පළඟ තරගාවලියේ දී යුද හමුදාව සී.සී.සී. පරාජය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන පළඟ (Plate) සූරතා ක්‍රිකට් තරගාවලියේ සති අන්තයේ පැවැති තරග අතුරින් ශ්‍රී ලංකා යුද හමුදාව කඩුලු දෙකකින් සී.සී.සී කණ්ඩායම පරාජයට පත් කළේය.
සී. සී. සී. මුල් ඉනිමේ දී ලකුණු 333ක් ලබාගත් අතර, යුද හමුදාව මුල් ඉනිමේ දී ලබාගත්තේ ලකුණු 265ක් පමණකි. සී.සී.සී. දෙවනි ඉනිමේ දී ලකුණු 120ක ට දැවී ගිය අතර, ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 189 යුද හමුදාව ලබාගත්තේ කඩුලු 08ක් දැවී යාමෙනි.
මුවර්ස් – බදුරලිය තරගයත්, බ්ලුම්ෆීල්ඩ් – ටැමිල් යූනියන් (ද්‍රවිඩ සමාජය) තරගයත් ජය පරාජයෙන් තොරව කෙළවර විණි.
- යුද හමුදාව කඩුලු දෙකකින් සී. සී. සී. පරාජය කරයි.
යුද හමුදා කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න මුල් ඉනිමේ දී ලකුණු 39ක් සහ දෙවනි ඉනිමේ දී ලකුණු 66ක් ද ලබා පන්දු යැවීමේ දී ඉනිම දෙකේ දී කඩුලු හතක් ද දවාලූවේය. සී. සී. සී. මුල් ඉනිම 333යි. එල්. අබේරත්න 109, කේ. ඩී. මදුරංග 63, පී. ඩබ්ලිව්. ද සිල්වා 35, එම්. ද සිල්වා 31, කේ. ඩී. විමුක්ති 66ට 5, එම්. මධුශංඛ 59ට 2, එස්. ප්‍රසන්න 109ට 2. සී. සී. සී. දෙවනි ඉනිම 120. පී. ඩබ්ලිව්. ද සිල්වා 35, එස්. ප්‍රසන්න 45ට 5, විමුක්ති 17 ට 3, මධුශංඛ 44ට 2. යුද හමුදාව මුල් ඉනිම 265යි. ඩී. ඩී. ද සොයිසා 62, එස්. ප්‍රසන්න 39, කේ. ඩි. විමුක්ති 33, කේ. වයි මෙන්ඩිස් 34, ඩී. ඒ. ගුණරත්න 51. එස්. පතිරණ 76ට 7. යුද හමුදාව දෙවනි ඉනිම කඩුලු 8ට 189යි. එස්. ප්‍රසන්න 63, බී. ඒ. මෙන්ඩිස් 37, ඒ. වී. මධුශාන් නොදැවී 35, එස්. පතිරණ 110ට 4.
- බදුරලිය ක්‍රිකට් පිල හා මූවර්ස් තරගය ජය පරාජය නෑ.
මුවර්ස් මුල් ඉනිම 214. ටී. බදුගේ 53, කේ. ටී. රත්නායක 43, ඩී. ගුණරත්න 63ට 2, ඒ. ඒ. සිල්වා 51ට 4, ඒ. එම්. පෙරේරා 47ට 2. මූවර්ස් දෙවන ඉනිම කඩුලු 5ට 386යි. පී. වඩුගේ 64, එල්. පී. ද සිල්වා 121, ටී. එම්. බදුගේ 79, කේ. පෙරේරා 37, ඒ. සිල්වා 125ට 2. බදුරලිය මුල් ඉනිම 338යි. එම්. අයි. පෙරේරා 97, එන්. එම්. නාවල 95, ජේ. ඒ. චතුරංග 37, එස්. ආනන්ද් 30, එන්. පතිරණ 79ට 4, එච්. පී. සිල්වා 27ට 2. බදුරලිය දෙවන ඉනිම කඩුලු 4ට 121. පී. නිශ්ශංක නොදැවී 67, නාවල 47, එස්. වීරකෝන් 31ට 3.
- බ්ලූම්ෆීල්ඩ් – ටැමිල් යූනියන් තරග ජය පරාජය නෑ.
බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම 323. ආර්. ටී. මෙන්ඩිස් නොදැවී 138, එන් ෆ්‍රැන්සිස්කෝ 48, කේ. පී. කරුණානායක 45, බී. එම්. මෙන්ඩිස් 100ට 6. බීලූම්ෆිල්ට් දෙවනි ඉනිම කඩුලු 8 301යි. ෆ්‍රැන්සිස්කෝ 120, එස්. ප්‍රනාන්දු නොදැවී 103, වී. එම්. මෙන්ඩිස් 123ට 4, ඩී. වික්‍රමනායක 39ට 3. ටැමිල් යූනියන් මුල් ඉනිම 336. බී. ප්‍රනාන්දු 82, එන්. පරණවිතාන 76, ඩී. වික්‍රමනායක 50, එස්. ගිම්හාන් 50, කේ. ද සිල්වා 56ට 5, කේ. ධනුෂ්ක 98ට 3