United States Virginia change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

දෙවන ටෙස්ට් තරගය දින දෙකහමාරකදී ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ජයග්‍රහණයත් හිමි කරගනී

Feb 11, 2018 10:15:36 PM - srilankacricket.lk

Thanathillen Eha_1

බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දින දෙකහමාරක කාලයක් ඉතිරිව තිබියදී ලකුණු 215ක පහසු ජයග්‍රහණයක් හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම රොකට් කුසලානය ද හිමි කරගත්තේ තරගාවලියේ ජයග්‍රහණය ද අත් කරගනිමිනි.

මේ තරගයේ කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට මුල් ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණෙකි.  ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ද ලකුණු 226ක් ලබාගත් අතර, ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට දෙවන ඉනිමේදී ලකුණු 339ක ඉලක්කයක් ලැබිණි.  එහෙත් දෙවන ඉනිමේදී ද බංග්ලාදේශයට ලබාගත හැකි වූයේ ලකුණු 123ක් පමණෙකි.

ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ලකුණු 56ක් ද, දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 70ක් ද ලබාගත් රොෂේන් සිල්වා අවසාන තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන දෙක ම හිමිකර ගත්තේ ය.  මෙය රොෂේන් සිල්වාගේ පිට පිට ම සිව්වන අර්ධ ශතකය ද (ශතකයක් ඇතුලුව) වේ.  දැනට ඔහු ඉනිමක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව සියය ඉක්මවා සිටී.

Sri Lankan cricketer Roshen Silva (R) reacts after scoring a half century (50 runs) as Bangladeshi wicketkeeper Liton Das (L) looks on during the second day of the second cricket Test between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla national cricket stadium in Dhaka on February 9, 2018. / AFP PHOTO / Munir UZ ZAMAN

Sri Lankan cricketer Roshen Silva (R) reacts after scoring a half century (50 runs) as Bangladeshi wicketkeeper Liton Das (L) looks on during the second day of the second cricket Test between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla national cricket stadium in Dhaka on February 9, 2018. / AFP PHOTO / Munir UZ ZAMAN

මේ තරගයේ දී තවත් වීරයකු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බිහිවිණි.  ඒ, ප්‍රථම වරට ටෙස්ට් තරගයකට සහභාගිවන අකිල ධනංජයයි.  අකිල ධනංජය බංග්ලාදේශ දෙවන ඉනිමේදී ලකුණු 24ක ට කඩුලු 05ක් දවා, සම්පූර්ණ තරගයේ දී කඩුලු 08ක් දවා, ප්‍රථම වරට ටෙස්ට් තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුගේ හොඳම දක්ෂතාව පෙන්වීය.  රොෂේන් සිල්වා දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 හෝ අංක 6 ස්ථානය ස්ථිර කරගෙන සිටින අතර, ධනංජය ද දඟපන්දු යවන්නෙකුගේ ස්ථානය හිමිකර ගන්නා බවට ඉඟි පහළ කරයි.

රංගන හේරත් බංග්ලාදේශ දෙවන ඉනිමේදී ලකුණු 49ක ට කඩුලු 04ක් දවා, වමත් දඟපන්දු යවන්නෙකු ටෙස්ට් කඩුලු වැඩියෙන් ම ලැබීමේ දක්ෂතාව පෙන්වා තිබේ.  වසීම් අක්රම් (කඩුලු 414) වාර්තාව හේරත් මෙදින බිඳ දැමුවේ කඩුලු 415ක් ලබමිනි.

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයේදී පමණක් නොව ටෙස්ට් තරග දෙකක තරගාවලියේදී ම මුල සිට අවසානය දක්වා ම පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීම ඇතුලු අංශවලින් බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.

අවසාන තරගයේ හා තරගාවලියේ වීරයා වූ රොෂේන් සිල්වා තරගයෙන් පසුව ප්‍රකාශ කළේ, තමාට දිගට ම මෙවැනි දක්ෂතා පෙන්වීමට අවස්ථාව සැලසේවා යි ප්‍රාර්ථනා කරන බව ය.  ශ්‍රී ලංකා ඉනිම දිගටම ගෙනයාමට දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, අකිල ධනංජය ඉනිම අග දී සහය වූ බවත් ඔවුනට ස්තුතිවන්ත වන බවත් රොෂේන් කීය.  ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හිමිවීම වාසියක් වූ බව කී රොෂේන් සිල්වා, මේ තරගාවලිය පුරා තමාගේ සුපුරුදු පිති හරඹයේ නිරත වූ බව ද කීවේ ය.

ශ්‍රී ලංකා නායක, දිනේෂ් චන්දිමාල් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ, පන්දුවට පහරදීමේදී රොෂේන් සිල්වා, කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වාත්, පන්දු යැවීමේදී සුරංග ලක්මාල්, රංගන හේරත් හා අකිල ධනංජයත් දස්කම් දැක්වූ බවත්, සමස්තයක් වශයෙන් සියලු ක්‍රීඩකයන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම මත ජයග්‍රහණය අත් වූ බවත් ය.  ප්‍රථම ටෙස්ට් තරගයේ තණතිල්ල පිතිකරුවන්ට වාසිවන අන්දමටත්, දෙවන ටෙස්ට් තරගයේ තණතිල්ල පිතිකරුවන්ට වාසි නොවන අන්දමටත් සකසා තිබුණත්, තම කණ්ඩායම එයින් ප්‍රයෝජන ගෙන, දස්කම් දැක්වූ බවත් චන්දිමාල් කීය.

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ඕවර 65.3ක දී සියලුදෙනා දැවී ලකුණු 222ක් ලැබීය.  එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් (පන්දු 98යි හතරේ 10යි හයේ 01යි) ද, රොෂේන් සිල්වා ලකුණු 56ක් (පන්දු 124යි හතරේ 03යි හයේ 01යි) ද, දිල්රුවන් පෙරේරා ලකුණු 31ක් (පන්දු 55යි හතරේ 04) ද ලැබූහ.  අබ්දුර් රසාක් ලකුණු 63ක ට කඩුලු 4ක් ද, ටයිජුල් ඉස්ලාම් ලකුණු 83ක ට කඩුලු 04ක් ද දවාලූහ.  බංග්ලාදේශය මුල් ඉනිමේදී ලබාගත්තේ ලකුණු 110කි.  වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් වූයේ ලිටන් දාස් (25) සහ මෙහෙඩි හසන් මිරාන් (38) ය.  ලක්මාල් ලකුණු 25ක ට කඩුලු 03ක් ද, අකිල ධනංජය ලකුණු 20ක ට කඩුලු 03ක් ද, දිල්රුවන් පෙරේරා ලකුණු 32ක ට කඩුලු 02ක් ද දවාලූහ.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාව ලැබූ ලකුණු ප්‍රමාණය 226 (ඕවර 73.5) කි.  එහිදී ධනංජය ද සිල්වා ලකුණු 28ක් (පන්දු 24යි හතරේ 05යි) ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් (පන්දු 54යි හතරේ 03යි) ද, රොෂේන් සිල්වා නොදැවී ලකුණු 70ක් (පන්දු 145යි හතරේ 10යි) ද, සුරංග ලක්මාල් ලකුණු 21ක් (පන්දු 41යි හතරේ 04යි) ද ලැබූහ.  මුස්ටෆි රහ්මන් ලකුණු 49ක ට කඩුලු 03ක් ද, ටයිජුල් ඉස්ලාම් ලකුණු 76ක ට කඩුලු 04ක් ද දවාලූහ.  දෙවන ඉනිමේදී බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 339ක් අවශ්‍ය වුවත්, ඔවුන් ලබාගත්තේ ලකුණු 123කි.  මොනුමුල් හක් ලකුණු 33ක් ද, මුෂ්ෆිකර් රහ්මන් ලකුණු 25ක් ද ලබාගත්හ.  මෙහිදී අකිල ධනංජය ලකුණු 24ක ට කඩුලු 05ක් සහ රංගන හේරත් ලකුණු 49ක ට කඩුලු 04ක් දවාලූහ.

කණ්ඩායම් දෙක අතර 20-20 තරග දෙක මේ මස 15 සහ 18 දිනවල පැවැත්වීමට නියමිතය.

– බන්දුල මොල්ලිගොඩ –