How can Sri Lankan charities find international donors and partners?

ප්‍රථම 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

- srilankacricket.lk

Thanathillen Eha_1

මීර්පූර් හි පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ ප්‍රථම 20-20 තරගයේ දී බංග්ලාදේශය ඕවර 20 ක දී සිය ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 193 (කඩුලු පහකට) හඹාගිය ශ්‍රී ලංකාව තමන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ දී වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා ගොස් (කඩුලු 4ට 194යි) ජයගත්තේ තවත් පන්දු විස්සක් (ඕවර 3.2ක්) ඉතිරිව තිබියදී ඉතාමත් පහසු ආකාරයෙනි.

ලකුණු 194 ජයග්‍රාහී ඉලක්කය කරා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ම පාහේ දැඩි ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කරමින් ලකුණු රැස් කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 11.64ක් ලබාගනිමිනි.

මෙහිදී ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් පන්දු 27ක දී හතරේ 08ක් හයේ 02ක් සමඟ ලකුණු 53ක් ද, ධනුෂ්ක ගුණතිලක පන්දු 15ක දී හතරේ 06ක් සමඟ ලකුණු 30ක් ද ලබා මුල් විකට්ටුවට ඕවර 4.5ක දී ලකුණු 53ක් රැස්කර ඉතා හොඳ ආරම්භයක් ලබාගත්හ.  උපුල් තරංග (04) සහ නිරෝෂන් දික්වැල්ල (11) පමණක් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියත්, දසුන් ශානක හා තිසර පෙරේරා පස්වන කඩුල්ලට පිටිය පුරා හයේ හතර පහර එල්ල කරමින් ඕවර පහකදී (පන්දු 30ක දී) නොදැවී ලකුණු 65ක සබඳතාවක් තබා ගනිමින් ශ්‍රී ලංකාව අනගි ජයග්‍රහණයක් කරා ගෙන ගියහ.

දසුන් ශානක පන්දු 24ක දී හයේ පහර 03ක්, හතරේ පහර 03ක් සමඟ නොදැවී ලකුණු 42ක් ද, තිසර පෙරේරා පන්දු 18ක දී හයේ පහර 03ක්, හතරේ පහර 04ක් සමඟ නොදැවී ලකුණු 39ක් ද ලබාගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.

Sri Lanka cricketer Kusal Mendis (R) plays a shot as the Bangladesh wicketkeeper Mushfiqur Rahim (L) looks on during the first Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 15, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

Sri Lanka cricketer Kusal Mendis (R) plays a shot as the Bangladesh wicketkeeper Mushfiqur Rahim (L) looks on during the first Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 15, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

ශ්‍රී ලංකාව ලකුණු 50 (ඕවර 4.3), ලකුණු 100 (ඕවර 9.5), ලකුණු 150 (ඕවර 14) ලබාගත්තේ සියලු බංග්ලාදේශ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්කරමිනි.  බංග්ලාදේශයේ දී වැඩිපුර ම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් කණ්ඩායමක් ජයගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ.  තරග දෙකකින් සමන්විත 20-20 තරගාවලියේ දැන් ශ්‍රී ලංකාව 1-0කින් ඉදිරියෙන් සිටින අතර, දෙවන තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 18 වැනි දා ය.  ප්‍රථම 20-20 තරගයේ වීරයා ලෙස නම් කැරුණේ කුසල් මෙන්ඩිස් ය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට තීරණය කර, ඕවර 20 අවසානයේ කඩුලු පහකට ලබාගත් ලකුණු 193 අනුව ඔවුන් ඕවරයකට ලබා ඇති සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 9.65කි.  මෙය බංග්ලාදේශය 20-20 තරගයක ඕනෑම කණ්ඩායමක් සමඟ ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.  මීට පෙර ඔවුනගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 190කි.

බංග්ලාදේශය ප්‍රථම ඕවර දහය නිම වනවිට කඩුල්ලකට ලකුණු සියයක් ද, ඊළඟ ඕවර දහයේ දී කඩුලු හතරක් දැවී තවත් ලකුණු 93ක් ද රැස් කළහ.  ඔවුන් ප්‍රථම ඕවරයේ සිට ම ලකුණු සංඛ්‍යාව ඕවරයකට ලකුණු 9-10 පමණ වන සේ රැස් කිරීමට වගබලා ගත්හ  ප්‍රථම කඩුල්ලට සකිර් හොසේන් (10) හා සෞම්‍ය සාකර් (51) ඕවර හතරකදී එක් කළ ලකුණු ප්‍රමාණය 49කි.

මේ අවස්ථාවේ හොසේන් දැවී ගිය අතර, අංක 3 පිතිකරු ලෙස පැමිණි මුෂ්ෆිකර් රහිම්ගේ ඉනිම වටා බංග්ලාදේශයේ ඉතිරි ඕවර 16 ම රැඳී පැවැතිණි.  මුෂ්ෆිකර් රහීම් ඕවර 20වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී ලකුණු 66ක් ලබාගත්තේ පන්දු 44ක දී හතරේ 07ක් සහ හයේ 05ක් සමඟිනි.

මුෂ්ෆිකර් රහිම් දෙවන කඩුල්ලට සෞම්‍ය සාකර් (51) සමඟ ලකුණු 51ක සබඳතාවක් ද, සිව්වන කඩුල්ලට මහමදුල්ලා (පන්දු 31යි හතරේ 02යි හයේ 02යි) සමඟ ලකුණු 73ක සබඳතාවක් ද තබාගත්හ.  ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු කුසල් මෙන්ඩිස් ඕවර 03ක් යවා ලකුණු 21ක ට කඩුලු 02ක් දවාලූවේය.  මේ ඉනිමේදී ශ්‍රී ලංකාව අතිරේක ලකුණු 21ක් ද ලබාදුන් අතර, ඒවා සියල්ලම කඩුල්ලෙන් ඈතට යැවුණු වයිඩ් පන්දු ලෙස සටහන් විණි.

ශ්‍රී ලංකා 20-20 සංචිතයට නම්කර සිටි කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න තරගාවලිය ආරම්භ කිරීමට පෙර ම පුහුණුව ලබද්දී ආබාධ ලබා, ආපසු ශ්‍රී ලංකාවට පැමිණියහ.  කුසල් ජනිත් වෙනුවට එහි යැවුණු කුසල් මෙන්ඩිස් ඔහුට ලැබුණු අවස්ථාවෙන් අර්ධ ශතකයක් ලැබීම විශේෂත්වයකි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc