කෝල්ට්ස් – බදුරලිය – හලාවත මේරියන්ස් – වරාය අධිකාරිය මේජර් ලීග් ඒ කොටසේ ජයග්‍රහණ අත්කර ගනිති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී කොල්ට්ස්, බදුරලිය, හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම් සති අන්තයේ දී ජයග්‍රහණ වාර්තා කළහ. සී.සී.සී සහ බ්ලුම්ෆීල්ඩ් තරගයත්, රාගම ක්‍රිකට් සමාජය සහ මූවර්ස් තරගයත් ජය පරාජයෙන් තොරව කෙලවර විණි.
- කෝල්ට්ස් පිටියේ පැවැති කෝල්ට්ස් – සරසන්ස් තරගයෙන් කෝල්ට්ස් ලකුණු 226ක ජයක් වාර්තා කළේය.
කෝල්ට්ස් මුල් ඉනිම 246යි. පී. ඒ. පෙරේරා 92, අයි. ඒ. ප්‍රනාන්දු 72, ඩී. කේ. ජයතිස්ස 51ට 5, එස්. රන්දුනු 78ට 3, කෝල්ට්ස් දෙවන ඉනිම 277 පී. වී. ද සිල්වා 50, එස්. සමරවික්‍රම 35යි, කේ. අනුර 35, එම්. කුරේ 34, සරසන්ස් මුල් ඉනිම 152. කේ. අනුල 38ට 4, එන්. ජී. ජයසුරීය 42ට 3, සරසන්ස් දෙවන ඉනිම 145. එම්. ඩී. පෙරේරා 46ට 5, එන්. ජී. ජයසූරිය 63ට 4.
- බදුරලිය කඩුලු හයකින් යුද හමුදාව පරාජය කරයි.
යුද හමුදාව මුල් ඉනිම 152යි. එන්. පී. රාජේෂ් 41ට 5, ඩී. ගුණරත්න 36ට 4යි, දෙවන ඉනිම 221යි. කේ. ඩී. විමුක්ති 46යි, ජේ. පෙරේරා 39, ඒ. ඒ. සිල්වා 91ට 4, එන්. පී. රාජේෂ් 31ට 3යි, බදුරලිය මුල් ඉනිම 248යි. අයි. චතුරංග නොදැවී 69, ඩී. ආර්. සිල්වා 65, පී. නිශ්ශංක 49, එම්. මධුශංඛ 41ට 5, ජේ. එස්. පෙරේරා 49ට 3, බදුරලිය දෙවන ඉනිම කඩුලු 4ට 126යි. පී. නිශ්ශංක නොදැවී 60යි.
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය කඩුලු 4කින් එන්. සී. සී. පරාජය කරයි.
එන්. සී. සී. මුල් ඉනිම 220යි. එම්. උඩවත්ත 54, සී. බී. කුමාර 47, ඒ. කේ. පෙරේරා 42, ඒ. ලියනපතිරණගේ 52ට 5, එන්. සී. කොමසාරු 78ට 3, එන්. සී. සී. දෙවන ඉනිම 120යි. එන්. සී. කොමසාරු 49ට 7, ආර්. ප්‍රියදර්ශන 48ට 3, ශ්‍රී ලංකා වරාය අධිකාරි මුල් ඉනිම 121යි. පී. සී. ද සිල්වා 56ට 6යි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය දෙවන ඉනිම කඩුලු 6ට 220යි. ඒ. අයි.රංගන 51යි, ඒ. ජී. මනීෂාන් 46යි, එම්. ලියනපතිරණගේ 45.
- හලාවත මේරියන්ස් කඩුලු 6කින් ටැමිල් යූනියන් පරාජය කරයි.
ටැමිල් යූනියන් මුල් ඉනිම 305යි. ඩී. එම්. ද සිල්වා 72, වයි. මෙන්ඩිස් 61යි, ටැමිල් යූනියන් දෙවන ඉනිම 196යි. හලාවත මේරියන්ස් මුල් ඉනිම 296යි. බී. ඕ. පී. ප්‍රනාන්දු 81යි, එස්. සී. සේරසිංහ 65, අයි. උදාන 44යි, හලාවත මේරියන්ස් දෙවන ඉනිම කඩුලු 4ට 207යි. බී. ඕ. පී. ප්‍රනාන්දු 88යි, ජී. එස්. ජයසූරිය 62යි.
- සී. සී. සී. – සරසන්ස් තරගය ජය පැරදුමින් තොරව කෙළවර වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත් පතිරණ මේ තරගයේ දී තම වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 168ක් රැස් කළහ. මේ තරගයේ දී දෙපිලම අධික ලකුණු රැස් කිරීමට සමත් විය.
සී. සී. සී. මුල් ඉනිම 445යි. සචිත් පතිරණ 168, එම්. වර්ණපුර 85, කේ. එම්. සිල්වා 116ට 5යි, සී. සී. සී. දෙවන ඉනිම කඩුලු 8ට 310යි. ඩබ්ලිව්. එම්. බණ්ඩාර 85යි, එල්. ඩී. මධුශංඛ නොදැවී 52, එස්. එම්. සරකෝන් 75ට 4යි. බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 334යි. පී. හෙට්ටිවත්ත 78, එන්. ෆ්‍රැන්සිස්කො 72, සචිත් පතිරණ 91ට 4.
- රාගම ක්‍රිකට් සමාජය සහ මූවර්ස් අතර තරගය ජය පැරදුමින් තොරව කෙළවර විය. රාගම ක්‍රිකට් සමාජය තම ඉනිම ඉක්මණින් නතර නොකිරීම මත ඔවුනට ලබාගැනීමට තිබූ ජයග්‍රහණයක් වැළැකී ගියේය.
රාගම ක්‍රිකට් සමාජය මුල් ඉනිම 380යි. බී. කේ. මිලින්ත 112, ජේ. ලියනගේ 97යි. එච්. අයි. ජයරත්න 63, ඒ. ආර්. සිල්වා 37, කේ. ටී. රත්නායක 93ට 3. රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු 5ට 317යි. බී. කේ. මිලින්ත 150යි. එම්. ඩී. ජයසුන්දර 44, ඒ. ආර්. සිල්වා 38. මුවර්ස් මුල් ඉනිම 241යි. එල්. පී. සිල්වා 121යි, එම්. ඒ. අපෝන්සු 79ට 6යි. මුවර්ස් දෙවන ඉනිම කඩුලු 7ට 132යි. පී. වඩුගේ 69යි, එස්. නානායක්කාර 42ට 3යි.