ගුවන් හමුදාව ‘බී’ කොටසේ තරගයේ දී ඉනිමකින් ජයගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර්ලීග් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී ගුවන් හමුදා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 97කින් පානදුර ක්‍රීඩා සමාජය පරදා ජය ලැබීය. පානදුර ක්‍රීඩා සමාජය මුල් ඉනිමේ දී ලකුණු 176කටත් දෙවන ඉනිමේ දී ලකුණු 36කටත් දැවී ගිය අතර, ගුවන් හමුදාව මුල් ඉනිමේ දී ලකුණු 309ක් ලැබීය. ගුවන් හමුදා කණ්ඩායමේ ඩබ්ලිව්. එස්. රංගික මුල් ඉනිමේ දී ලකුණු 36ක ට කඩුලු පහක් ද දෙවන ඉනිමේ දී ලකුණුක්වත් ලබානොදී කඩුලු හතරක් ද දවාලීමට සමත්විය.
මීගමුව – නාවික හමුදා තරගයත් කලුතර නගර කණ්ඩායම – ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගයත් කුරුණෑගල තරුණ – පොලිසිය අතර තරගයත් ජයපැරදුමින් තොරව නිමාවට පත්විණි.
- ගුවන් හමුදාව ඉනිමකින් හා ලකුණු 97කින් පාන්දුර ක්‍රීඩා සමාජය පරාජය කළේය.
පාන්දුර මුල් ඉනිම 176යි. එස්. පීරිස් 30, එම්. ප්‍රියනාත් 443ට 3, ඩබ්ලිව්. රංගික 52ට 5, පානදුර දෙවනි ඉනිම ලකුණු 36යි. එම්. ප්‍රියන්ත 36ට 5, ඩබ්ලිව්. එස්. රංගික 00ට 4යි. ගුවන් හමුදාව මුල් ඉනිම 309යි. එස්. ඒ. මිහිරාන් 96යි, එච්. ජේම්ස් 59, ආර්. තට්ටි 48, ජී. ඩී. බණ්ඩාර 89ට 3, කේ. නානායක්කාර 45ට 2, එස්. පෙරේරා 43ට 3.
- කලුතර නගර කණ්ඩායම – ගාල්ල ක්‍රිකට් පිල තරගය ජය පරාජ නෑ.
කලුතර නරග කණ්ඩායම මුල් ඉනිම 379යි. සී. කේ. පෙරේරා 122, ඊ. රත්නායක නොදැවී 133යි, ආර්. එම්. සිරිසෝම 116ට 7යි, කලුතර නගර කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 4ට 191යි. කේ. කේ. පෙරේරා 86යි, පී. නෝනිස් 34, ඊ. රත්නායක නොදැවී 36යි, ගාල්ල ක්‍රිකට් සමාජය මුල් ඉනිම 274යි. සී. ජේ. විජේසිංහ 106යි, ඩබ්ලිව්. එල්. ප්‍රනාන්දු 55යි, කේ. කේ. පෙරේරා 54ට 3, ආර්. තිලකරත්න 92ට 3යි.
- මීගමුව ක්‍රිකට් සමාජය හා නාවික හමුදාව තරගය ජය පරාජ නෑ.
නාවික හමුදාව මුල් ඉනිම 342යි. කේ. එදිස්සූරිය 122යි, එස්. ගුණසේකර 66යි. ඩී. හසරංග 80යි. ජේ. චතුරංග 145ට 4යි. ඩබ්ලිව්. ප්‍රනාන්දු 68ට 3, නාවික හමුදාව දෙවනි ඉනිම කඩුලු 6ට 157යි. එස්. ලීලාරත්න 42, එම්. හේමන්ත 45යි, ජේ. චතුරංග 58ට 4යි. මීගමුව මුල් ඉනිම 326යි. ඒ. එම්. ජයමාන්න 77යි, ඒ. ඒ. ඉන්නම් 66, එල්. කෘස්පුල්ලේ 52, යූ. රුද්‍රිගෝ 55, අයි. අබේසේකර 140ට 4යි.
- කුරුණෑගල තරුණ සහ පොලිසිය තරගය ජය පරාජ නෑ.
පොලිසිය මුල් ඉනිම 270යි. ආර්. දිල්ෂාන් 52, කේ. ප්‍රනාන්දු 61යි, සී. විජේරත්න 37ට 5, පොලිසිය දෙවන ඉනිම 6ට 271යි. ඒ. සිල්වා 99යි, කේ. ඒ. ප්‍රනාන්දු නොදැවී 97යි. කුරුණෑගල තරුණ මුල් ඉනිම 156යි. ඩී. ධර්මසිරි 67, ඊ. සිරිවර්ධන 31ට 53, එන්. විමුක්ති 60ට 5යි. කුරුණෑගල තරුණ දෙවන ඉනිම කඩුලු 6ට 230. ඩී. පෙරේරා 84, ධර්මසිරි 64, එන්. විමුක්ති 103ට 3.
– බන්දුල මොල්ලිගොඩ –