මුල් පුටුවේ කාන්තාවක් නම් හරියට වැඩක් වෙන්නේ නැහැ
කාන්තා අයිතිවාසිකම් ගැන අපි කතා කළාට අමාත්‍යංශයක හරි දෙපාර්තමේන්තුවක මුල් පුටුවට කාන්තාවක් දමපුවහම ඊට පහළින් සිටින කාන්තාවන්ට ඒ බර පටවල ම ඒ අයට නීති රීති දාලා මුල් පුටුවේ කාන්තාවන් දෙවැනි පෙළ කාන්තාවන්ට ඊර්ෂ්‍යා කරනවා. එතකොට හරියට වැඩක් වෙන්නේ නැහැ.
ඒ නිසා මුල් පුටුවට පිරිමියෙක් දාලා දෙවැනි පුටුව කාන්තාවන්ට දිය යුතුයි. නැතහොත් මුල් පුටුවේ කාන්තාවක් සිටින විට දෙවැනි පුටුවට පිරිමියෙක් දැමිය යුතු බව ළමා හා කාන්තා සංවර්ධන අමාත්‍ය තිස්ස කරගියද්ද මහතා පැවැසීය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඒම හතා මෙසේද කීය.
‘හොඳට වැඩකරන සුළු පිරිසක් හිටියත් තවත් පිරිසක් තනතුරුවලට ආවහ ම පහතින් සිටින නිලධාරිනියන්ට නීති පනවලා විවිධ ප‍්‍රශ්න ඇති කරනවා. තමන්ගේ වගකීම අනුන් පිට දාලා තමන් නිවැරදි බව පෙන්වනවා. ඒ අය තමන්ගේ රාජකාරියේ පසු විපරම් ගැන සොයා බලන්නේ නැහැ.
ළමා හා කාන්තා අමාත්‍යංශයෙන් කාන්තාවන් ම සිටිය යුතු යි කියලා භේද කරන්න බැහැ. කිසිම වැඩකට නැති අය වගකීමක් භාරගන්නේ නැති දෙපාර්ශ්වයක් ඉන්නවා. ඒවට තීරණ ගන්න යන විට මානව හිමිකම් ඉස්සරහට දාලා බේරනවා.’