ම උත්සවය අඟහරුවාදා (14) පැවැති අතර ඊට ශ්‍රී ලංකා –  ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම් ද ශ්‍රී ලංකා – පකිස්තාන – ඉන්දියා ක්‍රිකට් ආයතනයන් හි නියෝජිතයන් හා වත්මන් හා හිටපු ක්‍රීඩකයන් රැසක් ද සහභාගි වූහ.

Jagmohan Dalmiya Annual Conclave 2017 View Full

මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා හා ඉන්දියා ක්‍රිකට් හිටපු නායක කපිල් දේව් ප්‍රධාන දේශන දෙක පැවැත් වූ අතර, මුල්ම කථිකයා වුයේ තිලංග සුමතිපාල මහතාය.  මෙහි දී චන්ද්‍රලේඛා ඩල්මියා මහත්මියට මල් කළඹක් ප්‍රදානය කරන ලද්දේ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිය.  එම අවස්ථාවට දිනේෂ් ඩල්මියා, අවිශේක් ඩල්මියා ද එක්ව සිටියහ.  මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඩල්මියා මහතා ජගත් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් සිදුකළ අමිල මෙහෙය ද සිහිපත් කළේය.  සාකච්ඡා මාර්ගයෙන් කටයුතු සාර්ථක කරගැනීමට ඩල්මියා මහතා තුළ විශේෂ දක්ෂතාවක් තිබුණා.  ක්‍රිකට් පරිපාලකයෙක් ලෙසට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩකයන්ගේ ආර්ථිකයත් ඉහළ මට්ටමකට ගෙන ඒමට පුරෝගාමී වූවා.  1996 ලෝක කුසලාන ක්‍රිකට් සංවිධායක කමිටුවේ (PIL Com – පිල්කොම්) ඔහු විශේෂ කාර්යභාරයක් ඉටු කළා.  ජනවාර්ගික ප්‍රශ්ණය මත ඕස්ට්‍රේලියාව සහ බටහිර කොදෙව් දූපත් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඉන්දියා – පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ඒකාබද්ධ කණ්ඩායම සංවිධානය කළේ ඩල්මියා මහතායි.

ඒකාබද්ධ කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දියාවේ මොහොමඩ් අසුරුදීන් පත් කිරීමටත්, පාකිස්තානයේ වසිම් අරක්රමි ඔහු යටතේ ක්‍රීඩා කිරීමට කැමති කරවා ගැනීමටත් ඒකාබද්ධ කණ්ඩායමේ කළමනාකරු ලෙස ඉන්ටිකාබ් අලාම් (පාකිස්තානය) නම් කිරීමටත් ඩල්මියා මහතා ගත්තේ මිනිත්තු 5ක වැනි සුළු කාලයකුයි.  එම සාකච්ඡාවට මාත් සහභාගි වූවා.  ඩල්මියා මහතා සාකච්ඡා මගින් සියල්ල විසඳීමට උත්පත්තියෙන්ම දක්ෂ අයෙකි.  සියලුදෙනා සාකච්ඡා මගින් එක මතයකටත් ගෙන ඒමට ඔහුට තිබුණේ පුදුම හැකියාවක්.

ඩල්මියා මහතාගේ ඉදිරි දැක්ම හා විශිෂ්ට නායක්තවය ජගත් ක්‍රිකට් සංවර්ධනයට විශාල ලෙස බලපෑවා.  1990 දශකයේ පසුබෑමකට ලක්වීමට ගිය ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රය ඩල්මියා මහතාගේ දක්ෂතා මත නව මගක් ගත්තා.  ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයට ඩල්මියා මහතාගෙන් සිදු වූ සේවය සදා මතකයේ රැ‍‍‍‍‍‍ඳන බව ද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

ඉන්දීය ක්‍රිකට් හිටපු නායක කපිල්දේව් මෙහි දී අදහස් දක්වමින් තමා ක්‍රීඩකයෙකු ලෙසත් ඉන් පසුවත් ඩල්මියා මහතා ළඟින් ඇසුරු කළ බවත් ඔහු නිසා වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩාව ආර්ථක වශයෙන් උසස් මට්ටමක පවතින බව කීවේය.

ඩල්මියා මහතා දක්ෂ කථිකයෙකු නොවූවත් සාර්ථක ගිවිසුම්වලට එළැඹිමට හා දෙබස් මගින් විසඳුම්වලට ඒමට අති දක්ෂ අයෙකු බව ද කීය.

1940 මැයි 30 දා උපත ලැබූ ජග්මොහන් ඩල්මියා මහතා 1997 දී ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සභාපති ධුරයත් 2001 සහ 2015 වසරවල ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරයත් ඉසිලීය.

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc