මේජර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූවෝ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් ‘ඒ’ කොටසේ තරගාවලියේ පසුගිය සතිඅන්තය දක්වා (ජනවාරි 14) සති හයක කාලයක් තුළ පැවැති තරග අතුරින් ටැමිල් යූනියන් කණ්ඩායමේ (ද්‍රවිඩ සමාජයේ) මනෝජ් සරත්චන්ද්‍ර (පිතිකරණය) සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර (පන්දු යැවීම) ඉදිරියෙන්ම පසුවෙති.
මනෝජ් සරත්චන්ද්‍ර මෙතෙක් තරග හයකට සහභාගි වී (ඉනිම 10යි) ලකුණු 553ක් රැස් කර සාමාන්‍ය ලකුණු 92.1ක් ලබා ප්‍රථම ස්ථානයේ පසුවෙයි. හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු (545) කෝල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ (522) හලාවත මේරියන්ස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ (445) ටැමිල් යූනියන් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් (445) එස්. එස්. සී. කණ්ඩායමේ දිමුත් කරුණාරත්න (434) මුවර්ස් කණ්ඩායමේ චාමර සිල්වා (431) බදුරලිය ක්‍රීඩා සමාජයේ පැතුම් නිශ්ශංක (386) රාගම ක්‍රිකට් කණ්ඩායමේ ළහිරු මිලන්ත (377) හා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන් කරුණානායක (376) පිතිකරුවන් අතරින් දැනට දෙවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා හිමිකරගෙන සිටිති.
පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර (හලාවත මේරියන්ස් කඩුලු 39යි), එන්. සී. කොමසාරු (වරාය අධිකාරිය කඩුලු 34යි), එල්. ඇඹුල්දෙනිය (එන්. සී. සී. කඩුලු 34යි), එන්. ජී. ආර්. පී. ජයසූරිය (කෝල්ට්ස් කඩුලු 32යි), ඒ. ඒ. එස්. සිල්වා (බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 32යි), එස්. එම්. එස්. සේනානයක (කඩුලු 26යි), සචිත්‍ර සේරසිංහ (හලාවත මේරියන්ස් කඩුලු 26යි) පිළිවෙලින් ඉදිරියෙන් පසුවෙති.
‘ඒ’ කොටසේ ක්‍රිකට් කණ්ඩායම් අතුරින් පිළිවෙලින් ‘ඒ’ කොටසෙන් ඉදිරියෙන් සිටින්නේ කෝල්ට්ස් (ලකුණු 66.760) එස්. එස්. සී. (57.910) රාගම ක්‍රිකට් සමාජය (54.190) සී. සී. සී. (43.400යි) සරසන්ස් (37.630) බ්ලුම්ෆීල්ඩ් (28.900) සහ මූවර්ස් ක්‍රීඩා සමාජය (28.790). ‘ඒ’ කොටසේ ‘බී’ අංශයේ තරගාවලියේ දී හලාවත මේරියන්ස් (82.445) බී. ආර්. සී. (57.145) වරාය අධිකාරිය (55.790) ටැමිල් යූනියන් (54.780) එන්. සී. සී. (46.535) බදුරලිය ක්‍රිකට් සමාජය (32.155යි) යුද හමුදාව (31.710) පිළිවෙලින් ස්ථාන හිමි කරගෙන ඇත.
දෙවන කොටසට අයත් කණ්ඩායම් (‘බී’ අංශය) ගුවන් හමුදාව (57.905) නාවික හමුදාව (49.245) පොලිසිය (45.090) ලන්කන් සමාජය (38.690) පානදුර සමාජය (36.977) ගාල්ල ක්‍රිකට් සමාජය (35.545) කුරුණෑගල තරුණ (32.940) මීගමුව ක්‍රිකට් සමාජය (31.775) කලුතර නගර කණ්ඩායම (30.310) පසුවෙති.
මෙම තරගාවලියන්හි මූලික වටයේ අවසාන තරග 19, 20 සහ 21 දිනවල පැවැත්වේ. ඉන්පසුව සුපිරි අට තරගාවලිය 25 දා ඇරඹේ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-