සිරිපා පෙරහැර උඩමළුව දක්වා ගමන් අරඹයි (පින්තූර)
හෙට (27) උදුවප් පුන් පො දිනෙන් මෙවර සිරිපා වන්දනා සමය ඇරඹේ.
සධාතුක කරඩුව සමන් දෙව් පිළිරුව සහ දෙවාභරණ රැගත් ශ්‍රිපාද පෙරහැර අද (26) උදැසන සුභ නැකතින් පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්තානයේ සිට උඩමළුව දක්වා ගමන් ඇරඹිය.
අවාර සමය සේ සැලකෙන කාලය තුල එකි පුජා වස්තු පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර මෙවර සිරිපා වන්දනා සමයට මුල් පුරමින් එකි පුජා වස්තු එවා තැන්පත් කර තිබු දේව මන්දිරයෙන් පිටතට වැඩම කිරිම ඊයේ (25) සවස 7.09 යෙදී තිබු සුභ නැකතින් සිදුවිය.
ශ්‍රිපාදස්ථානාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමිපානන්ගේ අනුශාසකත්වයෙන් චීරාගත චරිත්‍රඅනුකුලව සියලු අගමික වතාවක් මැද සධාතුක කරඩුව සහ දේවාභරණ දොරට වැඩුම සිදුවිය.
සමන් දෙවිදුන් උදෙසා සබරගමු මහ ඇමති මහිපාල හේරත්, අමාත්‍ය ජෝන්සෙනිවිරත්න සහ පොලිස්පති එන්.කේ ඉලංගකොන් යන මහත්වරු පුදපෙත් පැවතිමෙන් අනතුරුව ඊයේ (25) රත්‍රියේ පටන් අද 26 උදැසැන 5 දක්වා දහස් සංඛ්‍යාත බැතිමුතුන් පිරිස් පැල්මඩුල්ල විහාරස්ථානයේදී අගමික වතාවත් වලට එක්ව සිටියහ.
ඊයේ සවස 7.09 යෙදි තිබු සුභ නැකතින් දේවාභරණ වන්දමනා කටයුතු සඳහා නිරාවරණය කිරිමත් සමග පැල්මඩුල්ල ප්‍රදේශයට අද උදැසන දක්වා මඳ වැසි ඇද වැටනි.
අද (26) උදැසන පැල්මඩුල්ලෙන් ආරම්භ කල සිරිපා පෙරහැර රත්නපුර මහා සමන් දේවාලයට වැඩම කිරිමෙන් අනතුරුව පෙරහැර දෙකට බෙදී එක් කොටසක් ශ්‍රි පලාබද්දල රජ මාවත ඔස්සේ ද තව කොටසක් හැටන් මාර්ගය ඔස්සේද සිරිපා උඩමළුව දක්වා ගමන් කරයි.
හෙට (27) උදැසන සිරිපතුල සදුන් දියෙන් දොහොවා ප්‍රථම බුද්ධ පුජාව සිදු කෙරේ. පැල්මඩුලුලේ සිට උඩ මළුවට වැඩම කරන කොත් වහන්සේ පැළඳවිම ද දොලෝස් මහේ පහන දැල්විම ද හෙට උදුවප් පො දින සිදු වන අතර එතැන් පටන් ලබන වෙසක් පොහොය දක්වා සිරිපාසමය සේ හැදින්වේ.
—