“මගේ අරමුණ මුලින් තරගයක් හෝ ජය ගැනීමයි” – නව එක්දින නායක තිසර කියයි
ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දී සහ 20 – 20 තරගාවලියේ දී පළමුව එක් තරගයක් ජයගෙන පසුව තරගාවලිය ජය ගැනීම තම බලාපොරොත්තුව වන්නේ යැයි ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින හා 20 – 20 නායක තිසර පෙරේරා ප්‍රකාශ කරයි. ඉන්දියාව සමග තරග වැදීම ලොව ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීම අපගේ ප්‍රධාන අරමුණක් වන්නේ යැයි ද තිසර පෙරේරා තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
ඉන්දීය සංචරයේ එක්දින හා 20 – 20 තරගාවලියට පමණක් නායකයා ලෙස තෝරාගැනීම පිළිබඳව සෑහිමකට පත්වන්නේ දැයි තිසර පෙරේරාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඉන්දීය සංචාරය සාර්ථක කරගැනීමට උපරිමයෙන් ක්‍රීඩා කළහොත් ඉදිරියේ දී ද තමාට අවස්ථාවක් ලැබෙනු ඇති බවත්, තමා කෙරෙහි විශ්වාසය තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෘතඥ වන අතර, සියයට දෙසීයක් කණ්ඩායමට ලබාදීමටත් තම දස්කම් මත තමා පිළිබඳව තීරණයක් ගැනීමට ක්‍රිකට් ආයතනය ගන්නා තීරණවලට එකඟ වන බවත් ප්‍රකාශ කරයි.
එහි දී තවදුරටත් අදහස් දැක් වූ එක්දින නායක තිසර පෙරේරා කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට මා දැඩි ආශාවක් දැක්වූවා. පසුව පාසල් ක්‍රිකට් අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මා හට ශ්‍රී ලංකා කණ්ඩායම වසර නවයක්ම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. දැන් මා ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වී මගේ ක්‍රිකට් සිහින සියල්ල ඉටු වී තිබෙනවා. මා කෙරෙහි විශ්වාසය තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන අතර, මගේ සේවය සියයට දෙසීයක් ලබාදීමටත් පොරොන්දු වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම් පසුගිය දිනවල තිබූ බව අප දන්නවා. මේ පසු බෑම් ඕනෑම කණ්ඩයමකට පොදු දෙයක්. පසුගිය දේවල් අමතක කර හොඳ මානසික තත්ත්වයකින් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීමෙන් අපට ජයග්‍රහණය කරා යා හැකියි. නායකයා වූ විට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිවීම ගැන සතුටුයි. ඒත් මා නායකයා වන්නේ ක්‍රීඩා කරන පැය කිහිපයකට පමණයි. අනෙක් හැම වේලාවටම අප මිත්‍රයෝ. චන්දික හතුරුසිංහ වැනි ප්‍රවීණ පුහුණුකරුවකුගේ සේවයත් ආබාධිතව සිට දැන් සුවය ලබා ඇති අසේල ගුණරත්න, කුසල් ජනිත් වැනි අයගේ සේවයත් අපට ප්‍රයෝජන වේවි. තමා ක්‍රීඩා කළේ පසුගිය තරග 27න් 11ක් පමණ වුවත් එය ප්‍රශ්ණයක් නොවන බවත් තිසර පෙරේරා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය දා ඩුබායි හි කළ සංචාරයේ දී තිසර පෙරේරාගේ නායකත්වයෙන් කණ්ඩායමේ ප්‍රගතියක් හා කණ්ඩායම් හැඟීමක් ක්‍රීඩකයින් තුළ දක්නට ලැබුණු බවත් කීවේය.
උපුල් තරංග ක්‍රීඩකයෙකු ලෙස මීට වඩා සේවයක් ඉටු කරාවි. තිසරගේ නායකත්වයට ඔහුත් එකඟයි. ලංකා කණ්ඩායමේ නායකයා ඉදිරියේ තෝරන්නේ තරගාවලියේ දස්කම් මතයි. සුදුසුම නායකයා ලෝක කුසලානයට නම් කරාවි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-