ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

විශාඛා පට්නම්හි පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා තෙවන හා අවසාන එක්දින තරගයෙන් කඩුලු අටක ජයක් අත්කරගත් ඉන්දියාව තරගාවලියේ ජය හිමිකර ගත්තේ 2 – 1ක් ලෙසිනි.  ධරම්ශාලාහි පැවැති සහ විශාඛා පට්නම්හි පැවැති දෙවන හා තුන්වන එක්දින තරග ඉන්දියාව ජයගත්තේ ලකුණු 141කින් හා කඩුලු අටකිනි.

තෙවන තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 44.5ක දී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 215ක ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 32.1ක දී ලකුණු 219ක් ලබා ජයගත්තේ කඩුලු දෙකක් පමණක් දැවීයාමෙනි.  තරගාවලියේ වීරයා ලෙස ශිකර් ධවාන් ද අවසාන තරගයේ වීරයා ලෙස කුල්දිප් යදෙව් ද නම් කැරිණි.

ඉන්දියාව මෙහි දී ශ්‍රී ලංකාව පරදා තරගාවලිය ජය ලැබුවේ පිට පිටම අටවන වතාවට එක්දින තරගාවලියක් ජය ලබා 2000 වසරේ ඕස්ට්‍රේලියාව මෙලෙසම තරගාවලි අටක් ජය ගැනීමේ වාර්තාව සම කිරීමෙනි.  ඊට ඉහළින් සිටින්නේ 1980 දශකයේ කොදෙව් පිල ලත් දීර්ඝ එක්දින ජයග්‍රහණයන්ය.  වත්මන් ඉන්දීය එක්දින පිල ලොව අංක 2ටත් ශ්‍රී ලංකා එක්දින පිල අංක අටටත් ශ්‍රේණිගතව සිටී.

Sri Lankan team captain Thisara Perera (L) congratulates Indian batsman Shikhar Dhawan during the third One Day International (ODI) cricket match between India and Sri Lanka at the Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium in Visakhapatnam on December 17, 2017. / AFP PHOTO / NOAH SEELAM / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lankan team captain Thisara Perera (L) congratulates Indian batsman Shikhar Dhawan during the third One Day International (ODI) cricket match between India and Sri Lanka at the Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium in Visakhapatnam on December 17, 2017. / AFP PHOTO / NOAH SEELAM / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

විශාඛා පට්නම් හි ඉරිදා (17) පැවැති තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහයක් කරා යන තත්ත්වයකට කණ්ඩායම පත්කර ගැනීමට තිබු අවස්ථාව මගහැරී ගියේ ලංකා මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙනි.  හිටපු නායක උපුල් තරංග ලංකා කණ්ඩායම ජයග්‍රාහි තත්ත්වයකට ගෙන ඒමට විශිෂ්ඨ පිතිහරඹයක නියැළමින් ඉන්දීය පන්දු යවන්නන් අන්දමන්ද කළත් ඔහු සිදු කළ යහපත් කාර්යය ඉදිරියට ගෙන යාමට අනෙකුත් පිතිකරුවන් අසමත් වීම අවාසනාවකි.  ශතකය ලැබීමට ලකුණු පහක් අඩුව තිබිය දී තරංග දැවී යාමට වඩා පාඩුව වූයේ පහසුවෙන් යා හැකිව තිබූ ලකුණු 325ක් වැනි සංඛ්‍යාවක් සෙසු අය අහිමිකර ගැනීමය.

ඉන්දියාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල යැවූ අවස්ථාවේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක (13) නැවත වතාවක් ලකුණු අතරට ඒමට අසමත් වෙමින් පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 15 දී ය.  දෙවන කඩුල්ලට උපුල් තරංග හා සධීර සමරවික්‍රම විශිෂ්ට පිති හරඹයක නියැළමින් ඕවර 19ක දී ලකුණු 121ක් රැස් කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.36ක් ලෙස වේගයකිනි.

මැදපෙළ පිතිකරුවන් ලකුණු පහක ප්‍රමාණයක හෝ ලකුණු රැස් කළේ නම් ශ්‍රී ලංකාවට පහසුවෙන් ලකුණු 300ක් වැනි සංඛ්‍යාවකට ගොස් ප්‍රතිවාදීනට සටනක් දියහැකි තත්ත්වයකට පත්වීමට අවස්ථාව තිබිණි.  ලංකා කණ්ඩායමේ අවසාන කඩුලු හත ඕවර 11ක දී ලකුණු 26ක් පමණක් එක්වද්දී දැවී යාමෙන් සිදුවූයේ මුළු ඉනිමම ඕවර 44.5ක ට (ලකුණු 215කට) සීමාවීමය.

ශ්‍රී ලංකා දෙවන කඩුල්ලේ අගනා සබදතාව නිමාවට පත් වූයේ සධීර සමරවික්‍රම (ලකුණු 42යි, පන්දු 57යි, හතරේ පහයි) මුළු ලකුණු 136 දී දැවීයාමෙනි.  පන්දු 82ක දී ආක්‍රමණශීලි ලෙස හයේ පහර තුනක් හතරේ 12ක් සමග ලකුණු 95ක් ලබාගත් උපුල් තරංග මුළු ලකුණු 160දී (ඕවර 27.1 දී) දැවී ගියේ නොසිතූ අයුරකිනි.  කුල්දිප් යදෙව්ගේ පන්දුවකට පහරක් එල්ල කිරීමට ගොස් තරංග සීමාවේ රැඳී සිට පසුව පාදය ඔසවා ආපස්සට යාමට උත්සහ දරද්දී කඩුලු රකින දෝනි කඩුල්ල බිඳ දැමීමෙන් තරංග දැවී ගියේය.  තරංග වරක් හර්දික් පාණ්ඩ්‍යාගේ ඕවරකට (තරගයේ නමවන ඕවරය) පිට පිටම හතරේ පහක් ද එල්ල කළේය.  මේ වන විට ශ්‍රි ලංකා ඉනිමේ අඩක් පමණ ගෙවී තිබු අතර එතැන් සිට ඉනිම ගොඩ ගැනීම මැදපෙළ පිතිකරුවන් සතු කාර්යයන් විය.  එහෙත් මැතිව්ස් (17) දික්වැල්ල (08) අසේල ගුණරත්න (17) සහ තිසර පෙරේරා (06) ලකුණු අතරට නොපැමිණීමෙන් ලංකා ඉනිම අඩු සංඛ්‍යාවකට දැවී ගියේ ඕවර 5.1ක් ඉතිරිවය.  ලංකා ඉනිමේ අඩක් වන විට සාමාන්‍ය ලකුණු හය ඉක්මවා සිටියත් ඉනිම නිම වන විට එය 4.79ක් විය.  කුල්දිප් යදෙව් ලකුණු 42ක ට කඩුලු තුනක් ද චාහල් ලකුණු 46ක ට කඩුලු තුනක් ද හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 49ක ට කඩුලු 2ක් ද දවාලූහ.  යදෙව් තරගයේ වීරයා ලෙසත් සිකර් ධවාන් තරගාවලියේ වීරයා ලෙසත් තේරිණි.

ඉන්දියා පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ මුළු ලකුණු 14 දී නායක රෝහිට් ෂර්මා දගපන්දු යවන අකිල ධනංජයගේ පන්දුවක් කඩුල්ලේ වැදී දැවී ගියේ ලකුණු හතකටය.  දෙවන තරගයේ ද්විත්ව ශතක ලාභියා වූ ෂර්මා මෙහි දී ද දැවැන්ත හයේ පහරක් ද එල්ල කර දිගු ඉනිමකට සූදානම් වුවත් ඔහු වේලාසනම දැවී ගියේ අකිලගේ පන්දුව හරිහැටි වටහා නොගැනීමෙනි.  දෙවන කඩුල්ලට සිකර්ධවාන් (නොදැවී 100යි, පන්දු 85යි, හයේ දෙකයි, හතරේ 13යි) සහ සුරාස් අයියර් (ලකුණු 65යි, පන්දු 63යි, හතරේ අටයි, හයේ එකයි) ඕවර 19 ක දී ලකුණු 135ක් රැස් කර ඉන්දියාව පහසු ජයග්‍රහණයකට යොමු කළහ.  ඉනිම නිමවන විට දිනේෂ් කාතික් නොදැවී ලකුණු 26ක් ලබා සිටියේය.  ඉන්දීය ඉනිමේ ඕවරයකට සාමාන්‍ය ගණන 6.8ක් විය.

කණ්ඩායම් දෙක අතර 20 – 20 තරග තුන කටක්, ඉන්දෝර් හා මුම්බායි හි දී ලබන 20, 22 හා 24 දිනවල පැවැත්වීමට නියමිතය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Former Deputy Minister Palitha Thewarapperuma passed away after being electrocuted, the Police said. The former United National Party (UNP) MP was electrocuted in his garden and was admitted to hospital. He passed away on admission to the Kalutara Hospital. Thewarapperuma was appointed as the Deputy Minister of Internal Affairs, Wayamba Development and Cultural Affairs in […]

- colombogazette.com

President Ranil Wickremesinghe assured solutions to plantation workers during a walk along the Pekoe Trail in Nuwara Eliya. The “Pekoe Trail” spans 300+ km through the Central Highlands of Sri Lanka, regarded as one of Asia’s best-kept secret routes. Originating from the renowned city of Kandy, it extends south towards the Hatton and Horton Plains […]

- island.lk

Former Deputy Minister and former UNP parliamentarian Palitha Thewarapperuma has passed away under tragic circumstances at the age of 64 years, according to sources.

- island.lk

Heavy rains and flash floods have swept parts of the Gulf region, killing at least 18 people in Oman and causing travel disruption in the United Arab Emirates (UAE). In Oman, the death toll announced on Tuesday included at least nine schoolchildren and their driver whose vehicle was washed away by the floodwaters in Samad […]

- island.lk

President Ranil Wickremesinghe visited the Court Lodge Estate, owned by the Udupusellawa Plantation Company in Nuwara Eliya this morning (16) to explore opportunities for the revival of the tourism industry around the picturesque hills of Nuwara Eliya. The President commenced his journey by traversing a distance of 3.2km along the historic Pekoe Trail.  The “Pekoe […]

- island.lk

On 19 April, Indians will begin choosing a new parliament for the next five years, as Prime Minister Narendra Modi seeks a third consecutive term. Opinion polls put his Bharatiya Janata Party (BJP) and its allies ahead. They are up against the Indian National Developmental Inclusive Alliance (India), which groups more than two dozen opposition […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc