How can Sri Lankan charities find international donors and partners?

සිම්බාබ්වේ ලකුණු 12කින් ජයගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ මීර්පූර් පිටියේ පැවැති තියුණු එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ ලකුණු 12ක ජයක් ලැබීය.  සිම්බාබ්වේ ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 290ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 48.1ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 278කි.

තිසර පෙරේරා කඩුල්ලේ රැඳී සිටින තෙක් ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා යන අයුරු පෙන්නුම් කළත්, තරගය නිමවීමට පන්දු 20ක් ඉතිරිව තිබියදී නව වන කඩුල්ල ලෙස තිසර, මුළු ලකුණු 275 දී දැවී යාමත් සමඟ සිම්බාබ්වේ පිලට ජය මාවත විවෘත විණි.  තිසර පෙරේරා පන්දු 36ක දී හතරේ පහක්, හයේ තුනක් සමඟ අගනා ලකුණු 64ක් ලැබීය.  මෙය මීර්පූර් ක්‍රීඩාංගණයේ 100 වන එක්දින තරගයයි.

ශ්‍රී ලංකාව ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා, කුසල් ජනිත් පෙරේරා සහ උපුල් තරංග මුල් විකට්ටුවට ලකුණු 46ක් රැස් කළේ ඕවර 5.4 ක දී ය.  තරංග ලකුණු 11ක ට දැවී ගිය පසු පැමිණි කුසල් මෙන්ඩිස් එක් ලකුණක්වත් නොලබාම දැවී ගියේ මුළු ලකුණු 47 දී, දෙවන කඩුල්ල ලෙසටය.  කුසල් ජනිත් සමඟ එක් වූ නායක, ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා තුන්වන කඩුල්ලට ඕවර 18.1ක දී ලකුණු 85ක් එක්කර ශ්‍රී ලංකා ලකුණු තත්ත්වය ලකුණු 132 දක්වා ඉහළ නැංවූහ.

හොඳ ආරම්භයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා තෙවන කඩුල්ල ලෙස මේ අවස්ථාවේ දැවී යනවිට පන්දු 83ක දී ලකුණු 80ක් ලබා ගත්තේ හතරේ අටක් හා හයේ පහර දෙකක් සමඟිනි.  කුසල් ජනිත් පෙරේරා තම අර්ධ ශතකය වාර්තා කළේ හතරේ හයක් හා හයේ දෙකක් සමඟ පන්දු 32ක දී ය.  සිව්වන කඩුල්ලට මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඕවර පහකදී ලකුණු 25ක් එක්කළ අවස්ථාවේ මැතිව්ස් ලකුණු 42ක ට (පන්දු 64යි හතරේ එකයි හයේ එකයි) දැවී ගියේ මුසරබානිගේ පන්දුවකට සිකන්දර් රාසා දක්ෂ උඩපන්දුවක් රැක ගැනීමෙනි.

Sri Lanka cricketer Kusal Perera (R) plays a shot as the Zimbabwe wicketkeeper Brendan Taylor (L) looks on during the second One Day International (ODI) cricket match of the Tri-Nations Series between Sri Lanka and Zimbabwe at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on January 17, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

Sri Lanka cricketer Kusal Perera (R) plays a shot as the Zimbabwe wicketkeeper Brendan Taylor (L) looks on during the second One Day International (ODI) cricket match of the Tri-Nations Series between Sri Lanka and Zimbabwe at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on January 17, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

දිනේෂ් චන්දිමාල් හොඳින් පන්දුවට පහරදෙමින් පන්දු 33ක දී හයේ පහරක් හා හතරේ තුනක් සමඟ ලකුණු 34ක් ලබා පස්වන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 181 දී ය.  මේ අවස්ථාවේ පටන් තිසර තම පැරැණි දක්ෂ පිති හරඹයේ යෙදෙමින් පිටිය පුරා දර්ශනීය පහර එල්ල කළහ.  තිසර හත්වන කඩුල්ලට වනිඳු හසරංග (11) සමඟ ලකුණු 30ක් ද, අකිල ධනංජය (08) සමඟ අටවන කඩුල්ලට ලකුණු 37ක් ද එක් කළහ.  චටාරා ලකුණු 33ක ට කඩුලු හතරක් දවාලූවේ ය.  තරගයේ වීරයා වූයේ සිකන්දර් රාසාය.

