මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දිමුත් කරුණාරත්න සහ කෞෂල්‍ය සිල්වාගෙන් 305ක සබදතාවයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරග අතුරින් සී. සී. සී. සහ එන්. සී. සී කණ්ඩායම් ජයග්‍රහණ අතුකර ගත්හ. සී. සී. සී. ඉනිමකින් හා ලකුණු 158කින් කෝල්ට්ස් පරාජය කළ අතර පී. එම්. ඒ. ද ලකුණු 120ක් රැස්කර පසුව දෙවන ඉනිමේ දී කඩුලු 8ක් දවා තුන් ඉරියව්වේම දස්කම් පෙන්වීය.
මීට අමතරව සී. සී. සී. කණ්ඩායමේ මලින්ද වර්ණපුර නොදැවී ලකුණු 111ක් රැස් කළේය. එන්. සී. සී. කඩුලු පහකින් බී. ආර්. සී. පරාජය කළ අතර, ඒ. කේ. පෙරේරා (එන්. සී. සී.) පී. ඩී. ඩයස් (බී. ආර්. සී) ශතක ලැබූහ. එල් ඇඹුල්දෙණිය තරගයේ දී කඩුලු දහයක් දවාලීය.
එස්. එස්. සී. සහ බ්ලූම් ෆීල්ඩ් අතර තරගයේ දී එස්. එස්. සී. කණ්ඩායමේ කෞෂල්‍ය සිල්වා ලකුණු 202ක් ද දිමුත් කරුණාරත්න ලකුණු 143ක් ද ලබා ආරම්භක කඩුල්ලට ලකුණු 305ක් රැස් කිරීම විශේෂත්වයකි.
සී. සී. සී. ඉනිමකින් ලකුණු 158කින් කෝල්ට්ස් පරාජය කරයි. (ඒ කොටස)
මේ තරගයේ දී සී. සී. සී. කණ්ඩායමේ එම්. වර්ණපුර නොදැවී 111ක් ද පී. එච්. ද සිල්වා ලකුණු 120ක් ද ලබා සී. සී. සී. ඉනිමේ හයවන කඩුල්ලට ලකුණු 183ක් ලබා ගැනීම විශේෂත්වයකි. කෝල්ට්ස් දෙවන ඉනිමේ දී පී. එච්. ද සිල්වා පන්දුවෙන් ද දස්කම් පෙන්වමින් ලකුණු 26ක ට කඩුලු අටක්ම දවාලීය.
කෝල්ට්ස් මුල් ඉනිම 89යි. පී. ආර්. පෙරේරා 26යි. කේ. අංජුල නොදැවී 24යි. ළහිරු ගමගේ 29ට 3යි. එම්. සිල්වා 13ට 3යි, පී. ඒ. ද සිල්වා 5ට 2යි.
කෝල්ට්ස් දෙවන ඉනිම ලකුණු 138යි. ටී. පී. ලක්ශාන්ත 45යි, එම්. එම්. කුරේ 34යි, පී. ඩබ්ලිව්.එච්. ද සිල්වා 26ට 8යි.
සී. සී. සී. මුල් ඉනිම කඩුලු 9ට 385යි. එම්. වර්ණපුර නොදැවී 111යි. පී. ඩබ්ලිව්. එච්. ද සිල්වා 120යි. කේ අංජුල 60ට 5යි.
එන්. සී. සී. කඩුලු පහකින් බී. ආර්. සී. පරාජය කරයි. (බී කොටස)
එන්. සී. සී. කණ්ඩායමේ ඒ. කේ. පෙරේරා සහ බී. ආර්. සී. කණ්ඩායමේ පී. ඩී. ඩයස් ශතක රැස් කිරීම ද එන්. සී. සී. කණ්ඩායමේ එල්. ඇඹුල්දෙණිය ඉනිම දෙකේ දී ලකුණු 129ක ට කඩුලු දහයක් දවාලීම ද මේ තරගයේ විශේෂ සිදුවීමකි.
බී. ආර්. සී. මුල් ඉනිම ලකුණු 244යි. පී. ඩී. ඩයස් 105යි. එම්. බුද්ධික 38යි, සුරාජ් රන්දිව් 24යි, එල් ඇඹුල්දෙණිය 59ට 6යි. බී. ආර්. සී. දෙවන ඉනිම 180යි. එල්. ලක්ෂාන් 80යි, එම්. බුද්ධික 50යි, ඇල්. ඇඹුල්දෙණිය 70ට 4යි, සී. කුමාර 27ට 3යි.
