How can Sri Lankan charities find international donors and partners?

දෙවන 20-20 තරගයත් ජයගත් ශ්‍රී ලංකාව අභිමානවත් ලෙස සංචාරය නිමකරයි

- srilankacricket.lk

Thanathillen Eha_1

බංග්ලාදේශයේ පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන හා අවසාන 20-20 තරගයෙන් ලකුණු 75ක පහසු ජයක් අත්කරගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය ජයගත්තේ 2-0ක් ලෙසිනි.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු හතරකට ලබාගත් ලකුණු 210ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට ඕවර 18.4ක දි සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණෙකි.

මේ ජයග්‍රහණයත් සමඟ මෙවර බංග්ලාදේශ සංචාරයේ සීමිත ඕවර පණහ, ටෙස්ට් හා 20-20 තරගාවලි තුනේ ම ජය අත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ය.  20-20 තරගාවලියේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවට පහරදීම, පන්දු යැවීම, හා පන්දු රැකීම යන අංශ තුනෙන් ම බංග්ලාදේශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටීමට සමත් ව සිටි බව පැහැදිලි ය.  ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය ආරම්භයේ මඳක් දුර්වල තත්ත්වයක් පෙන්නුම් කළත්, තරගාවලිය නිම වනවිට ඔවුන් පසුවූයේ දැඩි ආත්ම විශ්වාසයක, සටන්කාමී ක්‍රීඩා විලාශයක හා ජයග්‍රහණ කරා යාමේ ස්ථිර අරමුණක ය.  මේ තත්ත්වයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වනු ඇත.

Sri Lanka cricketers celebrate after the dismissal of the Bangladesh cricketer Mohammad Mithun during the second Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sylhet International Cricket Stadium in Sylhet on February 18, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

Sri Lanka cricketers celebrate after the dismissal of the Bangladesh cricketer Mohammad Mithun during the second Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sylhet International Cricket Stadium in Sylhet on February 18, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

දෙවන 20-20 තරගයේදී ශ්‍රී ලංකාව ලත් ජයග්‍රහණය 20-20 තරගයක ශ්‍රී ලංකා පිල ලැබූ තෙවැනි විශාලතම ජයග්‍රහණය වේ.  දෙවන 20-20 තරගයේ වීරයා සහ 20-20 තරගාවලියේ වීරයා ලෙස නම් කැරුණේ කුසල් මෙන්ඩිස් ය.  කුසල් ජනිත් පෙරේරා වෙනුවට කණ්ඩායමට එක් වූ කුසල් මෙන්ඩිස්ට දැන් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි ව තිබේ.

ලකුණු 211 ක ඉලක්කයක් කරා යාමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමට මුල සිට ම එය අසීරු ඉලක්කයක් වූයේ මුල් විකට්ටු තුන ම ලකුණු 22ක ට දැවී යාමෙනි.  නායක, මහ්මඩුල්ලා ලකුණු 41ක් ද, ආරම්භක පිතිකරු, ටිමීම් ඉක්බාල් ලකුණු 29ක් ද පමණක් ලකුණු අතරට පැමිණියත්, එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවීය.  මධුශංඛ ලකුණු 23ක ට කඩුලු 02ක් ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 03ක ට කඩුලු 02ක් ද, දසුන් ශානක ලකුණු 05ක ට කඩුලු 01ක් ද, ජීවන් මෙන්ඩිස් ලකුණු 08ක ට කඩුලු 01ක් ද, ඉසුරු උදාන ලකුණු 12ක ට කඩුලු 01ක් ද දවාලූහ.  තරගාවලි තුන ම ජයගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය බෙහෙවින් බලපෑ බවක් දක්නට ලැබිණි.

තරගාවලියෙන් පසුව, දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ, මුලින් තරගාවලිය හොඳින් ආරම්භ නොකළත්, ක්‍රීඩකයන්ගේ කැපවීම මත අවසානයේ සියලු තරගාවලි ජයගත් බව ය.  මේ ජයග්‍රහණ වසර මුලදී ම ලැබීම තම කණ්ඩායමේ ඉදිරි ගමනට බෙහෙවින් බලපානු ඇති බවත් හේ කීය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය, මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමෙන් පසු, ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ ලබාගත් ලකුණු 210ට අනුව, ඕවරයකට සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 10.5ක් වූ අතර, එය ඕනෑම කණ්ඩායමකට ළඟාවීමට අපහසු ඉලක්කයකි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක මුල් විකට්ටුවට ඕවර 11ක දී එක් කළ ලකුණු ප්‍රමාණය 98කි.  මොවුන් දෙදෙනා ම ඕවර නවයක් වනතුරු ම ඕවරයකට ලකුණු දහය වන සේ ප්‍රබල පිති හරඹයක යෙදුණු අතර, ධනුෂ්ක ගුණතිලකගේ පමණක් ඉනිම අග භාගයේ වේගය අඩාල විණි.  මෙන්ඩිස් පන්දු 42ක දී හතරේ 06ක් හා හයේ 03ක් සමඟ ලකුණු 70ක් ද, ධනුෂ්ක ගුණතිලක පන්දු 37ක දී හතරේ 03ක් හා හයේ 02ක් සමඟ ලකුණු 42ක් ද රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර පහකදී ලකුණු 47ක් ද, ඕවර දහයකදී ලකුණු 91ක් ද, ඕවර පහළොවකදී ලකුණු 147ක් ද වාර්තා කළහ.  අවසාන ඕවර පහේදී ලංකා පිතිකරුවන් ලබාගත් ලකුණු ප්‍රමාණය 63කි.

ගුණතිලක මුළු ලකුණු 98 දී දැවී යාමෙන් පසු, කුසල් මෙන්ඩිස් සහ අංක 03 පිතිකරු ලෙස පැමිණි තිසර පෙරේරා දෙවන කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 51කි (පන්දු 27යි).  තිසර පෙරේරා වේගවත් පිති හරඹයක නියැලෙමින් ලකුණු 31ක් රැස් කළේ හතරේ 03ක් හා හයේ 01ක් සමඟිනි.  තිසර මුළු ලකුණු 149 දීත් (ඕවර 15.3) මෙන්ඩිස් මුළු ලකුණු 160 දීත් (ඕවර 16.3) දැවී යනවිට ශ්‍රී ලංකා පිලට තව ඉතිරිව තිබුණේ ඕවර තුනයි පන්දු තුනක් (පන්දු 21ක්) පමණෙකි.

මේ පන්දු 21දී තවත් ලකුණු 50ක් එක් කරගැනීමට උපුල් තරංග (ලකුණු 25යි, හතරේ 04යි, හයේ 01යි), දසුන් ශානක (නොදැවී ලකුණු 30යි, පන්දු 11යි, හතරේ 05යි, හයේ 01යි) අධිවේගයෙන් පන්දුවට පහර එල්ල කළහ.  අවසාන ඕවර 10දී ශ්‍රී ලංකා පිතිකරුවන් එක් කළ ලකුණු ප්‍රමාණය 119කි.

තරගාවලියේ වීරයා, කුසල් මෙන්ඩිස් පැවසුවේ, තමන්ට මේ ලැබුණු අවස්ථාවේදී උපරිම දස්කම් දැක්වීමට ලැබීම සතුටට කරුණක් බවයි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Minister of Education Susil Premajayantha says that 60,000 applications were received for new admissions to National Colleges of Education (NIEs).

- island.lk

Delhi Capitals rode on their captain’s incredible knock of 88 from 43 balls to eke out a narrow four-run victory over Gujarat Titans, despite the best efforts of Sai Sudharsan, David Miller and Rashid Khan to stop the hosts from doing the double over them. Pant’s knock, along with Axar Patel’s essay (66 off 43) […]

- onlanka.com

The importers have stated that a final decision regarding reducing the prices of imported milk powder has yet to be made.The post Imported milk powder price reduction uncertain amidst importers’ disagreement appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

President Ranil Wickremesinghe declared open the super-luxury hotel ITC Ratnadipa Colombo which boasts Sri Lanka s first ever sky bridge AHASA ONE connecting two towers at a height of 100m above the ground.

- adaderana.lk

Conducting and organizing tuition classes and seminars aimed at students scheduled to sit for the upcoming 2023 G.C.E. Ordinary Level (O'L) examination will be prohibited from next week.

- adaderana.lk

The Sri Lanka Electricity Bill , which incorporates the proposed reforms for the electricity sector, was presented to the parliament by Power Energy Minister Kanchana Wijesekera on Thursday (25).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc