තවත් පිළිගත් පුහුණුකරුවන් (අදියර II) 20ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන ඒකකය වාර්ෂිකව මෙහෙයවන දේශිය ක්‍රිකට් පුහුණුකරු පාඨමාලා II (LEVEL II) 2017 පාඨමාලාව නොවැම්බර් හය වැනිදා සිට මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව සමත් වූවනට ජාතික, පළාත්, දිස්ත්‍රික්ක, අන්තර් සමාජ සහ අන්තර් පාසැල් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවෙකු වීමේ අවස්ථාව උදා වේ.
මෙවර මේ පාඨමාලාව හැදෑරීමට අයදුම්කරුවන් හැටක් ඉදිරිපත් වු අතර, පරීක්ෂණවලින් පසුව 20ක් ඒ සඳහා තෝරා ගැණිනි. ඔවුන් තෝරා ගෙන ඇත්තේ ලකුණු ලබාදීමෙනි. ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්නම් ලකුණු දහයක් ද ඊට පහළ ජාතික මට්ටමින් (ඒ කණ්ඩායම්, වයස් සීමා අනුව, පළාත් මට්ටමින්) ලකුණු පහ බැගින් ද දිස්ත්‍රික්ක හා පාසැල් මට්ටමේ අයට ඊට අඩු ලකුණු ද හිමි වේ. මෙලෙස අධ්‍යාපන සුදුසුකම්, ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ පළපුරුද්ද, පරිපාලන පළපුරුද්ද හා වෙනත් සුදුසුකම්වලට මේ හා සමානව ලකුණු පිරිනමා වැඩි ලකුණු ලැබූ අයදුම්කරුවන් අතුරින් හොඳම විසි දෙනා මේ සඳහා තෝරාගැණිනි.
හිටපු නායකයෙකු වන හෂාන් තිලකරත්න, වත්මන් එක්දින ක්‍රීඩක සචිත් පතිරණ ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය වන චාමික බණ්ඩාර ප්‍රධාන දිස්ත්‍රික්ක පුහුණුකරුවන් පහක් පිට පළාත්වල ප්‍රධාන පුහුණුකරුවන් මේ අයදුම්කරුවන් විසිදෙනාට අයත් වෙති.
තෝරාගත් අයදුම්කරුවන් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සති හයක දී වැඩ පොතක් (Work Book) සැකසීම, අවුරුදු 17 – 19 කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ ඒ හා සමාන වයස් සීමා කණ්ඩායමක් පුහුණු කරවන ආකාරය පෙන්වා දීම, ක්‍රීඩා පිටියේ පුහුණු කරවීම් සාර්ථකව ඉටු කරන අයුරු විෂයයන් හයක් සමර්ථවීමෙන් මොවුන් පෙන්වා දිය යුතු වේ. එක් විෂයයක් හෝ අසමත් වුවහොත් තෙමසක් තුළ නැවත එය සමත් විය යුතු වේ. විෂයයන් හයම සමත් වූවත් පාඨමාලාව වසර දෙකකට වරක් අලුත් කළ යුතුවේ.
අදියර II පුහුණුකරු පාඨමාලාව භාරව හා ප්‍රධාන පුහුණුකරුවන් ලෙස ක්‍රියා කරන්නේ ජානක දීගොඩ ගමගේ, චමිල ගමගේ සහ හේෂාන් ද මැල්ය. ගමගේ සහ සුමිත්‍ර වර්ණකුලසූරිය (පිතිකරණය) හෙෂාන් ද මැල්, චමිල ගමගේ (වේගපන්දු) පියල් විජේතුංග (දඟපන්දු) මනෝජ් අබේවික්‍රම (පන්දු රැකීම) සයිමන් විල්ස් (කඩුලු රැකීම) භාරව ක්‍රියා කරති. මීට අමතරව ඉගැන්වීමේ ඉගෙනීමේ ප්‍රතිපත්ති පණිවුඩ හුවමාරු දක්ෂතා වීඩියෝ මගින් අධ්‍යාපනය, ඉදිරිපත් කිරීම් හා කථිකත්වය ද පුහුණු කෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව පිට පළාත්වල පුහුණු කරුවනට වැඩි අවස්ථාවක් ලබාදීම ද මෙමගින් සිදු වනු ඇත.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-