ශ්‍රී ලංකා නායක, ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය දිනා, තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම සිම්බාබ්වේ කණ්ඩායමට පැවරීමට ය.  සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 290 ඕවරයකට සාමාන්‍ය ලකුණු 5.80ක් වූ අතර, එය එක්දින තරගයකදී ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවකි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැමිල්ටන් මසකඩ්සා සහ සොලමන් මයර් ඕවර 13ක දී කඩිනමින් ලකුණු 75ක් රැස්කර කණ්ඩායමට ලබාදුන්නේ හොඳ ආරම්භයකි.  සිම්බාබ්වේ කණ්ඩායමේ ඊළඟ හොඳම සබඳතා වූයේ සිකන්දර් රාසා සහ මැල්කම් වොලර් පස්වන කඩුල්ලට පන්දු 61ක දී එක් කළ ලකුණු 57ත්, රාසා සහ පීටර් මුවර් හයවන කඩුල්ලට පන්දු 39ක දී ලබාගත් ලකුණු 61ත් ය.

සිම්බාබ්වේ කණ්ඩායම ඉනිම ආරම්භය සිට අවසානය තෙක්ම ඕවරයකට ලකුණු 5-6 පමණ වන සේ තබාගැනීමට සමත් විය.  මීට කලකට පෙර සිටි සිම්බාබ්වේ කණ්ඩායම හා සන්සන්දනය කළ විට, මෙය ඔවුන් ලබා ඇති ප්‍රගතියකි.  මෙවර තරගාවලියේ ප්‍රථම තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 170ක ට දැවීගොස් කඩුලු 8කින් බංග්ලාදේශයට පරාජයට පත් වූ ආකාරය අනුව ද, ශ්‍රී ලංකාව සමඟ ඔවුන් තම දක්ෂතා වැඩිකරගෙන ඇති බව පැහැදිලිය.

සිම්බාබ්වේ පිතිකරුවන් අතුරින් ක්‍රෙග් අර්වින් (02) හැර සෙසු පිතිකරුවන් සියලුදෙනාම පාහේ නැවත ලකුණු අතරට පිවිසියහ.  තම සියවන එක්දින තරගයට සහභාගි වූ ආරම්භක පිතිකරු, හැමිල්ටන් මසකඩ්සා පන්දු 83ට ලකුණු 73ක් ලබාගත්තේ හතරේ පහර දහයක් සමඟිනි.  මීට අමතරව සොලමන් මයර් පන්දු 37ක දී හතරේ පහක් සමඟ ලකුණු 34ක් ද, බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 51ක දී හතරේ හතරක් සමඟ ලකුණු 38ක් ද, දක්ෂ පිති හරඹයක නියැලුණු සිකන්දර් රාසා පන්දු 67ක දී හතරේ අටක් සමඟ නොදැවී ලකුණු 81ක් ද, මැල්කම් වොලර් පන්දු 35ක දී හතරේ දෙකක් හා හයේ පහරක් සමඟ ලකුණු 29ක් ද, පීටර් මුවර් පන්දු 18ක දී හයේ දෙකක් සමඟ ලකුණු 18ක් ද රැස් කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු පන්දු යවන්නා වූ තිසර පෙරේරා ඕවර දහයක් යවා ලකුණු 43ක ට කඩුලු දෙකක් ද, අසේල ගුණරත්න ඕවර 7ක් යවා ලකුණු 37ක ට කඩුලු තුනක් ද දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

- adaderana.lk

Four individuals, including naval officers, have been arrested while in possession of crystal methamphetamine (Ice ).

- news.lk

The Ministry of Foreign Affairs, in coordination with Sri Lanka Missions in Myanmar and Thailand successfully facilitated the repatriation of eight Sri Lankans who were trafficked for forced criminal activities in cyber scamming compounds in Myanmar.

- adaderana.lk

The general amnesty period announced from 20 April to 20 May for members of the tri-forces who have been marked as Absent Without Official Leave (AWOL) is not applicable for Commissioned Officers who are marked as AWOL, the Ministry of Defence clarified.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc