සිරිපා වන්දනා සමය ඇරඹේ
අද සිට සිරිපා වන්දනා සමය ඇරඹේ.
එහි ආරම්භය සනිටුහන් කරමින් සධාතුක කරඩුව සමන්දෙවි ප‍්‍රතිමාව හා දේවාභරණ රැගත් පෙරහැර පැල්මඬුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරස්ථානයේ සිට වැඩම කෙරිණි.
වන්දනාව සඳහා පැමිණෙන ජනතාවට උපරිම පහසුකම් ද සළසා ඇති අතර වන්දනා කටයුතු සඳහා මත් භාවිතයෙන් තොරව පහන් සිතින් පැමිණෙන්නැයිල නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ලබන වෙසක් පොහෝ දින දක්වා සිරිපා වන්දනා සමය ක‍්‍රියාත්මකය.