බෙහෙත් වර්ග 11500ක් රටින් ගෙන්වීම නවතයි
රට පුරා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සඳහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වාර්ෂික ව මිල දී ගත් ඖෂධ හා සෞඛ්‍ය උපකරණ වර්ග 24000 සිට 12500 දක්වා අඩු කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඖෂධ හා සෞඛ්‍ය උපකරණ මෙතෙක් ගෙන් වූ ක‍්‍රමයට අනුව අත්‍යවශ්‍ය නො වන ඖෂධ වර්ග දෙකෙන් පංගුවකට වඩා ගෙන්වා තිබෙන බව පෙනී ගොස් ඇති නිසා එම ඖෂධ හා උපකරණ මිල දී ගැනීම තුළින් විශාල මුදල් නාස්තියක් සිදුවන බව පෙනී ගොස් ඇත.
මෙතෙක් ඖෂධ හා උපකරණ මිල දී ගැනීමේ දී අනුගමනය කළ ක‍්‍රමය වෙනුවට ඖෂධ මිල දී ගැනීමේ දී නව ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ නිර්දේශයකට අනුමැතිය ලැ බී ඇත.
මේ අනුව ලබන මාසයේ සිට ඖෂධ ශල්‍ය හා රසායනාගාර උපකරණ හා ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී නව ටෙන්ඩර් පටිපාටිය අනුව සිදු කෙරෙන අතර මිල දී ගනු ලබන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඖෂධ වර්ග 12500ක් බව ද සඳහන් වෙයි.
මෙම නව ක‍්‍රමයට අනුව පවතින ඖෂධ හිඟය ¥ෂණ හා අක‍්‍රමිකතා වැළැක්වෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.