එන්. සී. සී. මුල් ඉනිම 322යි. ඒ. කේ. පෙරේරා 104යි, එල්. ඉහලගමගේ 49යි, පී. එච්. කෞෂාල් 44යි, සුරාජ් රන්දිව් 83ට 3යි, එන්. සී. සී. දෙවන ඉනිම කඩුලු 5ට 103යි. එල්. ඉහලගමගේ 32යි, මහේල උඩවත්ත 50යි, ටී. එන්. සම්පත් 39ට 2යි.
ටැමිල් යූනියන් (ද්‍රවිඩ සමාජය) – යුද හමුදාව බී කොටසේ තරගය ජය පරාජ නෑ.
ටැමිල් යූනියන් කණ්ඩායමේ ඩී. එම්. සරත්චන්ද්‍ර මෙහි දී නොදැවී ලකුණු 119ක් ද, යුද හමුදාවේ ඒ. වී. මධුෂාන් 87 ක් ද, ඒ. කේ ද සිල්වා 72 ක් ද ලැබු හ.
ශ්‍රී ලංකා යුද හමුදාව මුල් ඉනිම 331යි. ඒ. වී. මධුෂාන් 87යි. ඒ. කේ ද සිල්වා 72යි. ඒ. ජේ. සී. සිල්වා 54යි, බී. ඒ. ඩී. එන්. සිල්වා 82ට 5යි, බී. එම්. මෙන්ඩිස් 60ට 3යි.
ශ්‍රී ලංකා යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 5ට 170යි. එන්. කේ. ඉලුක්වත්ත 69යි. එස්. රිද්ම 29යි. බී. එම්. මෙන්ඩිස්. 41ට 2යි.
ටැමිල් යූනියන් මුල් ඉනිම කඩුලු 9ට 435යි.
එස්. ගිම්හාන් 96යි. ඩී. එන්. සරත්චන්ද්‍ර නොදැවී 119යි.
එන්. කේ. ලියනපතිරණ 75ට 3යි.
එස්. එස්. සී. – බ්ලූම්ෆීල්ඩ් ඒ කොටසේ තරගය ජය පරාජ නෑ.
ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු එස්. එස්. සී. කණ්ඩායමේ දිමුත් කරුණාරත්න නැවත වරක් ලකුණු අතරට එමින් ලකුණු 143ක් හා කෞෂල්‍ය සිල්වා ලකුණු 202ක් රැස් කිරීමත් බ්ලූම්ෆීල්ඩ් සමාජයේ නිපුන කරුණානායක ලකුණු 122ක් ලබා ගැනීමත් විශේෂ සිදුවීම් විය.
බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 263යි. ජේ. එල්. එච්. ජයකොඩි 86යි. ඒ. නානායක්කාර 23යි. එස්. එම්. සමරකෝන් 34යි. එස්. එම්. සේනානායක 82ට 7යි.
බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම කඩුලු 4ට 277යි. නිපුන කරුණානායක 122යි. එස්. ෆ්‍රැන්සිස්කෝ 61යි. ඒ නානායක්කාර නොදැවී 57යි. එස්. සේනානායක 79ට 2යි.
එස්. එස්. සී. මුල් ඉනිම කඩුලු 3ට 464යි. දිමුත් කරුණාරත්න 143යි. කෞෂල්‍ය සිල්වා 202යි. ෂම්මු අෂාන් 66යි. නිපුන් කරුණානායක 59ට 2යි.
රාගම හා සරසන්ස් අතර ඒ කොටසේ තරගය ජය පරාජ නෑ.
සරසන්ස් කණ්ඩායමට කඩුලු පහක් අතැතිව ලකුණු 35ක් පමණක් තව අවශ්‍ය වුවත් කාල වේලාව මදිකමින් තරගය ජය පරාජයෙන් තොරව නිම විය.
රාගම මුල් ඉනිම 266යි. ජේ ලියනගේ 130යි. ළහිරු තිරිමාන්න 80යි. එම්. එන්. ඩිල්ෂාඩ් 75ට 5යි. රාගම දෙවන ඉනිම කඩුලු 8ට 211යි. එම්. ඩී. ජයසුන්දර 9යි. ඩී. කේ. ජයතිස්ස 64ට 3යි.
සරසන්ස් මුල් ඉනිම 221යි. ඒ. ඩී. සොලමන්ස් 36යි. එන්. එච්. කුරේ 52යි. පී. මධුවන්ත 44යි. එස්. නානායක්කාර 51ට 5යි. එම්. අපොන්සු 51ට 5යි.සරසන්ස් දෙවන ඉනිම කඩුලු 5ට 222යි. ආර්. ගුණසේකර 70යි. ඒ. ඩී. සොලමන්ස් 30යි. එම්. ජලීල් 51යි.
– බන්දුල මොල්ලිගොඩ –