මේජර් ලීග් ‘බී’ තරගාවලියේ දී ගාල්ල කඩුලු 10කින් පොලිසිය පරදවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලිග් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 10කින් පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කලේය. ගාල්ල ක්‍රිකට් සමාජයේ ආර්. එම්. සිරිසෝම ඉනිම දෙකේ දී ලකුණු 120ක ට පොලිස් ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් එකොළොස් දෙනෙකුම දවාලුවේ ය. මීට අමතරව, ගුවන් හමුදාව හා නාවික හමුදාව අතර තරගයත් පානදුර ක්‍රීඩා සමාජය හා ලන්කන් ක්‍රිකට් පිල අතර තරගයත් කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල සහ කලුතර නගර කණ්ඩායම අතර තරගයත් ජය පරාජයෙන් තොරව කෙළවර විණි.
- ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 10කින් පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කළේය.
පොලිසිය මුල් ඉනිම 95යි. ඩබ්ලිව්. ප්‍රනාන්දු 49ට 5යි, ආර්. එම්. සිරිසෝම 29ට 5. පොලිසිය දෙවන ඉනිම 228යි. එන්. විමුක්ති 65යි, ආර්. ඩිල්ෂාන් 64, සිරිසෝම 91ට 6යි. ගාල්ල ක්‍රිකට් සමාජය මුල් ඉනිම 315යි. ඩබ්ලිව්. ප්‍රනාන්දු 64, ඩී. හුණුකුඩුර 53, කේ. එම්. ප්‍රනාන්දු 65යි, එන්. විමුක්ති 103ට 6යි. ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු නොදැවී 11යි.
- පානදුර ක්‍රීඩා සමාජය – ලන්කන් ක්‍රිකට් පිල අතර තරගයේ විසඳුමක් නෑ.
පානදුර මුල් ඉනිම 218යි. කේ. නවාඩ් 50යි, ඩී. මලන් 42ට 3, එන්. කවිකාර 80ට 4යි. පානදුර දෙවන ඉනිම 334යි. එස්. පීරිස් 53, පී. පුස්සෙගොල්ල 67, එච්. ෆොන්සේකා 75, එල්. රුවන්සිරි 91ට 4, එන්. කවිකාර 86ට 3. ලන්කන් ක්‍රිකට් පිල මුල් ඉනිම 269යි. ඒ. බී. රුද්‍රිගෝ 103, එල් රුවන්සිරි 48, ජී. බණ්ඩාර 92ට 3, එස්. පීරිස් 8ට 7. ලන්කන් ක්‍රිකට් පිල දෙවන ඉනිම කඩුලු 8ට 208යි. එල්. ඒ. රුවන්සිරි 46, ජී. ඩී. බණ්ඩාර 51ට 5යි.
- ගුවන් හමුදාව හා නාවික හමුදාව තරගය ජය පරාජ නෑ.
ගුවන් හමුදාව මුල් ඉනිම 304යි. එස්. මිහිරාන් 115, ආර්. ගුණවර්ධන නොදැවී 49, එච්. දක්ෂිණ 68ට 3, එම්. ටී. ඉද්දමල්ගොඩ 39ට 4. ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 6ට 326යි. යූ. පරාක්‍රම 155යි. සී. චාමකර 59යි, කේ. එදිසූරිය 54ට 3. නාවික හමුදාව මුල් ඉනිම 285යි. පී. හසරංග 93, කේ. එදිසූරිය 56, එස්. රංගික 88ට 5, පී. සඳරුවන් 84ට 3. නාවික හමුදාව දෙවන ඉනිම කඩුලු 3ට 108යි. එම්. අල්ෆා 46යි, පී. සඳරුවන් 37ට 3යි.
- කුරුණෑගල තරුණ පිල හා කලුතර නගරපිල අතර තරගය ජය පරාජ නෑ.
කුරුණෑගල තරුණ පිල මුල් ඉනිම කඩුලු 9ට 465යි. ඩී. පෙරේරා 88යි, ඩී. ධර්මසිරි 52යි, ඊ. එම්. ඒකනායක 72, කේ. කැප්පෙටිපොල නොදැවී 59, කේ. ලක්ෂාන් 56ට 2යි. කුරුණෑගල දෙවන ඉනිම කඩුලු 4ට 200යි. සී. මෙන්ඩිස් 58, එස්. දසනායක 68, එම්. කුරේ නොදැවී 60, ජේ. ලක්ෂාන් 49ට 2යි. කලුතර නගරපිල මුල් ඉනිම 305යි. එන්. කාරියවසම් නොදැවී 92යි, වී. පෙරේරා 86යි, කේ. සිනෙත් 73ට 3.