මේරියන්ස් – එන්. සී. සී. ජයග්‍රහණ වාර්තා කරයි. සුපිරි අට වටය 25 වැනිදා ඇරැඹේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර්ලීග් ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී හලාවත මේරියන්ස් ඉනිමකින් හා ලකුණු 184කින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පරාජය කළ අතර, එන්. සී. සී. කණ්ඩායම කඩුලු 10කින් බදුරලිය පැරදවීය.
මීට අමතරව බී. ආර්. සී. සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගයත් බ්ලූම්ෆීල්ඩ් සහ රාගම ක්‍රිකට් කණ්ඩායම අතර තරගයත් සී. සී. සී. සහ සරසන්ස් අතර තරගයත් එස්. එස්. සී. සහ මුවර්ස් අතර තරගයත් ජය පරාජයෙන් තොරව කෙළවර විය. මේජර්ලීග් ‘ඒ’ කොටසේ තරගාවලියේ මූලික වටයේ තරග 21වැනිදා අවසන් වූ අතර, සුපිරි අට වටය මේ මස 25දා ඇරැඹේ.
- හලාවත මේරියන්ස් ඉනිමකින් හා ලකුණු 184කින් වරාය අධිකාරිය පරාජය කරයි.
හලාවත මේරියන්ස් මුල් ඉනිම 427යි. ඩබ්ලිව්. ඒ. සිල්වා නොදැවී 168, එස්. සී. සේරසිංහ 145, බී. ඕ. පී. ප්‍රනාන්දු 65යි, එන්. සී. කොමසාරු 139ට 6. ශ්‍රී ලංකා වරාය අධිකාරිය මුල් ඉනිම 135යි. ඩබ්ලිව්. ඒ. මනීෂාන් 49, ආර්. එම්. ජී. රූපසිංහ 42, ඒ. එම්. ප්‍රනාන්දු 34ට 5. වරාය අධිකාරිය දෙවන ඉනිම 108යි. කේ. ජී. රන්දික 23, පී. එම්. පුෂ්පකුමාර 33ට 4, ජී. එස්. එන්. ජයසූරිය 39ට 3.
- එන්. සී. සී. කඩුලු 10කින් බදුරලිය පරාජය කරයි.
බදුරලිය ක්‍රීඩා සමාජය මුල් ඉනිම 194යි. එම්. එස්. පෙරේරා 34, සී. බී. කුමාර 45ට 2, එල්. ඇඹුල්දෙණිය 33ට 3, පී. සී. ද සිල්වා 28ට 3. බදුරලිය ක්‍රීඩා සමාජය දෙවන ඉනිම 160යි. එස්. ආනන්ද 62, පී. සී. ද සිල්වා 44ට 4යි, එල්. ඇඹුල්දෙණිය 46ට 3. එන්. සී. සී. මුල් ඉනිම 313යි. ඒ. කේ. පෙරේරා 89යි, ඒ. එම්. අමරසිංහ 45, එම්. එෆ්. මහ්රූෆ් 37, එම්. එල්. උඩවත්ත 33, ඒ. ඒ. සිල්වා 43ට 3, එන්. එම්. සුබසිංහ 59ට 3, ඩී. ගුණරත්න 95ට 2.
- ශ්‍රී ලංකා යුද හමුදාව හා බී. ආර්. සී. තරගය ජය පරාජ නෑ.
යුද හමුදාව මුල් ඉනිම 232යි. ඩී. ඩී. සොයිසා 50, එස්. ප්‍රසන්න 45, ටී. එන්. සම්පත් 40ට 4, ඊ. එම්. එදිරිසිංහ 70ට 3, එස්. රන්දිව් 39ට 2යි. යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 9ට 454යි. ඒ. වී. මධුශාන් නොදැවී 151, ඩී. ඒ. රන්දික 52, කේ. ඩී. විමුක්ති 47, ඒ. කේ. ද සිල්වා 46, එච්. ලියනගේ 36, ඊ. එම්. එදිරිසිංහ 91ට 3, එච්. රාමනායක 56/3. බී. ආර්. සී. මුල් ඉනිම 345යි. ඩබ්ලිව්. එල්. ලක්ෂාන් 65, එල්. ආර්. බුද්ධික 114, එල්. ලක්ෂාන් 80, කේ. ඩී. විමුක්ති 65ට 5, ඩී. ඩී. සොයිසා 26ට 2.
- බ්ලූම්ෆීල්ඩ් – රාගම ක්‍රිකට් සමාජය තරගය ජය පරාජය නෑ.
රාගම ක්‍රිකට් සමාජය මුල් ඉනිම 320යි. බී. කේ. ඊ. මිලින්ත 38, එච්. ඩී. ආර්. තිරිමාන්න 62, ඒ. ආර්. එස්. සිල්වා 59, ආර්. එස්. ද සොයිසා 53, ජේ. ලියනගේ 50, සී. ඒ. කේ. රාජිත 81ට 4, එස්. එම්. සමරකෝන් 51ට 2, ආර්. ටී. එම්. මෙන්ඩිස් 89ට 2. රාගම ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 7ට 327. ඒ. ආර්. එස්. සිල්වා නොදැවී 106, බී. කේ. මිලන්ත 92, කේ. එම්. ද සිල්වා 74ට 3. බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 273යි. එස්. එම්. සමරකෝන් නොදැවී 53, පී. හෙට්ටිවත්ත 48, කේ. පී. එන්. කරුණානායක 46, කේ. එන්. පීරිස් 97ට 4, එච්. අයි. ජයරත්න 63ට 3, එම්. ඒ. අපොන්සු 75ට3, ආර්. ටී. මෙන්ඩිස් 65ට 2.
- සී. සී. සී. – සරසන්ස් තරගය ජය පරාජ නෑ.
සරසන්ස් මුල් ඉනිම 496යි. එන්. එච්. කුරේ 140, එම්. ජලීල් 82, පී. ඒ. එස්. ජීවන්ත 69, එස්. එම්. ප්‍රියන්ජන් 69ට 3, එස්. එස්. පතිරණ 95ට 4. සී. සී. සී. මුල් ඉනිම 372යි. එස්. එම්. ප්‍රියන්ජන් 101, ඩබ්ලිව්. එන්. බණ්ඩාර 92, එස්. එස්. පතිරණ 50, ඩී. කේ. ජයතිස්ස 100ට 4, පී. ඒ. ජීවන්ත 67ට 3.
- එස්. එස්. සී – මූවර්ස් තරගය ජය පරාජය නෑ.
එස්. එස්. සී. මුල් ඉනිම 199යි. දසුන් ශානක 75, එම්. භානුක 36, එන්. එස්. පතිරණ 71ට 5, එස්. ඒ. ප්‍රනාන්දු 56ට 3යි. එස්. එස්. සී. දෙවන ඉනිම 563යි. කෞෂල්‍ය සිල්වා 142 දිමුල් කරුණාරත්න 128, එස්. අෂාන් 79, එම්. භානුක 75, ටී. ඒ. එම්. සිරිවර්ධන 52, කේ. ටී. රත්නායක 184ට 4යි, එම්. එස්. විජේරත්න 97ට 2. මුවර්ස් මුල් ඉනිම 160යි. එල්. පී. සිල්වා 32, ඒ. තිලන්චන 30, එන්. පී. පෙරේරා 27, එස්. එම්. සේනානයක 40ට 4, ජේ. ඩී. වැන්ඩසේ 30ට 3, එන්. ටී. පෙරේරා 40ට 2. මුවර්ස් දෙවන ඉනිම කඩුලු 5ට 164යි. පී. වඩුගේ 64, එස්. ඩී. විතානවසම් නොදැවී 52, අයි. එස්. සමරකෝන් 37, එස්. එම්. සේනානයක 27ට 2.
– බන්දුල මොල්ලිගොඩ –