How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකා – ඉන්දීය ටෙස්ට් තරගය විසඳුමකින් තොරව නිම වේ

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය අවසාන දින තියුණු මුහුණුවරක් උසුලමින් නිමාවට පත් වූයේ ජය පරාජයෙන් තොරවය.  කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ අවසාන දින ශ්‍රි ලංකාවට ඕවර 40ක් තුළ ලකුණු 231ක ඉලක්කයක් ලැබුණු අතර තරගය නිමවන විට ශ්‍රී ලංකාව කඩුලු හතක් දැවී ලබා සිටියේ ලකුණු 75කි.  (ඕවර 26.3යි)

ශ්‍රී ලංකාව මේ තරගයේ බොහෝ අවස්ථාවන් හි ඉදිරියෙන් සිටි අතර, ඉන්දියාවට තරගයට අවතීරණ වීමට හැකිවූයේ සිව්වන හා පස්වන දිනයන් හි සවස්වරුවන්වල දී පමණෙකි.

අයහපත් කාලගුණය ද බොහෝ අවස්ථාවන් හි මේ තරගයට බල පෑවේය.

Indian captain Virat Kohli (3R) and teammates walk off the pitch after bad light stopped play on the final day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 20, 2017.  The match ended in a draw. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Indian captain Virat Kohli (3R) and teammates walk off the pitch after bad light stopped play on the final day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 20, 2017.
The match ended in a draw. / AFP PHOTO / Dibyangshu SARKAR / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

ඉන්දියාව ශ්‍රී ලංකාවේ මීට මාස තුනකට පෙර සංචාරය කළ අවස්ථාවේ ඔවුන් ලංකා පිල ටෙස්ට් තරග තුනේ දී ම පහසුවෙන් ලංකා පිල පරාජයට පත්කළ ආකාරය අනුව ශ්‍රී ලංකා පිල මෙවර ඉන්දීය සංචාරයේ පළමු තරගයේ දී ම ක්‍රීඩා කළ ආකාරයෙන් ඔවුන් පෙරට වඩා විශාල දියුණුවක් ලබා ඇති සෙයක් පෙනිණි.  ඉන්දීය දඟපන්දු යවන්නන්ට එකම කඩුල්ලක් හෝ ලබා ගැනීමට මේ තරගයේ දී නොහැකි විය.  ලොව අංක එකට සහ තුනට ශ්‍රේණිගතව සිටින රවි චන්ද්‍ර අස්වින් සහ රවීන්ද්‍ර ජඩෙජාට කඩුලු ලබාගත හැකි නොවූ අතර, කඩුලු 17ම ලබාගත්තේ වේගපන්දු යවන්නන්ය.

කණ්ඩායම් දෙක අතර දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් 24 – 28 නාග්පූර් හි දී පැවැත්වේ.  ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ලකුණු 231ක ඉලක්කයක් කරා යද්දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 8ක ට කඩුලු 4ක් දවාලුවේය.  ඔහු මුල් ඉනිමේ දී ලකුණු 48ක ට කඩුලු 4ක් දවාලූ අතර, හේ තරගයේ වීරයා ලෙස ද නම් කැරිණි.  ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී සටන්කාමී පිතිහරඹයක නියැලුණු නිරෝෂන් දික්වැල්ල පන්දු 36ක දී හතරේ දෙකක් හයේ දෙකක් සමග ලකුණු 27ක් ද නායක චන්දිමාල් ලකුණු 20ක් ද ලැබූහ.

සිව්වන දින තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 1ක ට ලකුණු 171ක් ලබා සිටී ඉන්දියා අවසාන දින දිවා ආහාරයෙන් පසු තම ඉනිම නිමා කළේ කඩුලු 8ක ට ලකුණු 352ක් (ඕවර 88.4) ලබා සිටිය දී ය.  මෙදින ඉන්දියාව තව කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 181කි.

ඉන්දියාවට දෙවන ඉනිමේ දී ලකුණු 352ක් වැනි සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදා වූයේ ආරම්භක පිතිකරුවන් දෙදෙන එල්. රාහුල් (79) සහ ධවාන් (94) මුල් විකට්ටුවට එක්කළ ලකුණු 166 සහ අවසාන දින ඉන්දීය නායක විරාට් කෝලි පන්දු 119ක දී හතරේ 12ක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලබාගත් ලකුණු 104 මතය.

මෙය කෝලිගේ 18 වන ශතකය (ටෙස්ට්) වේ.  එලෙසම ඔහු ලැබූ 50 වන ජාත්‍යන්තර ශතකය වන අතර එය ලොව ඉක්මණින්ම ලැබූ ලොව දෙවන පිතිකරුවා ලෙස වාර්තා වේ.  මෙය හා සමාන වාර්තාව තබා ඇත්තේ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලාය.

අවසාන දින තරගය ආරම්භ කිරීමෙන් පසු ප්‍රබල පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් (ලකුණු 93ට කඩුලු 3යි) සහ දසුන් ශානක (ලකුණු 76ට කඩුලු 3යි) ඉන්දීය කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් විණි.  මෙදින ප්‍රථම කඩුලු හය ලකුණු 110ක් පමණක් දීමෙන් දවා ගැනීමට ද ලංකා පන්දු යවන්නෝ සමත් විණි.

ඉන්දීය නායක විරාට් කෝලි තම ශතකය ලබනතුරු ඉන්දීය දෙවන ඉනිමේ වාරය නතර කිරීමට පමා නොවූයේ නම් තරගයේ ප්‍රතිඵලය මිට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.

ඉන්දීය දෙවන ඉනිමේ දී ඔවුනගේ ප්‍රබල මැද පෙළ පිතිකරුවන් වන රහනේ (00) ජඩෙජා (09) අස්වින් (07) සාහා (05) හා බුවනේෂ් කුමාර් (08) අඩු ලකුණුවලට දවා ගැනීමට ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

- news.lk

President Ranil Wickremesinghe emphasized the necessity for Global South countries to capitalize on their strengths and collaborate effectively. He underscored the importance of their voices in tackling global challenges like climate change, food security, debt management, digitization, technological advancement, and achieving the Sustainable Development Goals.

- news.lk

The meeting between Iranian President Dr. Ibrahim Raisi who arrived in Sri Lanka to attend the inauguration of the Uma Oya Multipurpose Development Project and President Ranil Wickremesinghe took place yesterday (24) afternoon at the Presidential Secretariat.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc